-සොල්දාදු උන්නැහේ ලියයි
(ලංකා ඊ නිව්ස් -2022.නොවැ.07, ප.ව.7.55) සාදයකදී මත්පැන් වීදුරුවක් තොල ගෑම සදාචාර විරෝධී වන්නේ ද ? සාදයකදී හමුදා නිලධාරියෙකු මත්පැන් වීදුරුවක් තොලගෑම සදාචාර විරෝධී ද ? සාදයකදී අති ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු මත්පැන් වීදුරුවක් තොල ගෑම සදාචාර විරෝධී ද ? පොදු මතය වන්නේ 'නැත' යන්නයි.
එහෙත් වන්දනීය තත්ත්වයෙන් ගරු බුහුමන් ලබන හමුදාපති වැනි ධූරයක් හොබවන්නා වූ අයෙකු තමාගේ සීමාවන් ඉක්ම යමින් කනිශ්ඨ නිලධාරීන් හා ඔවුන්ගේ ගරු කටයුතු බිරින්දෑ වරුන් ඉදිරියේ බීමත්ව නොගැලපෙන අයුරින් හැසිරීම නම් සාමාන්‍ය ජනතාව සේම අව වරප්රසාදිත සොල්දාදු උන්නැහේලා ද අනුමත නොකරනු ඇත. ඊට ප්‍රධාන හේතුවක් වන්නේ ඒ වියදම් කරන මුදල් ජනතාවගේ මුදල් නිසා ය. හමුදාවට විනයක් තිබෙන නිසා ය.
ප්‍රසිද්ධියේ බීමතින් පිස්සු කෙළින වත්මන් හමුදාපතිගේ සදාචාරාත්මක නොවන හැසිරීම් ආරක්ෂක ලේකම්වරයා ඉවසන්නේ මන්ද ? හේතුව නම් වත්මන් හමුදාපතිවරයා පඹයෙකුට තමා ගනිමින් නිල නොවන හමුදාපතිකම කරන්නේ වත්මන් ආරක්ෂක ලේකම්වරයා නිසා ද?
ස්ථානය - මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසැලේ විසිර යාමේ පෙළපාලිය
විශේෂ බලකා තේමාව - "නොහැක්කක් නොමැත." (අපි ඔවුන් වෙත සදා ගරු කර්මු.)
දිනය - 2020 ඔක්තෝබර් 29 වැනි සෙනසුරාදා
ප්‍රධාන ආරාධිතයා - හමුදාධිපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ සහ මැතිනිය
අවශේෂ ආරාධිතයෝ - මාණ්ඩලික ප්‍රධානී ජගත් කොඩිතුවක්කු සහ මැතිනිය නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී චන්න වීරසුරිය, විශේෂ බලකාධිපති මේජර් ජෙනරාල් සුජීව සෙනරත් යාපා, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ පුද්ගලික ආරක්ශක ප්‍රධානී මේජර් ජෙනරාල් මහින්ද රණසිංහ, 58 සේනාංකාධිපති මේජර් ජෙනරාල් විපුල ඉහලගේ, 62 සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශ්ශංක ඊරියගම, 57 සේනාංකාධිපති, අධ්‍යක්ෂක සැලසුම් - හමුදා මූලස්ථානය, හා මෙම සියල්ලන්ගේ මැතිනියන් හා අනිකුත් විශේෂ බලකා නිලධාරීන්.
පෙළපාලිය උදෑසන තිබූ අතර සැලැස්ම වූයේ ගුවන් හමුදා හෙලිකොප්ටර් මගින් පැමිණි හමුදාපතිතුමන්ට දිවා ආහාරය නිලධාරි නිවස්නය වෙතින් ලබා දී ගුවන් මගින්ම නැවත යැවීම වන හෙයින් හෙලිකොප්ටර් එහි නවතා තබාගෙන සිටියේ ය.
නමුත් දහවල් 12.30 ඇරඹුනු මත්පැන් සාදය සවස 4.00 තෙක්ම ඇදී ඇදී ගියේ ය. ග්ලෙන්ෆිඩිශ් වර්ගයේ සිංගල් මෝල්ට් විස්කි ලීටරයේ බෝතල් හතරක් සඳහා ජෙනරාල් වරු වගකිවූ අතර අවශේෂයෝ ලෝකල් අරක්කු වලින් සැනසුනා හ. 03.30 වන විට සියලු භාර්යාවන් හමුදාපතිගේ ඉල්ලීම මත නැටවූ අතර වයින් බී නටන එක නිලධාරී භාර්යාවක ගේ පශ්චාත් භාගය තම අතට සුරැකිව හරියටම අසුවේදැයි කිහිප විටක්ම හමුදාපති තුමන් හොඳින්ම බැලූ බව නොදැක්කා සේ සිටිය ද එය වේටර්වරුන්ට නම් රහසක් නොවී ය. පදම ඉක්මවා වැදී සිටි හමුදාපති තුමන් පිස්සු කෙළින්නට පටන් ගත් අතර හමුදාපති තුමන්ගේ සිංගල් මෝල්ට් වීදුරුව දෙපාරක්ම බිම පතිත විය. එක් වරෙක දී එක් වීදුරුවක් බිඳී ගියේ ඔහුගේ ගරුත්වය සමග පමණක් නොව හමුදාපති ධූරයේ ගරුත්වය ද බිඳ දමමින් බව බමණ මත නිසා එවලේ නොතේරුන ද පසුව නම් තේරෙන්නට ඇත. හමුදාපති තුමන් බලෙන්ම වාගේ සවස 4.30 ට පමණ යාන්තම් කෑම මේසයට රැගෙන යාමට ජගත් කොඩිතුවක්කු සමත් වූව ද, ඔහු එසේ ගියේ ද හමුදා සම්ප්රදායයන් උල්ලංඝනය කරමින් ග්ලෙන්ෆිඩිශ් වීදුරුව ද සමගිනි.
කෑම මේසයේ දී ද කෙළින පිස්සු අමාරුවෙන් නවතා ගෙන තිබුනේ අනාගත වෙන්ඩ මස්සිනාලා දෙදෙනා වන ජගත් කොඩිතුවක්කු හා සුජීව සෙනරත් යාපා විසින් වූ නමුත් මේ වෙන්ඩ ඉන්න මස්සිනාලා දෙන්නා හිතා මතා මෙය සැලසුම් කර විකුම් ලියනගේව අපහසුවට පත් කරන බව බොහෝ කනිශ්ඨ නිලධාරීහු පැවසූහ. ඔවුන් දෙදෙනා මෙය සැලසුම් කර පසුව හොඳ මිනිසුන් ලෙස රඟපාන බව ද ඔවුහු පවසති. මේ වෙන්ඩ මස්සිනාලාගේ දුව හා පුතාගේ හුටපටය විකුම් නම් නොදන්නවාට අවවරප්රසාදිත සාමාන්‍ය සොල්දාදු උන්නැහේලාට නම් රහසක් නොවේ.
අනේ ගුවන් හමුදා හෙලිකොප්ටරයේ සන්තෑසිය...! බෑඩ් වෙදර් එද්දී, එලාම් වදිද්දී පාලක මධ්‍යස්ථානයේ ඇමතුම් මැද්දේ අහිංසක නියමුවන් ඒවා මාදුරුඔය රඳවා තබා ගත්තේ බලවත් ප්රයත්නයකිනි.
කෙසේවෙතත් මේ වසරේ අවසන් භාගයේ විශ්‍රාම ගැනීමට නියමිත මේ ජෙනරාල්වරු මෙතරම් පිස්සු කෙළින්නේ දැන්නම් දිය සැලිය රත්වේගන එන වග දන්නා නිසා බව නම් පැහැදිලිය
---------------------------
by (2022-11-07 14:30:16)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි