(ලංකා ඊ නිව්ස් -2022.දෙසැ.08, ප.ව.5.05) මේ දිනවල ලංකාවේ උදෑසන සිට අඳුරක් සහිතව පවතින්නේ සුන්දර මීදුමක් නොව එය ඉන්දියාවෙන් හමා ආ විෂ සහිත වායු දූෂනයක ප්‍රතිඵලයක් බව විද්‍යාඥයෝ පවසති.
මේ වන විට දිවයිනේ ප්‍රදේශ බොහොමයක උෂ්ණත්වය ද සැලකිය යුතු ලෙසින් පහළ වැටී ඇති අතර නව දිල්ලිය ඇතුළු උතුරු ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට හමා ආ සුලි සුළඟත් සමඟ එල්ල වී ඇති අහිතකර වායු බලපෑම මත දිවයිනට සූර්ය තාපය එල්ල වීම,ඊට හේතු වී ඇතැයි හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ කේ.ආර් අබේසිංහ මහතා ලංකා ඊ නිව්ස් වෙත පැවසීය. එමෙන්ම මේ වන විට දිවයිනේ ප්‍රදේශ ගණනාවකට පවත්නා වැසි සහිත කාල ගුණය සහ අහස වැසි වළාකුලින් බරව පැවතීම ද ඊට හේතු වී ඇතැයි පවසන අබේසිංහ මහතා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ එම සුළං තත්වය අප රටින් පහව ගිය පසු මෙම කාලගුණික තත්වයේ වෙනසක් දැකිය හැකි බව ය
උතුරු ප්‍රදේශයේ වායු දූෂනය සෞඛ්‍යයට ඉතාමත් අහිතකර මට්ටමකට පැමිණ ඇත.
දූෂිත වාතය රැගෙන ඉන්දියාවෙන් එන සුළං හේතුවෙන් උතුරු ප්‍රදේශය වායු තත්ත්ව දර්ශකයේ Air Quality Index (AQI) අගය 200 කට වඩා වැඩි වී තිබේ. එය 200 කට වඩා වැඩි වෙනවා යනු ඉතාමත් දරුණු තත්ත්වයකි. මෙම අගය 0-50 අතර නම් එය යහපත් වායු තත්වයකි. 51-100 - අතර නම් එය තරමක් වාතය දූෂිත වූ තත්වයකි. එතැනින් ඉහල තත්ත්වයන් නිසැකවම සෞඛ්‍යයට අහිතකරය.
ඉහත කී AQI දර්ශකය යාපනයේ 212,
ගම්පහ 189,
දඹුල්ල 170,
කොළඹ 169,
මහනුවර 161,
මීගමුව 170, සහ
අම්බලන්තොට 157 ක් ලෙස සටහන් වී ඇති බව වායු දූෂණය නිරීක්ෂණය කරන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (National Building Research Organization) ප්‍රකාශ කරයි.
ඉන්දියාවේ ජනයා දූෂනය වූ වාතය ආග්‍රහණය කිරීමට පුරුදුව සිටිති. ඒ අතරේ ඔවුන්ට ඊට ඔරොත්තු දීම සඳහා ෆ්ලූ වැක්සින් එකක් ඉන්දියානු රජයෙන් ලබා දෙයි. නමුත් ලංකාවේ ජනතාවට මේ දූෂනය වූ ඉන්දියානු වාතය ආගන්තුකය. අනෙක් අතට කිසිදු වැක්සිනයක් ලබා දීමක් තබා ආණ්ඩුවට කඳුළු ගෑස් මිස ජනතාවට පැනඩෝල් පෙත්තක් ලබා දීමටවත් අවශ්‍යතාවයක් නැත. එබැවින් පවතින වායු දූෂනය ගැන ආණ්ඩුවෙන් ජනතාව දැනුවත් කිරීමක් වත් නොකරයි.
ලංකා ඊ නිව්ස් කළ විමසීමක දී විශේෂඥ වෛද්‍යවරුන් පැවසුවේ මේ තත්ත්වය කුඩා දරුවන්ට, ගැබිනි මව්වරුන්ට, වියපත් අයට, පෙනහළු ආබාධ ඇති අයට දැඩි අහිතකර බවයි. එබැවින් අයහපත් වායු තත්ත්වය පහවන තුරු අනවශ්‍ය ලෙස එළිමහනේ නොයන ලෙසත් යන්නේ නම් සෞඛ්‍ය ආරක්‍ෂාව සඳහා මුඛ ආවරණ පළඳින ලෙසත් මහජනතාවට දැනුම් දෙයි.
---------------------------
by (2022-12-08 12:06:37)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි