-සේවකයෝ ජනාධිපතිට ලියති
(ලංකා ඊ නිව්ස් -2022.දෙසැ.20, ප.ව.11.30) මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස දැනට සේවය කරන එල්.වී.එස්.වීරකෝන් නමැති දූෂිතයාගේ දූෂණ පිළිබඳ හෙළිකරමින් ඔහුට එරෙහිව ක්‍රියා කරන්නැයි අධිකාරියේ සේවක පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා යවන ලද ලිපියක පිටපතක් ලංකා ඊ නිව්ස් වෙතද ලැබී තිබේ. මේ දූෂිතයන් විනාශ කරන්නේ මහජන මුදල් ය. එබැවින් එවැනි දූෂිතයන් පිලිබඳ මහජනතාව දැනුවත් විය යුතු බැවින් ලංකා ඊ නිව්ස් එම ලිපිය සම්පූර්ණයෙන් පළකරමු.
අතිගරු ජනාධිපතිතුමා
ජනාධිපති කාර්යාලය,
කොටුව.
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස දැනට සේවය කරන එල්.වී.එස්.වීරකෝන් නැමති අය සිදු කළ දූෂණ හා අක්‍රමිකතා මගින් රජයට හා මාර්ග සංවර්ධන අධිකාරියට සිදු වූ අලාභය රුපියල් කෝටි ගණනකි. ඔහු මෙම තනතුර දැරීමට පෙර මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘති 3 හා 4 හි ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ලෙස ද මෙවැනිම දූෂණ රාශියක් සිදු කළ පුද්ගලයෙකි. මෙවැනි දූෂිත නිලධාරියෙකු වූ එල්.වී.එස්.වීරකෝන් 2023.03.05 විශ්‍රාම යාමට නියමිත අතර ඊට පෙර ඔහු විසින් සිදු කල දූෂිත ක්‍රියාවන්ට අනිවාර්යෙන්ම දඬුවම් ලැබිය යුතුය. ඔහු සිදු කළ දූෂිත ක්‍රියාවන් අතර,
1. ඔහුට අයත් නුවර ගන්නොරුවේ පිහිටි Design Consultants and Project Management (pvt) ltd නම් ආයතනයක් නමින් කි.මී.ලක්ෂයේ වැඩසටහන යටතේ සියළුම Design හා Surveyors (මිනුම් කටයුතු සහ සැලසුම් ) ටෙන්ඩරය ගෙන එහි කටයුතු බාගෙට සිදු කර ඒ සඳහා රුපියල් මිලියන ගණනක මුදල් ගෙන දූෂණයක් කර ඇත. රාජ්‍ය සේවකයෙකුට ටෙන්ඩර් ගැනීමට නොහැක. මෙය කිලෝමීටර් ලක්ෂයේ ව්‍යාපෘති කාර්යාලයෙන් තහවුරු කර ගත හැකිය.
2. මධ්‍යම අධිවේගී මාර්ග (පොතුහැර - ගලගෙදර කොටසේ) CEP III ශක්‍යතා අධ්‍යනය කිරීමට ඔස්ට්‍රේලියාවේ SMEC උපදේශක සමාගමට විචල්‍යතා නියෝගයක් ලබා දී ඒ සඳහා කිසිම අනුමැතියක් ලබා නොගෙන රුපියල් මිලියන 100 ක මුදලක් එහි ගණකාධිකාරි කමල් මහතා බිය වද්දා ගෙවා ඇත. එම මුදලින් කොටසක් වීරකෝන් ට ලැබී ඇත. එවකට මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘති 3 අදියරේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වූයේ එල්.වී.එස්. වීරකෝන් ය. මෙය CEP III ව්‍යාපෘති කාර්යාලයෙන් තහවුරු කර ගත හැකි ය.
3. CEP III කැබිනට් අනුමත කොන්ත්‍රාත් කරුවන් වන MAGA, KDA වීරසිංහ, NEM, ICC, Acess සමාගම් වල Designs සඳහා ගෙවීමට කොන්ත්‍රාත් ගිවිසුම අනුව සිදුවේ. මෙම Design, වීරකෝන් ගේ සමාගම මගින් සිදු කිරීමට බල කර එම මුදල් ලබා ගනී. ඔහුගේ සමාගමෙන් පිට වෙනත් සමාගමකින් සිදු කිරීමට ඉඩ නොදේ. මොහු එම ව්‍යාපෘති ආරම්භ කරන අවස්ථාවේ එහි ව්‍යාපෘති අධ්‍යක්ෂක හා දැනට මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වරයා නිසා එම සමාගම එම බිය ගැන්වීමට පිටින් වැඩ නොකරයි.
4. ඔහුගේ මෙම සමාගම ලියාපදිංචි කර ඇතත් එම කටයුතු සිදු කරනු ලබන්නේ සෙත්සිරිපායේ පලමු මහලේ පිහිටුවා ඇති මාර්ග සංවර්ධන අධිකාරියේ සැලසුම් කාර්යාලයෙනි. මීට අමතරව නුවර ගන්නොරුවේ ද මාර්ග සංවර්ධන අධිකාරිය මගින් නඩත්තු වන සැලසුම් කාර්යාලයක් ඇත. මෙම කාර්යාල දෙකම නඩත්තු කරනු ලබන්නේ CEP III ව්‍යාපෘතිය මගිනි. මෙයද CEP III ව්‍යාපෘති කාර්යාලයෙන් තහවුරු කර ගත හැකි ය.
5. මීට අමතරව බදුල්ල චෙන්කලාඩි ව්‍යාපෘතියේ ද Design සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ සැලසුම් කාර්යාල මගින් සැලසුම් සිදු කර ඒවා ඔහුගේ සැලසුම් බව පෙන්වා මුදල් ලබා ගෙන ඇත. මෙය බදුල්ල චෙන්කලාඩි ව්‍යාපෘතියෙන් තහවුරු කර ගත හැකි ය.
6. ඔහුගේ අනියම් බිරිද වන කෞෂල්‍යා නැමති අයට CEP III ව්‍යාපෘතියෙන් කොන්ත්‍රාත්කරු හරහා ලබා ගත් නිවසක් හා වාහන 2 ක් ලබා දී තිබුනි. CEP III ව්‍යාපෘතියට පසුව පැමිණි ව්‍යාපෘති අධ්‍යක්ෂක විසින් එම පහසුකම් අත්හිටුවන ලදී.
7. සෑම රාජ්‍ය සේවකයෙකුටම නීති පද්ධතියක් හා සීමාවක් ඇත. ආයතන ප්‍රධානියෙක් වූ වීට මෙය දැඩිව බලපායි. මෙම අධ්‍යක්ෂ ජනරාල් වරයා එහි සේවය කරන කෞෂල්‍යා නමැත්තිය සමග ප්‍රසිද්ධියේ අනඟ රැඟුම් රඟන බව ප්‍රසිද්ධ කාරණයකි. කෞෂල්‍යා ට උවමනා පරිදි මුළු මාර්ග සංවර්ධන අධිකාරියම පාලනය කරයි. මෙවැනි විනය විරෝධි නිලධාරියෙක් තවදුරටත් රාජ්‍ය සේවයේ තබා ගැනීම සුදුසු ද?
මේ එල්.වී.එස්.වීරකෝන් නැමති දූෂිත අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සිදු කළ දූෂිත ක්‍රියාවන්ගෙන් අතලොස්සක් පමණි. මේ පිළිබඳව නිසි පරීක්ෂණයක් සිදු කර මෙම දූෂිතයාට දඬුවම් ලබා දෙනතුරු අපි බලා සිටිමු.
---------------------------
by (2022-12-20 21:06:51)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි