~

බලුමූණා හා පුත්‍රයාගේ හපන්කම්..! ගමනාගමන මණ්ඩලයේ සභාපති ඉවත්කිරීමේ ඇත්ත කතාව..!

-විශේෂ ලියුම්කරුවෙකු ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.ජන.10, ප.ව.11.30) බන්දුල ගුණවර්ධන හෙවත් ජනතාව නම් පටබැඳි ආකාරයට 'කුල්ලකුජීත බලුමූණා' නමැති ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමතිකාරයාට තමන් යටතේ සේවය කරන ආයතන ප්‍රධානීන් පිළිබඳ ඇත්තේ අමුතුම ආකාරයක තරහකි. මෑතකදී පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන, ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක හා රූපවාහිනී සංස්ථාවේ සභාපති ඩබ්.බී ගනේගල සමග ඇරගත්තේය.

"එහෙනම් බලාගමු"

ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවකට ඉල්ලා අස්වන ලෙස බලුමූණා පැවසීය. ඊට හේතුව වූයේ බන්දුලගේ ගොබ්බ වැඩවලට හා බිස්නස් ඩීල් වලට රණවක බෑ කී නිසාය. කිංස්ලි රණවක කැඳවූ බන්දුල පවසා සිටියේ හංවැල්ල, හෝමාගම, කොළඹ, අවිස්සාවේල්ල ඇතුළු ප්‍රදේශ රැසකට සිසුන් ප්‍රවාහනය කිරීමට අලුතින් බස්රථ යොදවන ලෙසත්,  ඒවායේ තමාගේ පින්තූරයක්ද අලවා එය බන්දුල ගුණවර්ධනගේ සංකල්පයක් ලෙස නම් කරන ලෙසයි. එවිට කිංස්ලි රණවක පිළිතුරු දෙමින් ගමනා ගමන මණ්ඩලයේ සිසු සැරිය යටතේ අවශ්‍ය තරම් බස් රථ ලබාදී තිබෙන බව පැවසීය. පිළිතුරින් කෝප වූ බන්දුල කිංස්ලි රණවකට බැන වදිමින් "සිසු සැරිය කියන්නෙ රාජපක්ෂලාගෙ වැඩක් ඕයි. මට ඕනෙ මම ඡන්දෙ ඉල්ලන කොළඹ දිස්ත්‍රික්කයට මගෙ මූණ දාල බස් දාන්න. බස් නැත්තම් මගෙ පුතා  ලේලන්ඩ් කොම්පැණිය එක්ක කතා කරලා තියෙනවා. මම බස් අරන් දෙන්නම්" යි පැවසී ය. බන්දුලගේ පුතා තවත් ඩීල් එකක් දමා ඇති බව තේරුම් ගත් කිංස්ලි රණවක "ඇමතිතුමා මේක කොහෙත්ම කරන්න බෑ" යි කියද්දී, බන්දුල "එහෙනම් බලාගමු" යි තර්ජනාත්මක ව කී ය.

බන්දුල සියල්ල කරන්නේ මීඩියා වලිනි. තමන්ගේ වංචාවක් හෙළිවූ ගමන් අඬාගෙන මාධ්‍ය වෙත එයි. දැන් කැබිනට් සාකච්ඡාව ද බන්දුලගේ පවුලේ ප්‍රශ්න විසඳන්නට එන තැනකි. අනෙක් අතට තමාගේ කිනම් හෝ වංචාවක් හෙළිදරව් කළ විට දුවන්නේ සී.අයි.ඩී එකට ය. මෙතෙක් බන්දුලගේ පැමිණිලිවලට සිදු වූ දෙයක් නම් නොමැත. කෙලින් කතා කරන්නට බැරි බන්දුල කිංස්ලි රණවකට අස්වෙන්නැ යි කීවේ ද මාධ්‍ය මගිනි. මේ ඒ පිළිබඳ කිංස්ලි රණවක තැබූ ෆේස්බුක් සටහනයි.

ඇමැතිට තියෙන අයිතියම තමයි පාරේ ඉන්න හිඟන්නටත් තියෙන්නෙ..

"දැන් වෙලාව රෑ 11.48 යි. අද හවස ඉඳල breaking news වලට සහ ප්‍රධාන රූපවාහිනී ප්‍රවෘත්ති වලටත් කියල තියනවා මට ඇමතිතුමා කියුව කියල අයින් වෙන්න කියල. මුලින්ම කියන්න ඕන මේ වෙලාව වෙනතුරුත් මටනම් කියල නැහැ කවුරුත්. මාධ්‍යයට කියන්න කලින් මට කියන්න එපැයි. මම නම් මේ වනතෙක් දන්නේ නැහැ. මම පුරවැසියෙක් විදියට මේ වගේ ආයතනයක වැඩ කරනකොට උත්තර දෙන්න බැඳිලා ඉන්නව රටේ මහජනතාවට. මාව අයින් කරන්න තරම් වැරද්දක් මම කරල තියනවනම් මහජනතාවගෙන් සමාව අරගෙන අයින් වෙන්න මම ලැහැස්තියි. හැබැයි මම කරපු වරද ප්‍රසිද්ධියේ කියල මට උත්තර අවස්ථාවක් දීල, සංවාදයකට භාජනය කරලා.

සමහර ඇමතිවරු හිතාගෙන ඉන්නවා අමාත්‍යාංශය පවුලේ බූදලෙන් හම්බවෙච්ච එකක් නිසා ඒ ගොල්ල කියන දේවල් කරන්න අපි බැඳිලා ඉන්නවා කියල. ඒ කාලේ ගියා. අපි උත්තර දෙන්න ඕන මහජනතාවට. ඇමති කෙනෙකුට අමාත්‍යාංශයට තියන අයිතියම තමයි පාරේ ඉන්න හිඟන්නටත් තියෙන්නේ කියන එක ඔවුන් තේරුම්ගත යුතුයි. නැතිනම් අපිට මහජනතාව විදියට තේරුම් කරලා දෙන්න වෙනවා”

'සහන් ගුණවර්ධන' හෙවත් බලුමූණාගේ පුතා..

කොන්ද පණ නැති බන්දුල හෙවත් බලුමූණා කිංස්ලිව ඉවත්කළේ තමන්ගේ පුතණ්ඩියාගේ හා තමාගේ වංචාවන්ට හා බිස්නස් වලට උදව් නොකිරීම හේතුවෙනි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිකම් කරන සමයේ වෙළෙඳ හා පාරිභෝගික ඇමති වූයේ බන්දුල ගුණවර්ධන හෙවත් බලුමූණා ය. ඔහුගේ සියළුම ඩීල් දාන්නේ 'සහන් ගුණවර්ධන' හෙවත් බලුමූණාගේ පුතා ය. මේ ඩීල් දාන්නේ එළිපිට ය. ලංකා සතොසට භාණ්ඩ ලබාදීමට අවශ්‍යනම් ව්‍යාපාරිකයින් කළ යුත්තේ බලුමූණාගේ පුතා හමුවීම ය. බලුමූණාගේ පුතා සහන් කියන ගාණක් කොමිස් දෙන්න කැමතිනම් ලංකා සතොසට භාණ්ඩ සැපයීමට අවසර ලැබේ. රාජ්‍ය වානිජ නීතිගත සංස්ථාවට හා සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවට ද භාණ්ඩ ලබාදීමට හැකිවන්නේ ද බලුමූණාගේ පුතා සහන්ට කොමිස් ලබාදීමට එකඟ වන ව්‍යාපාරිකයින්ට පමණි. සුදුළූණු වංචාවට සම්බන්ධ වූයේ ද බලුමූණාගේ පුතා හා ඔහු වටා සිටින පිරිසක් බව කවුරුත් හොඳින්ම දන්න කරුණකි. මේ බව මුලින්ම අනාවරණය කළේ පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන ය.

සුදු ලූණු වංචාව හෙළිකළ තුෂාන් එළවීම..

සතොස ආයතනයේ සුදුලූනු කිලෝ ග්‍රෑම් 56,000 ක් කුණු කොල්ලයට තොග ව්‍යපාරිකයකුට අලෙවි කිරීමේ වංචාව පිළිබඳව තුෂාන් ගුණවර්ධන හෙළිදරව් කළ කරුණු මෙසේය.

“මට දුරකථන ඇමතුමකින් තොරතුරක් ලැබුණා,  සතොසෙ සුදු ලූණු තොගයක්  පෞද්ගලික වෙළෙන්දෙකුට විකුණලා, දැන් ඒවා යේ පොත්පත් වාර්තා හදනවා කියල. මම ඒ වෙලාවෙම කණ්ඩායමක් එතනට යැව්වා. එයින් අපට වංචාව අතටම අල්ල ගන්න පුළුවන් වුණා. මේ සුදු ලූනු ගෙන්වලා තිබෙන්නේ කිලෝ ග්‍රැම් එක 355 ට. නමුත් මේව විකුණලා තියෙන්නේ පෞද්ගලික අංශයට රුපියල් 135 ගානේ. මුලු ගනුදෙනුව රුපියල් ලක්ෂ 74 යි.

මේ සුදුලූණුවල දැන් මිල රුපියල් 540 යි. මෙහිදී සිදුවන්නේ රුපියල් 135 ට පිටතට යන සුදුලූනු නැවත රුපියල් 450 ට යළි සතොසෙටම එනවා.  මේ සිදුවීමට මේ වනවිට නියෝජ්‍ය සාමාන්‍යාධිකරීවරයෙක් අත් අඩංගුවට අරන් තිබෙනවා. මේ සඳහා ඉහළ පහළ දෙකේම සම්බන්ධතා තිබෙනවා. නැතිනම් වංචාව හසුවෙලා පැයක් යන්න කලින් කිසිම පරීක්ෂණයක් නැතිව කොහොමද කියන්නෙ මේකට ඉහල කළමනාකරීත්වයෙන්  කිසිම සම්බන්ධයක් නෑ කියල.

කොහොම වුණත් සිදුවීමෙන් පසුව මට විවිධ බලෑම් එල්ල වනවා. ජීවිතයට තර්ජනයක් වෙයි මේ තනතුර අතඅරින්න කියල කියනවා. කිසිම දේශපාලකයෙක් සෘජුව බලපෑම් කරන්නේ නෑ. නමුත් වෙනත් මාර්ගවලින් මට අස්වෙන්න කියල පණිවිඩ එනවා."

මෙසේ තුෂාන්ට ඉල්ලා අස්වන ලෙස පණිවුඩ එව්වේ වෙන කවුරුත් නොව බලුමූණා ය. එවකට හිටපු ජනාධිපති ලොන්ත ගෝඨාභයට හඬා වැටෙමින් පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන ඉවත් කර දෙන ලෙස ඉල්ලා සිටියේ ය.

අධෝමුඛය දෙදරා වේගයෙන් අධෝවාතයක් පිටවුණත් බලුමූණා කරන්නේ සී.අයි.ඩී එකට පැමිණිලි කිරීම ය. ඉන්පසු කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී බලුමූණා උගේම ඇඟේ සුදුහුණු තවරා ගැනීම සිදු කරයි. බලුමූණා සුදුලූණු වංචාව ගැන කළේ ද මෙයයි. ඉන් නොනැවතුණු ඔහු කළේ සුදුලූණු වං චාව හෙලිකළ මාධ්‍ය ආයතන වල ඉහල නිලධාරීන් හා පුවත්පත් වල කතෘවරුන් සී.අයී.ඩී එකට කැඳවීමට කටයුතු කිරීමයි. මෙයින් කිපුණු මාධ්‍ය ආයතන බන්දුලගේ රෙද්දේ අශූචි පිටවන තරමටම ගහන්න යද්දී යළිත් මේකා කළේ මාධ්‍ය ආයතන වලට වැඳ වැටී එම පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමයි. වලිගය දෙක දෙපරහැන්ද අස්සේ ගහගත් බලුමූණා සුදුලූණු වංචාවෙන් තමා සහ තම පුතණ්ඩියා ඇතුළු පිරිස බේරාගත්තේ ගෝඨාභයට වැඳ වැටීමෙනි. අදටත් සුදුලූණු වංචාව ගැන කිසිදු වග විභාගයක් නැත.

"ඇයි තමුන්ගෙ පුතා ජෝතිපාල ද?"

පහුගිය දෙසැම්බර් 31 සංචාරක අමාත්‍යංශය විසින් ගාළුමුවදොර සංවිධානය කළ සංගීත ප්‍රසංගය විකාශනය කිරීම සිදුකරන ලද්දේ ජාතික රූපවාහිනිය විසිනි. විශාල ජන සහභාගීත්වයකින් පැවැති ඒ ප්‍රසංගය සාර්ථක ලෙස නිම කිරීමට සංවිධායකයන්ට හැකියාව ලැබුනි.

නමුත් මෙම ප්‍රසංගයෙන් පසුව  ජනමාධ්‍ය, මහාමාර්ග, ප්‍රවාහන කැබිනට් අමාත්‍ය බන්දුල ගුණවර්ධන හෙවත් බලුමූණා හා රූපවාහිනී සභාපති ඩබ්.බී ගනේගල අතර යම් වචන හුවමාරුවක් සිදුව තිබිණ.

එයට හේතු වී ඇත්තේ ප්‍රසංගයේදී බන්දුල ගුණවර්ධනගේ පුතා හට සිංදුවක් කීමට අවස්ථාව ලබා නොදීමයි. කලින් බන්දුලගේ පුතාගේ නම ලයිස්තුවේ තිබුණත් පසුව නම කපාහැර තිබිණි.

මෙහිදී බලුමූණා රූපවාහිනී සභාපතිට 'කරන්න බැරිනම් යනවා ඕයි යන්න' කියා බැන වැදී ඇති අතර රූපවාහිනී සභාපතිවරයාද "ඇයි තමුන්ගෙ පුතා ජෝතිපාල ද?" යන්න බලුමූණාගෙන් අසා ඇත.

මග නැගුමේ ගෝලයන් එළවීම..

පසුගියදා මගනැගුමෙන් ද  බලුමූණාගේ සභාපති හා විධායක අධ්‍යක්ෂක යන  ගෝලයින් දෙදෙනා සේවකයන් විසින් පන්නා දමා තිබිණි. එසේ පන්නා දමා තිබුණේ ඔවුන් එහි සේවකයින්ට විශාල වශයෙන් අඩන්තේට්ටම් සිදුකිරීම ඉවසාගත නොහැකි වීමෙනි. සේවකයින්ට වන අගතිය ගැන නොසිතා කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී තමන්ටම සුදු හුණු ගෑමට ගියත් බලුමූණාගේ කතාව කවුරුත් ගණන් ගත්තේ නැත.

ඇත්තටම කීවොත් බන්දුල යනු නොම්මර එකේ වංචාකාරයෙකි. නමුන් සිල් ගත් චරිතයක් බව සමාජයට පෙන්නා සිටින අමුම අමු පෙරේතයෙකි. මැයි නව වැනිදා ප්‍රහාරයෙන් පසු බන්දුල ගුණවර්ධන පොහොට්ටුවෙන් හා ඇමතිකම් වලින් ඉල්ලා අස්වූ බව පැවසීය. නමුත් තාමත් ඔහු ඇමතිය. හම්බ කරගන්න ඉඩ නොලැබෙන විට හා පවුලට උදව් නොකිරීම නිසා සභාපතිලා සහ නිලධාරින් ඉවත් කරන්නට අමාත්‍යාංශය ඇමතිගේ බූදලයක් හෝ බයිට් එකක් නොවන බව බලුමූණාට මතක් කර දිය යුතුය. තවත් කියන්නට බොහෝ දේ ඇත.

බලුමූණෝ පරිස්සමින්..!

විශේෂ ලියුම්කරුවෙකු විසිනි

---------------------------
by     (2023-01-10 18:30:58)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links