~

රු. 1000 ක වටිනාකම රු. 450 ට ඇද වැටිලා..! ඒ අස්සේ ආණ්ඩුව රු. කෝටි ලක්ෂ 3 ක් අතුරුදහන් කරලා..!

-ආර්ථික විද්‍යා මහාචාර්ය ප්‍රසන්න පෙරේරා හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2022.නොවැ.06, ප.ව.4.45) පසුගිය මාස 8 ක් තුල රජයේ මුදල් රුපියල් බිලියන 3000 ක් අතුරුදහන් වී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා හෙළිකරයි. පොඩි ගාණක් නොව රුපියල් බිලියන 3000 ක් යනු රුපියල් කෝටි ලක්ෂ 3 කි. මෙය මැයි මස මහ බැංකු වාර්තා වල පෙන්නුම් කරන අතර විසර්ජන පනතින්ද පෙන්නුම් කරන නමුත් ඒ මුදල රජයේ භාණ්ඩාගාරයට හෝ රජයේ මුදල් සංචිත වලට හෝ එකතු වී නැතැයි ද එයට සිදු වූ දෙයක් කොහේවත් සටහන්ව නැතැයි ද මහාචාර්ය වරයා හෙළිකරයි. ඔහු පමණක් නොව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වසන්ත ද රුහුණු විශ්ව විද්‍යාලයේ ආචාර්ය කිහිඹියපිටිය ද මේ බව පෙන්වා ඇතැයිද මහාචාර්ය ප්‍රසන්න පෙරේරා හෙළි කෙළේ ය.

ඔහු මේ බව හෙළි කෙළේ පසුගියදා 43 සේනාංකය විසින් මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වූ සම්මන්ත්‍රණයක ආරාධිත දේශනයකට සහභාගී වෙමිනි. 

වැඩි දුරටත් කතා කළ මහාචාර්ය ප්‍රසන්න කියා සිටියේ උද්ධමනය වැඩි වීමට හේතුව වූ අලුතින් සල්ලි අච්චු ගැහිල්ල කොතෙක්ද යත් රටේ එක් පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් 65000 ක් අලුතින් සල්ලි අච්චු ගසා ඇති බවයි. ඒ නිසාම මීට මාස 8 කට පෙර තිබූ රුපියල් 1000 ක අද වටිනාකම රුපියල් 450 කට ඇද වැටී තිබෙන බවත් ඒ අනුව රුපියල් ලක්ෂයක ආදායමක් තිබූ පවුලකට අද ඇත්ත ආදායම රුපියල් 45000 ක වටිනාකමක් බවත් හේ කීය. අද වන විට දරිද්‍රතාවයේ රේඛාව පවුලක ආදායම රුපියල් 55000 ක් සේ සැලකෙන බවත් ඒ අනුව රුපියල් ලක්ෂයක වැටුපක් ලබන ගෘහ මූලිකයෙකුගෙන් බද්දක් අය කිරීම නිසා ඒ පවුල ද දරිද්‍රතා රේඛාවෙන් පහළට ඇද වැටී දුප්පතුන් වන බවත් මහාචාර්ය වරයා හෙළි කෙළේ ය. 

අනෙක් අතට පෙර කී අතුරුදහන් කර ඇති රුපියල් කෝටි ලක්ෂ 3 ක් රජය සතුව තිබෙන බැවින් මෙලෙස බදු ගැහීමේ අවශ්‍යතාවක් නැති බවද මහාචාර්යවරයා  හෙළි කෙළේ ය.

මේ අතුරුදහන් කර ඇති රුපියල් කෝටි ලක්ෂ 3 ට සිදුවුනේ කුමක්දැයි ජනතාවට හෙළි කිරීම මහ බැංකුව සතු වගකීමකි. නමුත් මහාචාර්යවරයා මෙකී හෙළිදරව්ව කර දැනට දින 3 ක් ගත වී ඇති නමුත් මහ බැංකුව හෝ ආණ්ඩුවේ වගකිවයුත්තෙක් ඒ ගැන මීක් කියා නැත. 

---------------------------
by     (2022-11-06 12:27:51)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links