~

මරා දේශපාලන මිනී වළෙන් නැඟිටවීමට රට පුරා යුද ස්මාරක හැටක්

-LeN අභ්‍යන්තර තොරතුරු සේවයේ වාර්තාවක්

(ලංකා ඊ නිව්ස් -2022.ඔක්.28, ප.ව.1.35) මේ වන විට මුලුමනින් විනාශ වී කුඩු පට්ටම් ව ඇති මහින්ද රාජපක්ෂ හෙවත් මරාගේ ප්‍රතිරූපය යළි ගොඩ නංවා ඔහු දේශපාලන මිනී වළෙන් යළි පිබිදවීම පිණිස පසුගිය එල්ටීටීඊ යුද්ධය ජයග්‍රහණය සැමරීම පිණිස යැයි කියමින් ඉතා කඩිනමින් දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 60 ක 'රණවිරු ස්මාරක' නමින් යුද්ධයේ දී දිවි පිදූ හමුදා නිලධාරීන්ගේ සහ සෙබලුන් ගේ සේයා රූ සහිත ස්මාරක හැටක් ඉදිකිරීමේ සැලසුමක් මේ වන විට ක්‍රියාවට නැඟෙමින් පවතී.

මෙතෙක් හඳුනා නොගැනුණු අප්‍රකට මූලයක් මඟින් මේ සඳහා මුදල් ප්‍රතිපාදන ලැබෙන අතර සේවා මුක්ත ආරක්ෂක හමුදා සාමාජිකයන් ලවා මෙම කටයුතු සංවිධානය කෙරෙන බවටත් යුද හමුදා සාමාජිකයන්ගේ ශ්‍රමයෙන් දැනටමත් මෙම ස්මාරක ඉදිවෙමින් පවතින බවත්  වාර්තා වෙයි.

මෙය මේ වන විට මුලුමනින්ම බිඳ වැටී ඇති මරා යුද්ධයේ දී දිවි දුන් රණ විරුවන් ගේ නාමයෙන් දේශපාලන මිනී වළෙන් ගොඩ ගැනීමේ අනර්ථකාරී  ක්‍රියාවක් බව පෙන්වා දෙන යුද හමුදා ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු පැවසුවේ පසුගිය යුද්ධය මෙලෙස අවභාවිතාවට ලක් කිරීම මඟින් රණ විරුවන් සඳහා වන සමාජමය ගෞරවයට ද බරපතල හානි සිදුවිය හැකි බැවින් මේ සම්බන්ධයෙන් පොදු සමාජය දැඩි අවධානයක පසුවිය යුතු බවකි.

එමෙන්ම යුද්ධය යනු සාමකාමී විසඳුමකට යා නොහැකිම තැන අවම ජීවිත හා දේපල හානියක් සිදු වන අන්දමින් වහා නිමා කළ යුත්තක් මිස යළි ‍යළිත් ආශ්වාදය කළ නොහැක්කක් මෙන්ම නොකළ යුත්තක් බව සමාජ විශ්ලේෂකයන් විසින් පෙන්වා දී තිබේ. යුද්ධයේ දී මූළුමනින්ම බිඳ වැටී තිබූ සිංහල දෙමළ ජන වර්ග අතර සංහිඳියාව ‍යළි ස්ථාපිත වෙමින් තිබියදී යුද්ධය නිමා වී  වසර දහතුනකට පසු මරා දේශපාලන මිනී වළෙන් පුබුදනු පිණිස මෙසේ යුද්ධය අවභාවිතා කිරීම තවත් ජාතික ව්‍යසනයකට අත වනන්නක් බව ද සමාජ විශ්ලේශකයෝ පෙන්වා දෙති. 

නමුදු ඉහත සඳහන් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ 2023 අප්‍රියෙල් මාසයේ එකම දිනයෙක මෙම ස්මාරක සියල්ල උත්සවාකාරයෙන් විවෘත කිරීමට ද කටයුතු යොදා ඇති බවයි.

-LeN අභ්‍යන්තර තොරතුරු සේවයේ වාර්තාවකි

---------------------------
by     (2022-10-28 08:34:39)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links