~

කවුද Fකෝ, යූරියා පැක්ටරිය විකුණුවේ? - වාසුගේ ප්‍රශ්නයට වජිරයා කකුල් අස්සේ ඔළුව ඔබා ගනී..!

-දි අයිලන්ඩ් වාර්තාවක් සිංහලට නැගුවේ ආනන්ද

(ලංකා ඊ නිව්ස් -2022.නොවැ.26, ප.ව.9.35) එජාපය (යූඑන්පිය) විසින් පරණ යකඩ ලෙස විකුණා දමන ලද සපුගස්කන්ද යූරියා පැක්ටරිය මිල දී ගත් විදේශ ගැනුම්කරුවා එම යන්ත්‍රෝපකරණ අරාබි රටක ස්ථාපනය කර ඇති බවත්, අද ශ්‍රී ලංකාව එම පැක්ටරියෙන් යූරියා මිල දී ගන්නා බවත්, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ (DLF) ප්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර පසුගියදා (20) පැවසීය.

යූඑන්පිය කළ දේ මහා ජාතික අපරාධයක්..

යූඑන්පිය කළ දේ මහා ජාතික අපරාධයක් ලෙස ප්‍රවීණ දේශපාලනඥයා හැඳින්වීය.

2023 අයවැය විවාදයේ පස් වන දිනය වූ සෙනසුරාදා (19) යූඑන්පී ජාතික ලැයිස්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සමග ඔහු කළ කෙටි අදහස් හුවමාරුව පිළිබඳව ‘The Island’ ඔහුගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටි අවස්ථාවේ දී හිටපු ඇමැතිවරයා එසේ පැවැසීය.

දිනෙන් දින නරක අතට හැරෙමින් පවතින ආර්ථික-දේශපාලන-සමාජ අර්බුදය සමග පෑහීමට අභාග්‍ය සම්පන්න ජනතාව අරගල කරන විට එතරම් වටිනා ජාතික සම්පතක් [තුට්ටු දෙකට] විකුණා දැමූ [පාදඩ] මිනිසුන් ජනතාවගෙන් සමාව අයැද සිටිය යුතු යයි ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ දී පොහොර නිෂ්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ඇමෙරිකාව සමග ඇති කර ගත් ගිවිසුම ගැන පාර්ලිමේන්තුවට දන්වා සතියකට පමණ පසු සිදු වූ එවක කර්මාන්ත සංවර්ධන ඇමැති සී. වී. ගුණරත්නගේ ඝාතනය ගැන අබේවර්ධන සිහිපත් කළේය. එවිට නානායක්කාර “යූරියා පැක්ටරිය පරණ යකඩවලට විකුණුවේ කවුද? කරුණාකරලා ඒක කියහන්,” යයි පැවසීය.

එවිට අබේවර්ධන කීවේ ශ්‍රී ලංකාවේ පරණ යකඩ විශාල ප්‍රමාණයක් ඇති බවත්, ඒවා බැහැර කළ යුතු බවත්ය. යූඑන්පීකාරයා අනන්මනන් කියා නානායක්කාරගේ ප්‍රශ්නයට පිළිතුරු දීමෙන් වැළකී සිටියේය.

2000 ජූනි 7 වැනි දා රත්මලානේ දී එල්ටීටීඊ මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ගුණරත්න ඇමැතිවරයා, ඔහුගේ බිරිඳ ඇතුළු 22 ක් ඝාතනය විය.

ගෝටාබය රාජපක්ෂලාගේ පස් අවුරුදු ධූර කාලයේ ඉතිරිය සම්පූර්ණ කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිකාරයා ලෙස තේරී පත්වීමෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා මේ වසරේ ජූලි මාසයේ දී වජිර අබේවර්ධන පාහරමේන්තුවට පැමිණියේය.

ආර්ථික අර්බුදය ප්‍රයෝජන ගනිමින් ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණනවා..

වික්‍රමසිංහ ජනාධිපතිකාරයා මුදල් අමාත්‍යවරයා ලෙස නොවැම්බර් 14 වෙනි දා ඉදිරිපත් කළ 2023 අයවැයෙන් ඔහුගේ උපාය මාර්ග වෙනස් වී නැති බව හෙළිදරව් වන්නේ යයි නානායක්කාර චෝදනා කළේය. වත්මන් රජය පවතින ආර්ථික අර්බුදයෙන් ප්‍රයෝජන ගනිමින් ලාභ ලබන රාජ්‍ය අංශයේ ව්‍යාපාර රැසක් විකුණා දැමීමට සැලසුම් කරමින් සිටින බව පැහැදිලි යයි ජල සම්පාදන හා ජලාපවහන විෂය භාර හිටපු අමාත්‍යවරයා The Island සමග පැවසීය.

යුගදනවි බලාගාරයේ සියයට 40ක කොටස් New Fortress Energy සමාගමට විකිණීමට විරෝධය පළ කළ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන කැබිනට් සගයන් දෙදෙනා ගෝටාබය රාජපක්ෂ ජනාධිපතිකාරයා විසින් මේ වසරේ මාර්තු මුල් සතියේ දී කැබිනෙට්ටුවෙන් නෙරපා හරින ලදී. පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී නානායක්කාර ද කැබිනට් මණ්ඩලයෙන් ඉවත් විය.

තවත් විමසුමකට පිළිතුරු දෙමින් උත්තර ලංකා සභාගය නියෝජනය කරන නානායක්කාර කියා සිටියේ තම සාමාජිකයින් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ නොකරන බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රවේශ පත්‍රවලින් පාහරමේන්තුවට ඇතුළු වූ මන්ත්‍රීවරුන් සහ ජාතික ලැයිස්තුවෙන් පැමිණි, අපේ ජන බලය පක්ෂයේ (OPPP) අතුරලියේ රතන නමැති කහ කුරුල්ලෙකුගෙන් ද එකී සභාග කල්ලිය සමන්විතය.

1987 අගෝස්තු මාසයේ දී එවකට සිටි ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිකාරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවති එජාප කණ්ඩායම් රැස්වීමට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම ගැන අබේවර්ධන සිය කතාව ආරම්භයේ දීම සඳහන් කළේය. අනතුරුව ඔහු, 2019 අප්‍රේල් පාස්කු සංහාරය ගැන කතා කරමින්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය බාහිර බලවේග විසින් පාලනය කරනු ලබන්නේ දැයි ඇසීය. ආණ්ඩුවේ ප්‍රතිපත්ති හරි හෝ වැරදි වුවත් ඒ අනුව කටයුතු කිරීමේ වගකීම මහ බැංකුවේ වගකීම බව ඔහු අවධාරණය කළේය.

යූරියා පැක්ටරිය පරණ යකඩවලට විකිණූ ගානත් රහසක්..! ජරාව කෑවේ කව්ද?

යූරියා පැක්ටරිය පරණ යකඩවලට විකිණීමෙන් ජරාව කෑවේ කවුරුන් දැයි නානායක්කාර ප්‍රශ්න කළේය.

සපුගස්කන්ද භූමිය පරීක්ෂා කිරීමේ නිරත වූ භූ විද්‍යාඥ දුලිප් ජයවර්ධන පැවසුව පරිදි, 80 දශකයේ මුල් භාගයේ දී බ්‍රිතාන්‍ය සමාගමක් වන Kellogg Overseas Corporation විසින් වසර හතරකට ආසන්න කාලයක් පුරා ඉදි කරන ලද මෙම බලාගාරයට දිනකට යූරියා ටොන් 980 ක් නිෂ්පාදනය කළ හැකි විය.

රාජ්‍ය පොහොර නිෂ්පාදන නීතිගත සංස්ථාව (SFMC) 1973 රාජ්‍ය කාර්මික සංස්ථා පනත යටතේ පූර්ණ හිමිකාරීත්ව රාජ්‍ය ආයතනයක් ලෙස ස්ථාපිත කර ඇති අතර, එය ශ්‍රී ලංකාවේ ඉල්ලුම සපුරාලීමට අපේක්ෂා කළ බව හිටපු නිලධාරියා පැවසීය.

යූරියා නිෂ්පාදනයට ගත් අමු ද්‍රව්‍ය වන නැප්තා අපනයනය කිරීම මගින් බලවතුන් යූරියා පැක්ටරිය කඩා වැට්ට වූ ආකාරය ජයවර්ධන පෙන්වා දුන්නේය. 1986 දී ජාත්‍යන්තර ලංසු කැඳවා, බලාගාරය ඉන්දියානු සමාගමකට විකුණා ඇති නමුත්, 1982 සිට 1985 දක්වා ක්‍රියාත්මක වූ යූරියා පැක්ටරිය යකඩවලට විකුණූ මිල මෙතෙක් හෙළිදරව් කර නැති බව ද ජයවර්ධන පැවසීය.

- 2022 නොවැම්බර් 21 වන දින The Island වෙබ් අඩවියේ පළ වූ, Shamindra Ferdinando ලියූ, ‘Who sold urea plant? Wajira ducks Vasu’s question’ නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට පරිවර්තනය කළේ,

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

---------------------------
by     (2022-11-26 16:17:17)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links