~

පේරාදෙණියට ගිනි තැබීම..!

-මාතලේ කොල්ලා ලියයි

(ලංකා ඊ නිව්ස් -2022.දෙසැ.16, ප.ව.10.55) රනිල් රාජපක්ෂට මෙන්ම දෙරණ සහ හිරු නලිකාවනට සරසවි සිසුන් වහ කදුරුය. ඔවුන් කිපීමට විශාල හේතු ඇත. ගෝටා පැන්නීමට පෙරමුණ ගත් සරසවි සිසුන් ඉතිරි තක්කඩියන් දෙසට යොමුවනවිට ඔවුන් ගොඩ දැමීමට කප්පරක් බොරු කී මොවුන්හට ගැහෙන උණ ගැනීම පුදුමයට කරුණක් නොවේ. ඒක පාක්ෂිකව  විකෘති කරන ලද තොරතුරු සමාජ ගතකිරීමට කප් ගසා ඇති මොවුන්, දැන් තවත් කුපාඩි වැඩකට අත ගසා ඇත. එබැවින් මේ ගැන යමක් නොකියාම බැරි තැනකට ඔවුන් අප යොමු කර ඇත.

නාටකයේ නළුවන් දෙපොල..

ඔවුන් අමුතුම නාටකයක් අත්හදා බලමින් සිටී. එහි ප්‍රධාන නළුවන් දෙපොලකි.  

එක් අයෙක් සියලු ශාන්තුවරයන්ට ද වඩා සුදු යයි පවසන පේරාදෙණිය සරසවියේ කලින් සිටි, නමුත් දෙවන වර ඉල්ලා ගෙදර ගිය උපකුලපති ශ්‍රීමතාණන්ය. අනෙකා ඉතා අහිංසකයෙකු යයි හඟවන ඔහුගේ විශේෂිත ගති ගුණ ඇති පුතනුවන්ය. මොවුන් නිසා සරසවිය තුල ඇතිවුන සිද්ධියක් නාට්‍යානුසාරයෙන් සරසවි ශිෂ්‍ය පරපුරටම අපහාස වන අයුරු මෙම නාලිකා ගෙන හැර පෑම අතිශයෙන්ම කුපාඩි ක්‍රියාවකි.

තතු දත් අයගෙන් ලැබෙන තොරතුරු වලට අනුව මෙම සිද්ධිය පිටස්තරයෙකු සරසවියට ඇතුළු වී කළ නොහොබිනා උද්දච්ච ක්‍රියාවක් නිසාවෙන් ඇති වූ  ක්‍රියාවකට ශිෂ්‍යයන් දැක්වූ ප්‍රතිචාරයකි. එසේ වුවද කිසිවෙකු නීතිය අතට ගැනීම සිදුනොකළ යුත්තකි. එය කොහෙත්ම අනුමත කළ නොහැකි ක්‍රියාවකි.

නාලිකා නලියන අතර බළලා මල්ලෙන් එලියට පැන ඇත.

කප්පම්කාර වෘෂභ රාජයා..

කප්පම් ගෙන උසාවියෙන් වැරදිකරු වූ වෘෂභ රාජයා, දියවන්නාවට පැන සරසවි සිසුන්ගේ විනය ගැන මහා දේශනාවක් රනිල්ගෙන් ලකුණු දමාගැනීම උදෙසාම පවත්වනු අපි දුටුවෙමු. ගුරුවරියක් ලෙස සැලකෙන තම මෑණියන්ගෙන් හෝ අබමල් රේණුවක් තරම්වත් විනයක්  නූගත් මොහු මෙසේ තප්පුලෑම ගැලපෙන්නේ රනිල්ට ම පමණ ය.

හඟුරන්කෙත චෞරයා..

අලුත්ම බළලා කට වාචාලයෙකු වී උසාවියෙන් වැරදි කරු වී හිරේ ලැග්ග හඟුරන්කෙත තවත් නමගිය හොරෙකි. මොහුට උණ ගැනීම ද පුදුමයක් නොවේ. මෙම හිටපු උපකුලපතිවරයා දේශපාලන ගැත්තෙකු මෙන්ම වංචා කාරයෙකු බවට ඔටුනු පැළැන්දුවේ මොහු උසස් අධ්‍යාපනයට වින කරන කාලයේ ය.  

ගැතිකම් කිරීමට ගොස් මේ උපකුලපති තරම් පේරාදෙණිය සරසවියෙහි අභිමානය බිම දැමු වෙනත් කිසිදු උපකුලපතිවරයෙක් නොමැත. සැකයක් තිබේ නම් හිටපු උසස් අධ්‍යාපන ඇමතිවරයා වූ හඟුරන්කෙත චෞරයාගේ උසස් අධ්‍යාපනය පෙරට දමා කළ රූපවාහිනී දේශපාලන වැඩ සටහනකට ගොස් අපතයෙකු වී සරසවියෙහි අභිමානය බිමටම දැමු අයුරු YouTube හි ඔබට තවමත් දැකගත හැකිය. උගතෙකු වූ නමුත් මේ උපකුලපති මෙවන් පුද්ගලයෙකු වීම ගැන කම්පාවන්නන් ද බොහොමයකි.

වන්දි බට්ටාගේ පොර ටෝක්..

එවන් වන්දි බට්ටෙකු සරසවි සිසුන්ගේ දේශපාලන දිශානතිය ගැන පොර ටෝක් දීම තමුන්ගේ වැරැද්ද වසා ගැනීමට කරන නිෂ්ඵල උත්සාහයක් බව අපට නම් පැහැදිලිය. කාගේ හෝ දරුවෙකුගේ අඩුපාඩු කීම අපට අවශ්‍ය නැත. එහෙත් එම හැසිරීම් පොදු සමාජයට බලපාන්නේ නම්  ඒ ගැන පෙන්වා දිය යුතුය. බීමත් කම නිසා හා නූගත්කම නිසා උපකුලපති පුත්‍රයා පැටලුණු ගැටළු ගැන පේරාදෙණිය පොලිසිය, තානායමෙහි පාලකයින් මෙන්ම පුවත් වාර්තා කරනන් හොඳින්ම දනිති. එයද අභාග්‍යයකි. විශ්‍රාම යාමට සිටි පියා ද මෙයට පැටලීම දෛවයේ තවත්  සරදමකි.

ගිනි පුරුකක් දුටුවිට එය ගිනි ගොඩක් කොට දේශපාලන වාසි ලබා ගැනීමට අපේ දේශපාලකයින් සට කපට ය. මේ එයට කදිම උදාහරණයකි.  චෞරයින් දෙදෙනාම කරන්නේ එම සුපුරුදු කාර්යයයි

කාගේත් කිල්ලෝටවල හුණු ඇති බැවින්, කවුරු හෝ මැදිහත් කරුවෙකු මේ ගිනි ගොඩ නිවා සිසුන්ගේ අනාගතය තහවුරු කරන්නේ නම් මැනවි යයි අපට නම් සිතේ. එසේ නොකරන්නේ නම් අප සැම තක්කඩි දේශපාලකයන්ගේ තවත් උගුලකට අහු වී කුලල් කා මහා ඛෙදවාචකයකට යොමු වන බව නම් අපට ටක්කෙටම කිව හැකිය    

-මාතලේ කොල්ලා

---------------------------
by     (2022-12-16 17:46:47)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links