-ජනාධිපති මන්දිරේ වාර්තාකරුවෙක් ලියයි
(ලංකා ඊ නිව්ස් -2022.නොවැ.12, ප.ව.11.30) සාගල රත්නායක හා අකිල කාරියවසම් රනිල් රාජපක්ෂ මුණ ගැසී ජනාධිපති මන්දිරයේ ඩීල් ගැන නැවත වතාවක් දැනුම් දී ඇත. "මෙතන ඉඳන් ඔක්කොම කරන්නෙ ඩීල්. තැන් තැන්වල එක එක්කෙනා ඇවිත් ඉන්නවා. බැලුවම ඔක්කොම බිස්නස් වලට. අපේ එක්සත් ජාතික පක්ෂෙ එක්කෙනෙකුටවත් වැඩක් කරගන්න නෑ. අපි මෙහෙ ඔක්කොම වැඩ ටික කරනවා. පොහොට්ටුවෙන් ආපු උන් බිස්නස් කරනවා" යැයි අකිල හා සාගල පවසා ඇත. මොවුන් දෙදෙනා පවසා ඇත්තේ වෙන කවුරුත් ගැන නොව'බැසිල් ඇවිත් තෙල් මිල අඩු වෙනවා' යැයි කී කුඩු ලංසා ගැනය. ලංසාගේ බිස්නස් පිටුපස ඉන්නෙ කපුටා ය. ජනාධිපති මන්දිරය දැන් ඇත් ගාලක් නොව තනිකරම කපුටු කූඩයකි.
කුඩු ලංසා අවදි වන්නේ මහ පාන්දරය. ඒ මීගමුවට කුඩු එන වෙලාවට ය. ජනාධිපති කාර්යාලයට එන්නේ මහ පාන්දර ය. කලින් අමාත්‍යාංශයකටත් පාන්දර පැමිණි විට සේවකයින් විසින් අවලාද නගා තිබිණ. කුඩු ලංසා උදේ පාන්දරම ඇවිත් දැන් කරන්නේ ඩීල් දැමීම හා හෙමින් අනික් අය කෙටවීම ය.
හරින් ප්‍රනාන්දු හා ජනාධිපති රනිල් අතර ලඟදී ලොකු වලියක් ඇතිවිය. ඊට හේතුව වෙන කවුරුත් නොව කුඩු ලංසා ය. හරින් ඇත්තටම රනිල් ලඟට පැන්නේ එක්සත් ජාතික පක්ෂයේ ලොකු තනතුරක් බලාගෙන ය. නමුත් අවසානයේදී රනිල් රාජපක්ෂගෙන් වෙලාවක් පවා වෙන්කර ගැනීමට නොහැකි විය. මීට හේතුව වෙන මොනවත් නොව කුඩු ලංසාගේ කේලම්ය. ලංසා හා හරින් ඉතිහාසයේ පටන්ම වෛරක්කාරයින්ය. හරින් ප්‍රනාන්දු වත්තලට එනවා කියා දැන ගත්දා පටන් හරින්ට කෙළින හැටි පිලිබඳව ලංසා හතර වටේම කියා තිබිණි. හරින් එන බව දැනගත් පසුව පුත්තලම දිස්ත්‍රික්කයට පැනීමට කුඩු ලංසා මාන බැලුවේ ය. පැනීමට පෙර කළේ සනත් නිශාන්තගේ ඔක්සිජන් වීඩියෝව ලීක් කිරීම ය. ලංසා දැන් රනිල්ට කිට්ටු වී කරන්නේද කේලම් කීම හා ඩීල් දැමීමය.
ලංසා රනිල්ට ළං වන්නේ පොහොට්ටුව කඩා දෙනවා කියා ය. ඒ වගේම රනිල් ජනාධිපති කරන්නට සම්පූර්ණ මෙහෙයුම සිදු කළේ ද තමා යැයි ලංසා හැම තැනම පවසයි. රනිල් ජනාධිපති කිරීමට මුල්වූ අයිතිකාරයෝ දැන් බොහෝ ය. එකෙක් කුඩු ලංසා ය. අනිත් දෙදෙනා ප්‍රසන්න රණතුංග සහ රොෂාන් රණසිංහ ය. ඔවුන් හැමෝම කියන්නේ රනිල් ජනාධිපති කරවීමට මන්ත්‍රීන් සොයා දුන්නේ තමන් කියාය. ඒ හයියෙන් ඔවුන් කරන්නේ ඩීල් දැමීම ය.
කුඩු ලංසා ජනාධිපති කාර්යාලයේ ඩීල් දමා මුදල් ගනුදෙනුව කරන්නේ ශැන්ග්‍රිලා හෝටලයේදී ය. කෝටි ගණන් වන බිස්නස්වලින් මුදල් කොටසක් බැසිල්ට හා රනිල් රාජපක්ෂට යන බව ලංසා හැම තැනම පවසා ඇත. "මම දෙන්නම බැලන්ස් කරන් ඉන්නෙ. සල්ලි ගාණට යන හින්දා රනිල් ලොක්කත් මගෙන් පිට වැඩ කරන්නෙ නෑ" යැයි ලංසා පවසා ඇත. මෙසේ තැන තැන කුඩු ලංසා පාරම් බෑවත් අකිල හා සාගල ජනාධිපති රනිල් රාජපක්ෂට පැමිණිලි කළත් රනිල් ඒවා කනකටවත් නොගන්නේ මන්ද යන්න පිලිබඳව එක්සත් ජාතික පාක්ෂිකයින්ට ද උභතෝ කෝටික ප්රශ්නයකි.
සාගල, අකිල ,රවි මෙන්ම පාලිත රංගේ බණ්ඩාර ද මේ පිලිබඳව ඉන්නේ දැඩි කලකිරීමෙනි. රංගේ බණ්ඩාර තම මිතුරන් සමග පවසා ඇත්තේ වොයිස් කට් එකක් දී ගෙන ඉන්නවා ඇරෙන්නට තමන්ට කිසි දෙයක් කරන්නට නැති බවයි. "ඔක්කොම බිස්නස් ලංසා කරනවා, අපි කොන්ද කඩාගෙන ලොක්කට වැඩ කරනවා. අපේ මිනිහෙකුට වැඩක් කරගන්න නෑ" රංගේ වැඩි දුරටත් පවසා ඇත.
අකිල හා සාගල, රනිල් රාජපක්ෂට පවසා ඇත්තේ වහාම මේ පිලිබඳව සලකා බලා කඩිනම් තීන්දුවක් ගන්නා ලෙසයි. මෙසේ ඉක්මනින්ම ක්‍රියාමාර්ගයක් නොගන්නේනම් පාක්ෂිකයින්ගෙන් ඊලඟ මැතිවරණයේ දී කිසිදු උපකාරයක් නොදෙන බව විශාල පිරිසක් ඔවුන් සමග පවසා ඇතැයි සාගල හා අකිල රනිල් රාජපක්ෂට පවසා ඇත.
---------------------------
by (2022-11-12 18:42:28)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි