(ලංකා ඊ නිව්ස් -2023.ජන.10, ප.ව.9.00) කැබිනට් තීන්දුවක් යැයි කියමින් පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඇප මුදල් බාර නොගන්නැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න විසින් අද දහවල් සියළුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යවන ලද නීති විරෝධී නියෝගය බල්ලාට දමමින් මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක විසින් අද සවසම සියළුම දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් වන දිස්ත්‍රික් ලේකම්ලා වෙත ලිපියක් යවමින් නියමිත පරිදි ඇප මුදල් බාර ගැනීම එකී නිලධාරීන්ගේ වගකීම බව අවධාරණය කර තිබේ.
මැතිවරණ කොමසාරිස් ජෙනරාල්ගේ ලිපිය මගින් කැබිනට් මණ්ඩලයේ නීති විරෝධී තීන්දුවත් ඒ අනුව පරිපාලන ලේකම් යවන ලද නීති විරෝධී ලිපියත් දෙකම කුණු කූඩයට දමා තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුර පියවර ගනිමින් හෙට උදේ දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගේ රැස්වීමක් කැඳවා ඇත.
මැතිවරණය කල් දැමීමට කැබිනට් මණ්ඩලය ගනු ලැබූ නීති විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී තීන්දුවට එරෙහිව ප්‍රධාන විපක්ෂය වන සජබ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක දෙදෙනාම වීදි සටන් අරඹන බවට ප්‍රතිඥා දුන්හ.
මැතිවරණ කොමසාරිස් ජෙනරාල් අද සවස තේරීම් බාර නිලධාරීන් වෙත යැවූ ලිපිය පහත දැක්වේ.
---------------------------
by (2023-01-10 16:30:27)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි