~

දකුණු පළාත් සභාවේ ඩබලක් ගැහූ කෙස් කෙළින් කරවන අයිටී ගැහිල්ලක්..! ප්‍රධාන ලේකමෝ තෝ බුදිද?

-දකුණු පළාත් සභාවේ දුෂණ විරෝධී නිලධාරීහු හෙළිකරති

(ලංකා ඊ නිව්ස් -2022.නොවැ.09, ප.ව.7.05) දකුණු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ලෙස පත්වූ සුමිත් අලහකෝන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු පන්තියේ හසල අත්දැකීම් ඇති නිලධාරියෙකු බව දැනගැනීමට ලැබුණි. එසේම නෙදර්ලන්තයේ විශ්ව විද්‍යාලයක කළමනාකරණ තොරතුරු පද්ධති පිළිබඳව පශ්චාත් උපාධිධාරියෙකු ද, නීතිඥයෙකු ද වන බැවින් අප කරන මෙම පැමිණිල්ල සුළුවෙන් බැහැර කිරීම බලතල භාවිතා කරමින් හිතාමතා සිදුකරන අල්ලස් පනතේ දුෂණ ගණයට ගැනෙන වරදක් බව පළමුව දැනුම්දීමට කැමැත්තෙමු. 

ලොවෙත් නැති තැපැල් කළමනාකරණ මෘදුකාංග පද්ධතියක්..

මේ වනවිටත් විශ්‍රාම යාමට ගැට්ටේ සිටින සුනිල් පෝද්දීවල (ජංගම දුරකථන අංකය 077-7596240) නම් දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුල්‍ය කළමනාකරණ) සහ ගණකාධිකාරී වසන්ත රණවක (කාර්යාල දුරකථන අංකය 091-4946974) විසින් බරපතල ලැප්ටොප් පරිගණක වංචාවක් සිදුකර ඒ පිළිබඳව තොරතුරු යටගසා ඇති අතර කිසිදු පළාත් සභාවක ක්‍රියාත්මක නොවන තැපැල් කළමනාකරණ මෘදුකාංග පද්ධතියක් නිසි ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටියක් අනුගමනය නොකර මිලදී ගෙන තිබේ. මෙවැනි දැවැන්ත පරිගණක පද්ධති මිලට ගැනීමේදී ICTA ආයතනයේ උපදෙස් ලබාගැනීම ද සිදුකර නොමැති අතර වංගුවක් ගසමින් එම උපදෙස් හා නියාමන ගැන කිසිදු සැලකිල්ලක් නොකර මෙම ටෙන්ඩරය ප්‍රදානය කර තිබේ. 

මෙම තැපෑල කළමනාකරණ මෘදුකාංගය සඳහා ද දැවැන්ත මුදලක් ගෙවීමට ඇති අතර ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඇතිකරලීම සඳහා ද සෑම වසරකම විශාල මුදල් ගෙවීමක් කිරීමට සිදුවී ඇත. ඉහත මෙවැනි මෘදුකාංග ස්ථාපිත කිරීම සඳහා ඇති අචාර ධර්ම සහ මුලික සිද්ධාන්ත පවා සුනිල් පෝද්දීවල සහ වසන්ත රණවක විසින් උල්ලංඝනය කර ඇති අතර මෙම මෘදුකාංගය භාවිතා කිරීමට අවශ්‍යවන අන්තර් ජාල සම්බන්ධතා සඳහා සෑම වසරකම අමතරව විශාල මුදලක් වැය කිරීමට සිදුවී තිබේ.

ප්‍රසම්පාදන මූලධර්ම පවා උල්ලංඝනය කරලා..

මේ සඳහා මුලිකත්වය ගෙන ඇත්තේ හොරකම තම වෘත්තීය බවට පත්කරගෙන ඇති නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුල්‍ය කළමනාකරණ) සුනිල් පෝද්දීවල සහ ඒ සඳහා සුනිල් පෝද්දීවලගේ ගුරුහරුකම් ලැබූ ගණකාධිකාරී වසන්ත රණවක විසින් වන අතර පරිගණක පද්ධති පිළිබඳව කිසිදු වෘත්තිමය දැනුමක් නොමැති වුවත් හොරකම් කිරීම සඳහා පෙරමුණගෙන ඇති මෙම දෙදෙනා මුලිකත්වය ගෙන ඇති බවට මේ වනවිට සාක්‍ෂි සහිතව හෙළිවී තිබේ. 

මෙවැනි දැවැන්ත තාක්‍ෂණික මිලදී ගැනීමකදී එහි තාක්‍ෂණික ඇගයීම් කමිටුව සඳහා ICTA ආයතනයේ නියෝජිතයෙකු සමග තාක්‍ෂණික දැනුම සහිත බාහිර ආයතනයකින් පුද්ගලයෙකු පත්කරගැනීම ප්‍රසම්පාදන ක්‍රියාවලියේ මුලධර්මයක් වන නමුත් එම මුලධර්ම පවා අමු අමුවේ උල්ලංඝනය කර ඇති මෙම නීලකාස හොරුන් දෙදෙනා පිළිබඳව ප්‍රධාන ලේකම්වරයා විසින් කිසිදු පියවරක් නොගැනීම පුදුමයට කරුණක් වී තිබේ.

එක ස්කෑන් යන්ත්‍රයකට රුපියල් ලක්ෂ 4 බැගින් වැඩියෙන් ගෙවා යන්ත්‍ර 70ක් අරන්..!

පළාත් සභාව සඳහා මුලික පියවරේදී ආයතන 11 ක් පමණක් සම්බන්ධ කරගෙන නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම ගිවිසුම අනුව කළයුතුව ඇතත් ඉහත නීලකාස හොරුන් දෙදෙනා වන නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුල්‍ය කළමනාකරණ) සුනිල් පෝද්දීවල සහ ගණකාධිකාරී වසන්ත රණවක විසින් ස්කෑන් යන්ත්‍ර 70 කට අධික ප්‍රමාණයක් එකවර මිලදී ගෙන තිබේ. ඒ සඳහා එක ස්කෑන් යන්ත්‍රයක් වෙනුවෙන් රු. ලක්‍ෂ 4 කට වැඩි ප්‍රමාණයක් ගෙවීම් කර ඇති අතර ඒ සඳහා රුපියල් 28,000,000 කට (රු.මිලියන 28 කට) වැඩි ප්‍රමාණයක් නිකරුනේ විනාශ කර තිබේ. මේ වනවිට එම ස්කෑන් යන්ත්‍ර ගබඩාවේ දිරා පත්වෙමින් තිබෙන අතර දැඩි ආර්ථික අර්බුදයකට රජය මුහුණදී ඇති මෙවන් අවස්ථාවක මෙසේ ජනතා බදු මුදල් විනාශ කළ මෙම නිලධාරීන් පිළිබඳව දැඩි තීරණයක් ගතයුතුව ඇත. මෙම යන්ත්‍ර නඩත්තුව සඳහා ද සෑම වසරකම දැවැන්ත මුදලක් වෙන්කිරීමට සිදුවී තිබීම අවතක්සේරු කළ නොහැකි බරපතල වරදක් නොවන්නේද?

ප්‍රධාන ලේකම් වරයා ලෙස පත්වූ සුමිත් අලහකෝන් (ජංගම දුරකථන අංකය 071 -6821879) ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු පන්තියේ හසල අත්දැකීම් ඇති නිලධාරියෙකු, නීතිඥයෙකු සහ නෙදර්ලන්තයේ විශ්ව විද්‍යාලයක කළමනාකරණ තොරතුරු පද්ධති පිළිබඳව පශ්චාත් උපාධිධාරියෙකු ද වන බැවින් මේ පිළිබඳව ඔහු ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අපි දැඩි අවධානයෙන් සිටිමු.

-දකුණු පළාත් සභාවේ දුෂණ විරෝධී නිලධාරීන්

---------------------------
by     (2022-11-09 13:43:56)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links