-LeN ආරක්ෂක වාර්තාකරු
(ලංකා ඊ නිව්ස් -2023.ජන.08, ප.ව.11.00) මොනරාගල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් ගංජා කිලෝ 20 ක් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද(08) රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබේ.
STF නිලධාරීන්ට ලැබුණු ඔත්තුවක් අනුව මෙම වැටලීම සිදුකිරීමට පිරිස ගොස් ඇත්තේ බුත්තල එස්ටීඑෆ් කඳවුරේ සිට ය. ඔත්තුව කිරි ගහට ඇන්නා සේ එස්එස්පී සිසිල කුමාර හේරත් බඩුත් සමග අත් අඩංගුවට පත් වී තිබේ.
නමුත් සිසිල කුමාර හේරත් යනු කුප්‍රකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අංක එකේ ගජයෙකු බැවින් දේශබන්දු විසින් එස්ටීඑෆ් කොමඩාන් වරුණ ජයසුන්දරට බලපෑම් කරමින් සිද්ධිය යටපත් කිරීමට දැඩි වෑයමක් ගනිමින් සිටී. මේ සිද්ධිය ලංකා ඊ නිව්ස් විසින් වාර්තා නොකළහොත් බොහෝ විට හෙට පාන්දර වන විට සිද්ධිය මුළුමනින්ම යටපත් කිරීමේ සම්භාවිතාවක් ද තිබේ.
කැබිතිගොල්ලෑව උපන්ගම වූ එස්එස්පී සිසිල කුමාර හේරත් නමැත්තා ආර්එස්අයි කෙනෙකු ලෙස පොලිසියට සම්බන්ධ වී ඇත්තේ රාජපක්ෂ හිතවතෙකු ලෙස ය. එතැන් පටන් සියළු උසස් වීම් ඔහු ලබාගෙන ඇත්තේ රාජපක්ෂලාට සට්ටැඹිකම් කිරීමේ ආනිශංස ලෙස ය. ඔහු කලක් විමල් වීරවංශගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස ද රාජකාරි කර ඇත.
පසුගිය පාස්කු ප්‍රහාරය අවස්ථාවේ දී මීගමුව බාර පොලිස් අධිකාරීවරයා ලෙස රාජකාරි කළ සිසිල කුමාර හේරත් පාස්කු ප්‍රහාරයේ දී රාජකාරිය පැහැර හැර ඇති නිලධාරියෙකු ලෙස ගෝඨාභය පත් කළ ජනාධිපති කොමිසම විසින් නිර්දේශ කර තිබිණ. ඉන්පසුව පසුගිය 2021 අගෝස්තු 19 දා දේශබන්දු ද සමග අස්ගිරි පාර්ශවයේ නායක හිමි හමු වී පාස්කු ප්‍රහාරය නිසා සිංහල බෞද්ධ පොලිස් නිලධාරීන්ගෙන් පළිගන්නවා යැයි ආඩපාලි කීමට ගිය පොලිස් නිලධාරීන් අතරින් සිසිල කුමාර හේරත් මාධ්‍යයට ද ප්‍රකාශයක් කරමින් ඔහු නීතිගරුක 'බුද්ධ පූජාවක්' වැනි පොලිස් නිලධාරියෙකු ලෙස කියා සිටියේ ය.
දැන් ඒ 'බුද්ධ පූජාව' ගංජා කිලෝ 20 ක් සමග එස්ටීඑෆ් එකටම අතේ මාට්ටු වී තිබේ.
---------------------------
by (2023-01-08 18:13:26)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි