~

රනිල් පාර්ලිමේන්තුවේ දී ඩයනාගේ පස්ස අත ගායි..! (Video)

-ඩේලි මිරර් වාර්තාව සිංහලට නැගුවේ ආනන්ද

(ලංකා ඊ නිව්ස් -2022.දෙසැ.08, ප.ව.5.55) පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ [ගංජා ඩයනා] බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය ලබා සිටින බැවින් ඇයට ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කළ නොහැකි බව ආගමන විගමන පාලකවරයා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් දන්වා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද එම ලිපියේ, (මෙහි දැක්වේ) ගංජා ඩයනා 2004 වසරේ සිට එක්සත් රාජධානියේ පුරවැසිභාවය ලබා ඇති බවත්, එක්සත් රාජධානිය නිකුත් කළ, අංක 521398876 දරන විදේශ ගමන් බලපත්‍රය ඇය සතුව ඇති බවත් සඳහන්ව ඇත.

"කෙසේ වෙතත් ඇය 2014 ජනවාරි 24 වන දින අංක N 5091388 දරන ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට සමත් වී ඇත. ඇය 2018 නොවැම්බර් 5 වන දින රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ද ලබා ගෙන ඇත. ඇය එක්සත් රාජධානියේ පුරවැසිභාවය අතහැර දමා ඇති බව සනාථ කරන ලියවිල්ලක් ඉදිරිපත් කර නොමැති බැවින් අළුතින් රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් නිකුත් කළ නොහැක," යනුවෙන් ආගමන විගමන පාලකවරයා සිය ලිපියේ සඳහන් කරයි.

ගංජා ඩයනා විසින් ඉදිරිපත් කරන ලද වීසා ඉල්ලුම් පත්‍ර ද පාලකවරයා සිය ලිපියට අමුණා ඇත.

එම අවස්ථාවේ සභා ගර්භයේ සිටි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිකාරයා පැවසුවේ, ගංජා ඩයනා මන්ත්‍රීවරියගේ විදේශ ගමන් බලපත්‍ර ප්‍රශ්නය නාටකයක් බවට පත් නොකරන ලෙසයි. "ඔබට පාර්ලිමේන්තුවට ඒමට ලියාපදිංචි දේශපාලන පක්ෂයක නමක් ලබා දුන්නේ ගංජා ඩයනායි. ඒ නිසා ඇගේ විදේශ ගමන් බලපත්‍රය ප්‍රශ්නයක් කර ගන්න එපා," යයි ජනාධිපතිකාරයා පැවසීය.

-2022 දෙසැම්බර් 6 වන දින Daily Mirror වෙබ් අඩවියේ පළ වූ, Yohan Perera ලියූ, ‘Immigration Chief says Diana Gamage not a Sri Lankan Citizen’ නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට අනුවර්තනය කළේ,

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

මේ සිද්ධිය හෙළිකරමින් පාර්ලිමේන්තුවේ දී මුජිබර් රහ්මාන් මන්ත්‍රීවරයා කළ සම්පූර්ණ කතාව පහත වීඩියෝවේ දැක්වේ

---------------------------
by     (2022-12-08 12:46:42)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links