~

බස් කොන්දොස්තර මහින්ද අමරවීර පුද්ගලික ලේකමා සමග ලෝක බැංකුවත් අන්දමින් යූරියා වලින් ගහන ගැහිල්ල..! මෙන්න සාක්කි..!!

-ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවාවේ නිලධාරීහු හෙළිකරති

(ලංකා ඊ නිව්ස් -2022.නොවැ.11, ප.ව.11.00) මීට වසර කිහිපයකට පෙර රාජපක්ෂ පවුලේ පුතුන්ට බියේ සැඟව හම්බන්තොටින් චන්දය ඉල්ලන්නට පවා නොහැකිව සිටි මහින්ද අමරවීර නම් හොර තක්කඩියා කිසිදු ලජ්ජාවක් බියක් නොමැතිව පගා ගන්නා ආකාරය රටට හෙලිකළ යුතුය. ඔහු සිය පුද්ගලික ලේකම් ලෙස ගාමිණී නමැති කිසිදු අධ්‍යාපනයක් නොමැති උපන්ගෙයි මෝඩයෙක් තබාගෙන සිටින්නේම හොරකමටම ය. 

තමාගේ බිරිඳ වෙනත් අයෙකු සමග පැනගිය පසු ගාමිණි විසින් කළ උපකාර වලට ප්‍රති උපකාරයක් ලෙස අමරවීර, ගාමිණී ලංකරගෙන සිටී. වැඩි අටුවා ටීකා නැතුවම කතාවට බහිමු.

මැණික් ඉල්ලමක් වැනි පෝර ගනුදෙනු..

කෘෂිකර්මයේ පොහොර ගනුදෙනුව යනු මැණික් ඉල්ලමක් වැනිය. එනිසාම ශෂින්ද්‍ර  රාජපක්ෂ පොහොර විෂය තමාට ලබා ගත් අතර එමගින් සිදුකරන ලද දැවැන්ත වංචාවෙන් බිඳක් ලෙස 'චීන ගූ පෝර නැව' ගැන සඳහන් කළ හැකිය. අමරවීර නමැති බස් කොන්දස්තරයා ද මේ ඉල්ලමට දැන් අතගසා තිබේ. ඒ නිසාම දැඩි කලකිරීමකින් පසුගිය නොවැම්බර් 3 වැනිදා රෝහණ පුෂ්පකුමාර නම්  ලේකම්වරයා කෘෂිකර්ම අමාත්‍යාංශයට ආයුබෝවන් කීවේය. 

මේ පහත ඉමේජ වල දැක්වෙන්නේ 2022/23 මහ කන්නය  සඳහා යූරියා පෝර ආනයනය සඳහා කොන්ත්‍රාත්තු ලබා දීමේ දී ප්‍රසම්පාදන මාර්ගෝපදේශන සංග්‍රහයේ උපදේශන වලට වංගු ගසා තමන්ට අවශ්‍ය කොන්ත්‍රාත්කරුවන්ට කොන්ත්‍රාත්තු ලබා දීමට කැබිනට් පත්‍රිකාවක් මගින් මහින්ද අමරවීර බස් කොන්දොස්තර සහ පුද්ගලික ලේකම් ගාමිණී ගැහූ ගේමයි. මොවුන් ලෝක බැංකුවට අන්දා තිබෙන ආකාරයත් ඉන් මොනවට පැහැදිලි වෙයි. 

මෙම කැබිනට් පත්‍රිකාව පරීක්ෂාකාරීව කියවන ලෙසත් මේ හොර තක්කඩියන් පන්නා දැමීමට පියවර ගන්නා ලෙසත් රට වැසියන්ගෙන් ඉල්ලා සිටිමු.

-ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවාවේ නිලධාරීන් පිරිසක්

---------------------------
by     (2022-11-15 16:57:33)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links