~

මහතීර් හා මරා..!

-දි අයිලන්ඩ් කතුවැකියක් සිංහලට නැගුවේ ආනන්ද

(ලංකා ඊ නිව්ස් -2022.නොවැ.27, ප.ව.6.00) මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මහතීර් මොහොමඩ් (97) වසර 53 කට පසු පළමු වරට ලජ්ජා සහගත මැතිවරණ පරාජයකට මුහුණ දී තිබේ. ඔහුගේ ‘ලංකාවී’ දූපත් මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු අසුන අහිමි වූවා පමණක් නොව ඇප ද රාජසන්තක වී ඇත!

මහතීර් 1981 දී මැලේසියාවේ අගමැති වී 2003 දක්වා එම තනතුර දැරීය. 2018 දී අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත් ඔහු 2020 දක්වා නැවත අගමැති ධුරයේ කටයුතු කළේය. 

සමු ගැනීමට අකැමැති උන්..

සිත් ගන්නා සුළු කාරණය වනුයේ මහතීර්ගේ නින්දා සහගත පරාජය පිළිබඳ පුවත අසන්නට ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිකාරයෙකු මෙන්ම දේශපාලනයෙන් සමු ගැනීමට අකැමැති පුද්ගලයෙකු ද වන මහින්ද රාජපක්ෂ හෙවත් මරාගේ 77 වැනි ජන්ම දින සැමරුම ආසන්නයේ වීමය. 

මහතීර් හා මරා සමහර කාරණාවලින් එකිනෙකාට වෙනස්ය. කෙසේ වෙතත්, ඔවුන් අතර යම් සමානකම් ද තිබේ. 

ඔවුන් දෙදෙනාම අයෝමය දේශපාලන නායකයන්ය. තමන්ගේ රටවල්වල දේශපාලනය තමන්ට ඕනෑ ලෙස හැඩ ගස්වා ගත් ඔව්හු එහි ආධිපත්‍යය දැරූහ. උද්ධච්ජ, දේශපාලන විසම්මුතිය නොඉවසන මේ දෙදෙනාම බටහිරට ගරු නොකරති. [බොරු] දේශප්‍රේමීන් සේ පෙනී සිටිති. 

“නූතන ශ්‍රී ලංකාවේ පිසාචයා”

දෙදෙනා අතර ඇති අසමානතා සම්බන්ධයෙන් ගත් කල, මහතීර් මැලේසියානු ආර්ථිකය වර්තමාන මට්ටමට ගොඩනඟා ගත් අතර, තම රට එම කලාපයේ ධනවත්ම ජාතියක් බවට පරිවර්තනය වන ආකාරය අධීක්ෂණය කළේය. එබැවින් ඔහු “නූතන මැලේසියාවේ පියා” යන විරුදාවලිය ලබා ඇත.

මරා ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයට එරෙහි සාර්ථක යුද්ධය, සමහර සංවර්ධන ව්‍යාපාර, සහ ඒක පුද්ගල ආදායමේ සැලකිය යුතු වැඩි වීමක් අධීක්ෂණය කළ නමුත් කනගාටුදායක ලෙස රට බංකොලොත් භාවයට පත් කිරීමට නායකත්වය දුන් රජයක අගමැතිකාරයා විය. [එබැවින් ඔහු “නූතන ශ්‍රී ලංකාවේ පිසාචයා” යන විරුදාවලිය ලද යුතුය.]

ඒකායන ප්‍රාර්ථනාව 'බලය' 

මහතීර් හා මරා අතර ඇති එක් කැපී පෙනෙන සමානකමක් වන්නේ යථාර්ථය සමග එකඟ වීමටත්, බලය සහ තනතුරු අත්හැරීමටත් ඔවුන් තුළ තිබෙන අකමැත්තයි. මැතිවරණ පරාජයක් යනු ලොව පුරා සිටින සෑම තරාතිරමකම දේශපාලකයන්ට මරණයටත් වඩා අන්ත දරුණු ඉරණමකි, මන්ද යත් ‘බලය’ යනු උන්ගේ ඒකායන අපේක්ෂාව නිසාය.

ප්‍රමාද වී තම දේශපාලන ජීවිතය පණ ගැන්වීමට උත්සාහ නොකර ජනප්‍රියත්වයේ උච්චතම අවස්ථාව වන විට ‘පැන්ෂන්’ යන්න තරම් බුද්ධිමත් වූයේ නම් මහතීර් හා මරා යන දෙදෙනාම වත්මන් අසීරු තත්ත්වයට පත් නොවන්නට ඉඩ තිබිණ. ඔවුන්ගේ උත්සාහය දකින අපට මතක් වන්නේ, තම රංගන දිවිය නැවත පණ ගැන්වීමට දඟලන අසාර්ථක හොලිවුඩ් නළුවෙකු පත්වන දුක්ඛිත තත්වය වටා නිර්මාණය වූ ඔස්කාර් සම්මාන ලත් ‘බර්ඩ්මෑන්’ චිත්‍රපටයයි.

අනුහැවිරිද්දෙකු ලෙස නැවත දේශපාලනයට නොපැමිණීමට මහතීර් හොඳින් දැන සිටිය යුතුව තිබුණි. ඒ වගේ ම 2015 දී ව්‍යවස්ථාව වෙනස් කර තුන් වැනි ජනාධිපති ධුර කාලයකට යාම මරාගේ දැවැන්ත (අත්)වැරැද්දකි. කලකට පෙර මහජන විරෝධතා හේතුවෙන් අත්හැරීමට සිදු වූ අගමැතිකම නැවත පාර්ලිමේන්තුවට ඇතුළු වී තහවුරු කර ගැනීමෙන් මරා තවත් (අත්)වැරැද්දක් කර ගත්තේය. 

චරාගේ කතාව..

2015 දී දෙවන ධූර කාලය අවසන් වූ විට මරා ඉතා ගෞරවාන්විතව විශ්‍රාම යා යුතුව තිබූ බව පැවසුවේ, වෙන කවුරුවත් නොව මරාගේම වැඩිමහල් අයියා වූ චරාය. එසේ කිරීමට මරා මල්ලි කැමති කරවා ගැනීමට අවුරුදු අටකට පමණ පෙර චරා අයියාට පුළුවන් වුණා නම් ... 

දිගුකාලීනව මහතීර්ගේ චින්තනයට යම් බලපෑමක් ඇති කළ සාධාරණ හේතු ද තිබේ. “මට වයස අවුරුදු 100 වන තුරු මං දේශපාලනයේ ක්‍රියාකාරීව සිටිනවා කියා මං හිතන්නේ නැහැ... වඩාම වැදගත්ම දෙය වන්නේ මගේ අත්දැකීම් පක්ෂයේ තරුණ නායකයින්ට ලබා දීමයි,” යනුවෙන් ඔහු මෑතක පැවැති මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවක දී පවසා ඇත. එහෙත් අනූ හැවිරිදි වියේ දී නැවත ක්‍රියාකාරී දේශපාලනයට නොපැමිණ, අන්ත පරාජයක් ද නොලබා ඔහුට එසේ කළ හැකිව තිබුණි. 

“කුටුම්බයේ ලටපට”

මරාට ද ඉක්මනින්ම විශ්‍රාම යාමට නොහැකි බව පෙනෙන්නේ ඔහු මත වැටී ඇති “කුටුම්බයේ ලටපට” නිසාය. ඔහු දේශපාලනයෙන් සදහටම ඉවත් වුවහොත් එය සිය අවසානය වනු ඇතැයි ඔහුගේ පවුලේ හැතිකරය සහ සහචරයන් සිතන බව පෙනේ. එබැවින් ඔහුගේ දිගු දේශපාලන ගමන දිගටම පවතිනු ඇත.

මහතීර්ගේ හා මරාගේ (අත්)වැරදිවලින් පාඩම් ඉගෙන ගෙන, ඉබාගාතේ යාමට හෝ දිගේලි වීමට කාලය පැමිණි විට තව දුරටත් ක්‍රියාකාරී දේශපාලනයේ නොයෙදෙන්නට හෝ නොරැඳෙන්නට මෙරට මෙන්ම එතෙර දේශපාලන නායකයන් ද කල්පනා කරනු ඇතැයි යමෙකුට බලාපොරොත්තු විය හැකිය.

- 2022 නොවැම්බර් 22 වෙනි දින The Island වෙබ් අඩවියේ පළ වූ, ‘Mahathir and Mahinda’ නම් කතු වැකිය සිංහලට අනුවර්තනය කළේ,

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

---------------------------
by     (2022-11-28 11:59:40)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links