~

රනිල් රාජපක්ෂ - ටිරාං අලස් - වික්‍රමරත්න - දේශබන්ධුලා අද තවත් පොලිස් අවනීතියක..! මොවුන් කව්ද? බ්‍රහ්ම දණ්ඩනය දෙන්න..!

-ලංකා ඊ නිව්ස් මාණ්ඩලික ලේඛකයෙක් ලියයි

(ලංකා ඊ නිව්ස් -2022.නොවැ.14, පෙ.ව.10.10) 1805 සිට ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකාවේ පොලිස් සේවය වත්මන් රනිල් රාජපක්ෂ, ටිරාං අලස්, සී.ඩී. වික්‍රමරත්න, දේශබන්ධු තෙන්නකෝන් යුගය තරම් දූෂිත, මෘග, පාදඩ මෙන්ම අමු අමුවේ නීතිය වෙනුවට අවනීතිය ක්‍රියාත්මක කරන යුගයක් තවත් තිබී නැත.

දිනක් තුල තෙවරක් පොලිස් අවනීතිය.. 

ඊයේ පෙරේදා එක් දිනක් තුල පොලිසිය තෙවරක්ම අවනීතිය ක්‍රියාත්මක කළ බව කියන්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පෙරේරා ය.

එක් සිදුවීමක් වන්නේ උද්ඝෝෂණයක් අතරතුරදී ‌කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ බෙල්ලෙන් අල්ලා පරුෂ වචයෙන් බැණ වදිමින් තල්ලු කළ පානදුර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක චමින්ද පින්තු නමැති මෘගයාගේ අනීතික පාදඩ හැසිරීම ය (මෙම වීඩියෝව සමාජ ජාලා වල වයිරල් විය)

දෙවැන්න වන්නේ ගල්වැව සිරිධම්ම හිමි සහ වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලමින් විරෝධතා පුවරු අතැතිව සාමකාමී ලෙස විරෝධතා පා ගමනක ගිය කාන්තාවන් දෙදෙනකු නීති විරෝධීව අත්අඩංගුවට ගැනීමය.

තුන්වැන්න තම හැඳුනුම්පත නොමැතිව ගමන්ගත් අයෙකු අත්අඩංගුවට ගැනීමය. 

අද තවත් පොලිස් අවනීතියක්..

එවන් පොලිසිය අද(14) තවත් අවනීතික ක්‍රියාවක් සිදුකර තිබේ. එනම් පසුගිය ඔක්තෝම්බර් 9 වැනිදා ගෝල්ෆේස් පිටියේ පැවැති අරගලයේ සැමරුම් විරෝධතාවයේ දී සාමකාමී ජනතාවට පහර දෙමින් අනීතිකව හැසිරුණු පොලිස් නිලධාරීන් 8 දෙනෙකුට නඩු පැවරීමට සූදානම් වෙමින්, ඔවුන්ගේ සේයාරූ පල කරමින් ජනතාවගෙන් ඔවුන් හඳුනා ගැනීමට ආධාර ඉල්ලීම වරදක් සේ සලකා පොලිස්පතිවරයා ක්‍රියා කර තිබීමයි. 

මෙසේ අනීතික පොලිස් මෘගයන් හඳුනාගැනීමට ජනතාවගෙන් සහාය ඉල්ලා තිබුනේ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය යි. එම සංගමය දැනටමත් එවැනි නඩුකර කිහිපයක්ම අධිකරණයේ පවරා ඇත. වැරදි කළ පොලිස් මෘගයන්ට එරෙහිව විනය පරීක්ෂණ කැඳවනවා වෙනුවට වික්‍රමරත්න පොලිස්පතියා  එසේ පොලිස් නිලධාරීන්ගේ සේයාරූ පල කිරීම නීති විරෝධී යැයි කියමින් සංගමයේ සභාපති මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන අද සීඅයිඩියට කැඳවා තිබේ. මේ ලිපිය ලියන අවස්ථාවේ දී ඔහු සීඅයිඩියේ ප්‍රශ්න කිරීමට ලක්ව සිටී. සමහර විට ඔහුව ද අත් අඩංගුවට ගෙන ත්‍රස්ත පණත යටතේ දින 90 ක් රඳවා ගැනීමට ද ඉඩ තිබේ.

රනිල් රාජපක්ෂ - ටිරාං අලස් - වික්‍රමරත්න - දේශබන්ධුලා කරන්නේ දේශද්‍රෝහී ක්‍රියාවක් කියන්නේ ඇයි..?

රට ඇත්තේ බංකොලොත් වී ය. අවශ්‍යව ඇත්තේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ සේම ලෝක ප්‍රජාවේ සහයෝගය ය. එසේ සහයෝගය දීමට නම් රටේ මේ පාලක කල්ලිය රටේ සිටින මහජනතාවට අනුකම්පා සහගතව කරුණාවෙන් සැලකිය යුතුය. එසේ නැතිව මහජනතාව අනීතිකව කෲර වධ බන්ධනයට ලක් කරන මෘග පාලක කල්ලියකට ලෝකයාගෙන් කිසිදු ආධාරයක් සහායක් නොලැබෙන්නේ ය. ඒ අනුව රනිල් රාජපක්ෂ - ටිරාං අලස් - වික්‍රමරත්න - දේශබන්ධුලා අද කරමින් සිටින්නේ ඉතා දරුණු දේශද්‍රෝහී මෘග ක්‍රියාවකි. 

මේ කල්ලියට මෙලෙස හැසිරීමට කිසිදු ජනවරමක් දී තිබේ ද ? උත්තරය 'නැත' යන්නයි.

මේ කල්ලිය කව්ද? හරියට හඳුනාගන්න..

රනිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පත් වීමටවත් ජනතාව ජනවරමක් දුන්නේ නැත. අනෙක් අතට ඔහු බටලන්ද වධකාගාරය පවත්වාගෙන යෑම හේතුවෙන් ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට ජනාධිපති කොමිසමකින් නිර්දේශ කරන ලද ඝාතක සහායකයෙකි.

ටිරාං අලස් යනු කිසිදා කිසිවෙකු චන්දයක් දී නැති දේශද්‍රෝහියෙකි. ටිරාං අලස් කෙදිනකවත් ජනවරමක් ඉල්ලා ද නැත. එකදු මිනිහෙක් එකදු චන්දයක් ඔහුට කෙදිනකවත් ලබා දී ද නැත. සදා ඔහු මන්ත්‍රීකම් රැගෙන ඇත්තේ පාලකයන්ගේ අනීතික හොර ඩීල් සිදුකර පාලකයන්ට පශ්චාත් භාගය පිරිනමමිනි. අනෙක් අතට ඔහු අද ද ජාත්‍යන්තර ප්‍රජාව ත්‍රස්තවාදී සංවිධානයක් සේ සලකන එල්ටීටීඊ සංවිධානය තමන්ගේ රටේ නිල රාජ්‍යය සමග යුද කරද්දී එකී ත්‍රස්ත සංවිධානයට රහසිගතව මුදල් දුන් දේශද්‍රෝහියෙකි. රටට දේශද්‍රෝහී වරදට හරිනම් ඔහු සිටිය යුත්තේ මරණ දඬුවමට යටත්ව ය.

සී.ඩී. වික්‍රමරත්න යනු නීතිපතිවරයා තෙවරක්ම ඔහු යටතේ රාජකාරී කරන පොලිස් නිලධාරියෙකු වන ජ්‍යෙ.නි.පොලිස්පති දේශබන්ධුට එරෙහිව ක්‍රියා කරන්නැයි නියෝග කළ ද එකී නියෝග පැහැර හැර සිටින අවනීතිය වෙනුවෙන් පෙනී සිටින අයෙකි.

දේශබන්ධු තෙන්නකෝන් ගැන අමුතුවෙන් කිව යුතු නැත. පාස්කු බෝම්බ ප්‍රහාරයේ ඍජු වග උත්තරකරුවෙක් වන ඔහු මැයි 9 වැනි දා රටේ ඇති වූ සිවිල් කැරැල්ලට වගකිව යුතු ප්‍රධානියා ය. ඔහුද හරිනම් සිටිය යුත්තේ මරණ දඬුවමට යටත්ව ය.

'බ්‍රහ්ම දණ්ඩනය' දෙන්න.. 

මෙවන් දේශද්‍රෝහී මෘගයන් රැලක් රටේ දහසකුත් පීඩාවෙන් පෙළෙන ජනතාවට තව තවත් පීඩා ගෙන දෙමින් ක්‍රියා කරද්දී එවන් ජන පදනමක් නැති දේශද්‍රෝහී ආණ්ඩුවකට සත පහක හෝ ආධාරයක් උපකාරයක් වචනයකින් හෝ නොකරන ලෙසත් මොවුන්ට 'බ්‍රහ්ම දණ්ඩනය' දෙන ලෙසත් විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් සේම ශිෂ්ඨාචාරගත ලෝක ප්‍රජාවගෙන් ඉතා කාරුණිකව ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

-ලංකා ඊ නිව්ස් මාණ්ඩලික ලේඛකයෙකු විසිනි

(ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අවනීතිය ක්‍රියාත්මක කළ පොලිස් නිලධාරීන් හඳුනාගැනීමට මහජන සහාය ඉල්ලා පළ කළ දැන්වීම මෙහි දැක්වේ..)

---------------------------
by     (2022-11-14 04:39:21)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links