~

බටලන්දට ගිනි තැබුවෙමු..! (අංක 02) කොස්තාපල් ඩග්ලස් පීරිස් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් වෙයි..!

-වීරනන්දාබාහු ලියයි..!

(ලංකා ඊ නිව්ස් -2022.දෙසැ.01, පෙ.ව.2.30) “රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ‘තඩි ප්‍රියන්ත’ නායකත්වය දුන් කල්ලිය 01, කැලණිය ටයර් සංස්ථාවේ සේවය කළ පෙරේරා නැමැති කෙනෙක්, 02, නීතීඥ දයා [චරිත] ලංකාපුර, 03, හල්ෆ්ස්ඩෝර්ප් උසාවියේ [අලුත්කඩේ] නීතීඥ කාංචන අබේපාල, 04, ගම්පහ නීතීඥවරයෙකු වූ  නිශ්ශංක, මරා දැමූ බව මම දනිමි. රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයන්ව සිටි යුධ හමුදාවේ ලූතිනන්වරුන් වූ නිශ්ශංක හා සේනානායක, ඔහුගේ උපදෙස්මත සිවිල් ඇඳුමෙන් සැරසී ගම්පහ දිස්ත්‍රික්කයේ මෙහෙයුම්වල යෙදුන බව මම දනිමි. ලුතිනන් සේනානායක දැනට ජීවතුන් අතරේ නැත. මේ කියන කල්ලිය සිදුකළ විශේෂ මෙහෙයුම් ගැන සම්පූර්ණ විස්තරයක් ඉදිරිපත් කිරීමට මට නොහැකිය. කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ මහතා මේ කල්ලියේ මෙහෙයුම් පුත්ගලිකවම දැන සිටියේ ය. වැඩිදුරටත් කිවහොත් රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස්මත මේ කල්ලිය සිදුකළ මෙහෙයුම් එවකට නියෝජ්‍ය පොලිස්පති මෙරිල් ගුණරත්න හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නලීන් දෙල්ගොඩ දැන සිටි බව මම දනිමි."

[2010 අගෝස්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩග්ලස් පීරීස් ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය]

පනාවල විදානෙලාගේ ජෝසප් ඩග්ලස් පීරිස්..

කෑගල්ලේ ශාන්ත මේරි විද්‍යාලයේ ඉගෙනුම ලැබු පනාවල විදානෙලාගේ ජෝසප් ඩග්ලස් පීරිස් 1978 දී කොස්තාපල්වරයෙක් හැටියට පොලිසියට බැඳුනේය. 1987 ජනවාරිය වෙද්දී ඔහු මූලස්ථාන පොලිස් පරීක්ෂක හැටියට පෑලියගොඩ පොලිසියට එන්නට ගෙවුණු වසර 11 තුල බොහෝ දේශපාලන උසස්වීම් ලබා තිබුනේ ය. ඔහු වඩාත් ප්‍රකට වූයේ 'ඩග්ලස් පීරිස්' නමින් ය. ඔහුගේ මුල් පත්වීමේ පටන් අවසාන උසස්වීම වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධූරය දක්වා ඒමට එවකට පාලක එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන සහාය ඔහුට ලැබී තිබුනේ ය. පොලිස් පරීක්ෂක ඩග්ලස් පිරිස්ට බියගම ආසනයේ එජාප සංවිධායක හා එවකට අධ්‍යාපන හා තරුණ කටයුතු ඇමති හඳුනාගන්නට ලැබෙන්නේ මේ මාරුවත් සමඟය.

චන්ද කෙක්ක වෙනුවට මැර කොක්ක අතට ගත් රනිල්..

1977 ජුලි මහා මැතිවරණයෙන් පසු කිසිම මැතිවරණයක දී බියගම ආසනය දිනා ගැනීමට නොහැකි වු ඇමති වික්‍රමසිංහ මෙකල අසුන දිනා ගැනීමට චන්ද කෙක්ක වෙනුවට මැර කොක්ක පාවිච්චි කිරීමට පුහුණුවෙමින් සිටියේ ය. ජනාධිපති ජයවර්ධනගේ බෑණා වූ ඇමති වික්‍රමසිංහ මේ වෙනුවෙන් පොලිසිය පමනක් නොව 'ගෝනවල සුනිල්' වැනි මැරයන්ද බලමුළු ගන්වමින් සිටියේ ය. පෑලියගොඩ පොලිසියට මේ පැරණි පොලිස් මිත්‍රයා පැමිණීම ඔහුට බලවත් සතුටක් ගෙන දුන්නේ ය. ඒ සතුට යම් කලකට හෝ පොලිස් පීරිස්ට ද තිබුනේ ය. ඒ නිසාම ඇමති වික්‍රමසිංහගේ ඕනෑම නියෝගයක් පොලිස් පීරිස් වහා වහා ඉටු කළේ ය. ඊට ප්‍රතිඋපකාර වූයේ පොලිස් පීරිස්ට උසස්වීම් හිමිවීමය. වසර 2010 වෙද්දී සියල්ල කණපිට පෙරලීම නිසා හිරභාරයේ සිටි පොලිස් පීරිස් ඉහත දිවුරුම් පෙත්සම 'නීතීඥ රෙක්සි පියදාස' මඟින් උසාවියට ඉදිරිපත් කළේ ය.

ඉතින් පොලිස් පීරීස් හා ඇමති වික්‍රමසිංහගේ මේ අපුරු දේශපාලන චාරිකාවේ ඉතිහාසය සොයද්දී  අපට මේ අතීත කතා එකිනෙක ලියන්නට සිදුවන්නේ ය. ඒ ඇමති වික්‍රමසිංහ, රටේ පිං ජනාධිපතිකාරයා වීම හා ඩග්ලස් පීරිස් නිකම්ම නිකං පැන්ෂන් ගිය පොලිස්කාරයෙක් වීමේ සරදමේ අගමුල සොයන්නට ය. මේ නිසා මේ කතාවේ ඉතිහාසය 1994 අගෝස්තු මහා මැතිවරණයට ඈඳෙන්නේ ය.

රනිල් ඩග්ලස් පීරිස්ව මඩකලපුවට යවයි..

‘මඩකලපුවේ “යූඇන්පීයේ” සම්බන්ධීකරණ නිලධාරියා හැටියට  ඇස්.ඇස්.පී. ඩග්ලස් පීරිස් පත් කරල...! මෙහෙන් නැතිවෙන ඡන්ද එහෙන් ගන්න තමයි ඔය පත්වීම දීල තියෙන්නෙ..’

1994 මහා මැතිවරණ උණුසුම සැර වෙද්දී මේ ආරංචිය දේශපාලන කණ්ඩායම් අතරේ පැතිරුනේ ය.  අගමැති රනිල් වික්‍රමසිංහගේ සමීප සගයෙකු වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස් මඩකලපුවේ ප්‍රධාන පොලිස් නිලධාරියා වීම මේ ආරංචිය සත්‍යයක් බව තහවුරු විය.  තනිකර ම පොලිස් හා හමුදා පාලනයක් පවතින මඩකලපු දිස්ත්‍රික්කයේ කෙරෙන මැතිවරණ දූෂණ නතර කිරීම පහසු කාරියක් නොවීය. ගෙවුණු මාර්තුවේ පැවති ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී ද පාලක එජාප ආණ්ඩුව මඩකලපුව ජය ගත්තේ ලක්ෂ සංඛ්‍යාත හොර ඡන්ද දමා ගැනීමෙනි.  ඒ වගේම පළාතේ වෙසෙන, දැන් රජයට සහාය දෙන ද්‍රවිඩ සටන්කාමීන් වූ ප්ලොට්, ටෙලෝ, ඊ.ජී.ආර්.එල්.එෆ්. හා ඊ.එන්.ඩී.එල්.එෆ්, කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය ද ලෙහෙසියෙන් පාලනය කළ නොහැකිය. අපි මඩකලපුවේ මැතිවරණ දූෂණ වළක්වන්න ක්‍රමයක් සති ගණනක් තිස්සේ සොයා බැලුවෙමු.  අවසානයේ අපට අදහසක් පහළ විය. දුරකථන අංක කීපයකට කතා කර අවසාන වෙද්දී අපට විසඳුමක් ලැබුණි.

අපේ රහසිගත මෙහෙයුම..

ඉතා රහසිගතව කෙරුණු සම්මුතියක් අනුව ලංකාවේ මැතිවරණ නිරීක්ෂණයට පැමිණෙන යුරෝපා මානව හිමිකම් කොමිසමේ මඩකලපු නිරීක්ෂක කණ්ඩායමට රාවයේ වාර්තාකරුවෝ දෙදෙනෙක් ඇතුලත් කෙරුණි. ඒ මග පෙන්වන්නන් හා භාෂා පරිවර්තකයන් හැටියට ය. ලංකාවේ මානව හිමිකම් ගැන ඉතා උනන්දු  කතෝලික පූජකතුමෙකු මේ කාරිය ඉටුකළේ යුරෝපීය නිලධාරීන්ටත් ලංකාවේ නිලධාරීන්ටත් රහසේ ය. එය රහසක් ලෙස කරන්නට සිදුවූයේ මේ මැතිවරණ නිරීක්ෂකයන් ආණ්ඩුවේ ඇරයුමක් ඇති නිල නිරීක්ෂකයන් නොවීමත්, යාපනයට පමණක් දෙවැනි මඩකලපුව විදේශිකයන්ට තහනම් ප්‍රදේශයක් වීමත් නිසාය.

නිරීක්ෂක නම් අතර තිබූ, පොලිසියට විස වූ සිංහල නම් දෙක..

අගෝස්තු මාසයේ 15 වැනි දා හැන්දෑවෙන තෙක් අප සමඟ සමාදානයෙන් සිටි පොලිසිය, නිරීක්ෂකයන්ගේ සතුරන් බවට පත් විය. ඒ ‘ඇන්ටි යූඑන්පී’ [යූඑන්පී විරෝධී] පත්තරයක වාර්තාකරුවන් දෙදෙනෙක් කණ්ඩායම තුළ සඟවා සිටීම සොයා ගැනීමෙන් ය. මේ නිසා 16 වැනි දාට දිස්ත්‍රික්කයේ ඇවිදීමට බලපත්‍ර දීම  සහකාර පොලිස් අධිකාරි ගනේගොඩ ප්‍රතික්ෂේප කළේ ය.  මෙය පිටුපස සිටින්නේ ඩග්ලස් පිරීස් බව අපට පැහැදිලිය. මේ පසුබිම තුල ජාත්‍යන්තර නිරීක්ෂකයන්ගේ මඩකලපු සහායකයන් බියපත්ව සිටියේ ය. 15 වැනි දා හැන්දෑවේ  අපට මුණ ගැසෙද් දී ඔවුහු මේ අසරණකම කියා සිටියෝය. නිරීක්ෂක නම් අතර තිබූ සිංහල නම් දෙක වහාම ඉවත් කළ යුතු බව පොලිසිය නියෝග කළේය. එසේ කළ නොහැකි නම් ඒ සිංහල නම් ඇති දෙදෙනා වහාම මඩකලපුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිට ඩග්ලස් පිරිස් ට වාර්තා කළ යුතු බවට නියෝගයක් පැමිණියේ ය. එහෙත් අපි මඩකලපු පොලිස් ලොක්කා හමුවීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කළෙමු. එයට ප්‍රධානම හේතුව වූයේ අපට අපක්ෂපාතී නීරීක්ෂකයන් වීමේ බලවත් ඕනෑකම නිසයි.

ස්වකීය ඔත්තුකරුවන් මගින් අප පිළිබඳ තොරතුරු දැන ගත් මඩකලපු පොලිස් ලොක්කන්ගෙන් ගැලවීමට මගක් අපට නොපෙනුණි. අවසානයේ ලේක්වීව් හෝටලයේ දී සහකාර පොලිස් අධිකාරී ගනේගොඩ මුණගැසී අප ‘රාවයේ වාර්තාකරුවන් නොවන බව දිවුරා කියා සිටියෙමු. ඉඳහිට ලිපියක් දෙකක් පත්තරවලට ලියන ලේඛකයන් පමණක් බවත්, මේ පැමිණ සිටින්නේ තාවකාලික වෙනත් රැකියාවක් වෙනුවෙන් බවත් කියා එත්තු ගන්වන්නට වෑයම් කළෙමු.  එහෙත් ඔවුන් රැවටීම පහසු නොවීය. කෙසේ වෙතත් අප ලංකාවේ පුරවැසියන් නිසා මඩකලපුවේ දිගට ම රැඳී සිටීමට පොලිස් අවසරයක් නුවමනා බව පැහැදිලි කෙරුණි.

මඩකලපු පොලිස් ලොක්කා සමඟ ප්‍රකට අපරාධකරුවෙකු..

17 වැනි දා උදේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙද්දී අපට තවදුරටත් “අපේ රස්සාව” කරන්නට ඇඳිරි නීති බලපත්‍රයක් අත්‍යවශ්‍ය විය.  අපි එතෙක් දරා සිටි තීරණය තැනට ගැලපෙන්නට වෙනස් කළෙමු. එහි සිටින නියම ආණ්ඩුකාරයා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස්ට දුරකථනයෙන් කතා කළෙමු. ඔහු වහවහා  අප සිටින තැනට පොලිස් වාහනයක් එවමින් ඔහු බැහැදකින්නට ඇරයුම් කළේ ය. ඒ අනුව අපි ඔහුගේ කාර්යාලයට ගියෙමු. ඩග්ලස් පිරීස් බෙහෙවින්ම සතුටට පත්ව අප පිළිගත්තේ ය. ඔහුගේ ‘මිනි බාරයෙන්’ [ ගෘහස්ථ මධු එකතුව] කැමති බීමක් රසවිඳින්න ඇරයුම් කළේ ය. අපි ඉතාම සුහදව ඒ ඉල්ලිම ප්‍රතික්ෂේප කළෙමු. එහෙත් අපේ අවධානය යොමු වුණේ ඔහු සමග සිටි පුද්ගලික ශරීර ආරක්ෂකයා වෙතට ය. කැමා ටී ෂර්ටයක් දමාගෙන සිටි ඔහු කොහේ දී හෝ දැක තිබෙන බව අපට සිහිවිය. මඳක් කල්පනා කරද්දී ඔහු අනෙකෙකු නොවේ, කරන්දෙණියේ ඌරගහ ප්‍රදේශයේ ප්‍රකට අපරාධකරුවෙකු වූ සශේන්ද්‍ර බව සිහි වී අපේ ශරීරයේ හීන් දාඩිය මතු වන්නට පටන් ගත්තේ ය. මඩකලපු පොලිස් ලොක්කා සමඟ ප්‍රකට අපරාධකරුවෙකු සිටීම අරුමයක් නොවේ ද?

‘සුදු හකුරු හේවාගේ සශේන්ද්‍ර'

ඇල්පිටියේ ඌරගස්මංසන්ධියේ ජීවත් වූ ශක්තිමත් හා නිර්භීත තරුණයෙකු වූ ‘සුදු හකුරු හේවාගේ සශේන්ද්‍ර' අධ්‍යාපනය ලැබුවේ යටගල [නවෝද්‍යා] මහා විද්‍යාලයේ ය. 1971 කැරැල්ලට එක් වූ තරුණයන් අතරේ සශේන්ද්‍ර පමනක් නොව ඔහුගේ විදුහලේ විදුහල්පති ධර්මදාස ජයසිංහ ද සිටියේ ය. හිරෙන් නිදහස් වී පැමිණි සශේන්ද්‍ර දේශපාලනයට ආයුබෝවන් කියා පළාතේ මැරයෙක් හා කුලී අපරාධකරුවෙක් වීමේ අලුත් රැකියාවක් තෝරා ගත්තේ ය. මේ කුලී අපරාධකරු මඩකලපුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩග්ලස් පීරීස්ගේ සමීපතමයෙක් වී ඔහුගේ මඩකලපු කන්තෝරුවේ වාසය කරන්නේ කෙසේ ද? මඩකලපුවෙන් කොළඹට එද්දී අපේ මොළය කළඹමින් සිටියේ එම ප්‍රශ්නයයි.

(තවත් කොටසක් බලාපොරොත්තුවන්න)

-වීරනන්දාබාහු

බටලන්දට ගිනි තැබුවෙමු එකතුව
https://www.lankaenews.com/category/99

---------------------------
by     (2022-11-30 21:07:15)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links