-LeN අභ්‍යන්තර තොරතුරු සේවයේ වාර්තාකරුවෙකු හෙළිකරයි
(ලංකා ඊ නිව්ස් -2022.දෙසැ.23, පෙ.ව.5.45) යුද්දයට බයේ මොළේ අමාරුවක් කියා හමුදාවෙන් අස්වී පිටරටකට පලා ගිය යුද හමුදා කර්නල්කාරයෙක් 'විරුවෙක්' යයි කියා රටේ සිටි 69 ලක්ෂයක් වූ ගව පට්ටියක් විසින් රටේ ජනාධිපති කරවීමෙන් අනතුරුව වසර දෙකක් යෑමටත් පෙර 'විරුවා' රටම බංකොලොත් කෙරුවා පමණක් නොව කලක් ලොව කීර්තිමත් යුද හමුදාවක් වූ ශ්‍රී ලංකාවේ යුද හමුදාව ද ඇද දමා ඇත්තේ නරා වළකට ය.
විරුවාගේ හමුදාපති හරි හමන් රටකට ඇතුළුවීම තහනම් කළ යුද අපරාධකාරයෙක් විය. අතේ ගල් කැටයක් නැතිව නිදහසේ සිටි තරුණ තරුණියන්ට රටේ හමුදාව මහ රෑ කඩා වැදී පොලු මුගුරු රැගෙන මහ රෑ පහර දෙන මැර කල්ලියක් ලෙස ලොව පුරා හංවඩු ගැසිණ. ඒ අතරේ සෙබල සෙබලියන්ට මෙතුවක් කාලයක් යුද හමුදාවෙන් නොමිලේ ලබා දුන් නිල ඇඳුමවත් බූට් දෙකවත් ලබා නොදී ඒවා උන්ගේ අතේ සල්ලි වලින් මිල දී ගැනීමට සිදු විය. දැන් අඩුම ගණනේ සෙබල සෙබලියන්ගේ කෑම පතට මස් කෑල්ලක්, මාළු කෑල්ලක් කන්නට දී ගත නොහී උන්ට බීට්රූට් සහ පරිප්පු සමග බත් කන්නට දෙන තැනට ඇද වැටී ඇත. වෙරළාසන්න කඳවුරු වල සිටින සෙබළු තම බත් පතට මාළු කෑල්ලක් සපයා ගැනීමට බෝට්ටු අරන් මහ රෑ මාළු අල්ලන්නට යති. රට මැද කඳවුරු වල සිටින සෙබළුන් තම බත් පතට මස් කෑල්ලක් සපයා ගැනීමට මහ රෑ මුවන්, වල් ඌරන් දඩයමේ යති. පුදුමය නම් බංකොලොත් රටේ අය වැයෙන් වැඩිම මුදල වෙන් කරන්නේ ද මේ ආරක්ෂක අංශ වෙත වී නමුත් පහල සෙබලා කබලෙන් ලිපට වැටී සිටීමයි. ඒ අතරේ හමුදාවේ සිටින දූෂිත ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු සෙබලුන්ගේ බත් පතෙන්ද හොරා කති. උන් අතේ මාට්ටු වුනද ලැබෙන දඬුවමක් නැත.
හමුදාව තුල පවතින මේ දූෂිත අසාධාරණ තත්ත්වයට සැපයෙන තවත් උදාහරණයක් මේ පුවත මගින් හෙළිකරන්නට සිදුවීම කණගාටුදායක ය.
යුද හමුදාවේ සුබ සාධක අධ්‍යක්ෂ මණ්ඩලයක්ම සිටී. ඔවුන් සිටින්නේ හමුදාවේ සියළු දෙනාගේම සුබ සාධනයට මිස ඉහල තනතුරු දරණ පිරිසකගේ පමණක් සුබ සාධනයට නොවේ. නමුත් මේ සුබ සාධක අධ්‍යක්ෂ මණ්ඩලය 2023 වසර සඳහා තෑගි කට්ටල පිරිනමන්නේ මේජර් ජෙනරාල්ලාගේ සිට මේජර්ලා කිහිප දෙනෙකු දක්වා ඉහල නිලධාරීන් සොච්චමකට මිස සෙබලුන් තබා අඩුම ගණනේ කැප්ටන්ලා ලුතිනන්ලා දෙවන ලුතිනන්ලාට වත් මොන මළ දානයක් වත් නැත.
මෙහි දැක්වෙන්නේ යුද හමුදාවේ සුබ සාධක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් හමුදා අභ්‍යයන්තරයට යැවූ තවත් 'Restricted' ලේඛනයක පිටපතකි. එහි දැක්වෙන්නේ 2023 වසර වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත තෑගි භාණ්ඩ ලබා දීමේ ලේඛනයයි. 170,000 ක් පමණ වන යුද හමුදාවේ සෙබල සෙබලියන් නිලධාරීන් ඇතුළු පිරිසෙන් යුද හමුදාවේ සුබ සාධක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙහිදී සුබ සාධනය සපයන්නේ මෙම ලේඛනයේ සඳහන් ඉහලම ඇවරියේ 1816 කට පමණි. මෙයින් කවරාකාරයේ සාධාරණයක් හෝ සදාචාරයක් හෝ මොරාල් නැංවීමක් සිදුවන්නේ නැත. මෙය තවත් දූෂිත නිලධාරීන් කිහිප දෙනෙකුගේ බඩ වඩා ගැනීමක් පමණි.
අදාල නාම ලේඛනයේ මුල් පිටුවේ සහ අග පිටුවේ ඉමේජ දෙකක් මෙහි ඇති අතර කිසිවෙකුට හෝ සම්පූර්ණ විස්තරාත්මක නාම ලේඛනය අවශ්‍ය නම් [email protected] නම් ලංකා ඊ නිව්ස් හි නිල ඊමේලයට ඉල්ලුම් කිරීමෙන් ලබා ගත හැකිය.
---------------------------
by (2022-12-23 00:21:03)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි