(ලංකා ඊ නිව්ස් -2022.දෙසැ.08, ප.ව.9.45) රට බංකොලොත් වෙද්දී නියත වශයෙන්ම බලයෙන් විසි වී යෑමට නියමිත දේසපාලුවන් සියළු දෙනා ලහි ලහියේ හිටු කියා ගසා කද්දී පිල් මාරු කළ මනුෂ නානායක්කාර නම් හීපාටුවා ද 'අම්මට සිරි' ගසා කෑමකට සූදානම් වන පුවතක් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.
පසුගියදා ඕමානයේ දී හෙළිදරව් වූ ලාංකික තරුණියන් ගිල ගත් මහා මිනිස් ජාවාරම දඩ මීමා කරගෙන ජනතාව දැනුවත් කරන මුවාවෙන් මාධ්‍ය මෙහෙයුමක් උදෙසා මනුෂ යටතේ ඇති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් රුපියල් කෝටි 1000 ක ටෙන්ඩරයක් කැඳවා ඇත.
මෙම ටෙන්ඩරය හිටපු ඇමති මනුෂ නානාප්‍රකාර ට සම්බන්ධ කෝට්ටේ පිහිටි 'සැර අයිඩියා ප්‍රයිවේට් ලිමිටඩ්' නමැති දැන්වීම් ආයතනයකට ලබාදීමට සියල්ල සැලසුම් කර බොරුවට ටෙන්ඩරයක් කැඳවා තිබේ.
මෙම ටෙන්ඩරය 'සැර ආයතනයට' ලබා දීම සඳහා අත්සන් තැබීම ප්‍රතික්ෂේප කළ කාර්යාංශයේ එක් නිලධාරිනියකට මනුෂ ගේ නියමයෙන් අභ්‍යන්තර මාරුවීමක් ලබා දුන් අතර අලුතින් පුටුවට ආ නිලධාරියා ද ඊට අදි මදි කරන බව වාර්තා වේ.
ඊට පිළියමක් ලෙස අමනුෂ්‍ය හීපාටුවා කර ඇත්තේ එම නිලධාරීන් ගේ වැඩ අකාර්යක්ෂම බව පවසන ලිපියක් ඔවුන් වෙත යැවීමයි. එමගින් නිලධාරීන්ට පීඩනයක් ඇතිකර කෙසේ හෝ මෙම කෝටි 1000 ටෙන්ඩරයට අත්සන යොදා ගැනීම මනුෂගේ අරමුණ වී ඇත.
මනුෂලාගේ දුර්වලතා නිසා පසෙකින් ලාංකික තරුණියන් මිනිස් ජාවාරමක ගොදුරු බවට පත් වෙද්දී මේ හීපාටුවා හදන්නේ තවත් අතෙකින් විදෙස් ගත ශ්‍රමිකයන්ගේ මුදල් කෝටි 1000 ක් ගසා කෑමට ය. විදෙස් ගත ශ්‍රමිකයන්ට ඩොලර් එවන්නැයි කියන්නේ මුන්ට මෙලෙස ගසා කෑමට ය.
රනිල් රාජපක්ෂගේ තක්කඩි ආණ්ඩුවේ නීතියක් ක්‍රියාත්මක නොවන කල මේ අවනඩු බලා ගත යුත්තේ ජනතාවම ය.
---------------------------
by (2022-12-08 16:17:54)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි