-ජනාධිපති කාර්යාල වාර්තාකරුවෙකු ලියයි
(ලංකා ඊ නිව්ස් -2022.ඔක්.23, ප.ව.9.30) ජනතාව විසින් පසුගිය ජූලි 9 වැනිදා පන්නා දැමූ ගෝඨාභය රාජපක්ෂ හෙවත් බයගෝතාගේ සට්ටැඹි ලේකම් සුගීෂ්වර බණඩාර නැවත ගෝඨාභය රාජපක්ෂට අගමැතිකම ලබා දීම සඳහා ඩීල් දමමින් සිටින බව ජනාධිපති මන්දිරයේ දේශපාලන ආරංචිමාර්ග තහවුරු කරයි. ගෝඨා පන්නා දැමුවත් සුගීෂ්වර බණ්ඩාර තවමත් ජනාධිපති රනිල්ගේ කාර්ය මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයකු ලෙස වැටුප් දීමනා වරප්‍රසාද ආදිය ලබමින් සේවය කරයි. විශේෂයෙන්ම සුගීෂ්වර සමග ගෝඨා ජනාධිපතිව සිටින කාලයේදී ඔහුත් සමග සේවය කළ තවත් පුද්ගලයින් කිහිපදෙනෙකුම තවමත් වැටුප් ලබන්නේ ජනාධිපති කාර්යාලයෙනි.
ගෝටා රටින් පැන යද්දී ඔහු සමග ගිය සමීප අය සමග ඔහුගේ පුද්ගලික ලේකම් ලෙස සුගීෂ්වර ද විය. සුගීෂ්වර අහිංසකයකු ලෙස, දෙකට ගණින්න බෑ වගේ සිටිය ද අමුම අමු කපටියෙකි. පසුගිය අරගලය අතරතුර අරගලකරුවකුගේ ජංගම දුරකථනයක් උදුරාගෙන ඔහු පැත්තකට රැගෙන ගොස් පහර දුන්නේද මේ සුගීෂ්වර බණ්ඩාර ය. අරගල සමයේදී මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වූ විගසම නැගිට අත්පුඩි ගසමින් 'අපිට ඕන දේ දැන් කරගත්තා, දැන් ඉතින් ගෝඨා ආපහු ලස්සනට වැඩ කරන් යයි' කියා පවසා උදම් ඇනුවේ ද මේ සුගීෂ්වර බණ්ඩාර ය. නමුත් ඇත්ත විරෝධතාවය මතුව තිබුණේ ගෝඨාට බව මේ චිම්පන්සි මෝලා දැන නොසිටීම මොහුගේ ඇති දේශපාලනික දැනුමේ තරම පිලිබඳව හොඳම උදාහරණයකි.
සුගීෂ්වර බණ්ඩාර පෙර දී තවත් පට්ට හොරෙකු වන උදය ගම්මන්පිලගේ ගොට්ටෙකි. උදය ගම්මන්පිල ද ඇල්වතුරත් නිවා බොන ජාතියේ කට්ට කෛරාටිකයෙකි. ඕස්ට්‍රේලියානු ජාතිකයකුට පොල්ල තිබූ මේ ගම්මන්පිල ගැන හොඳම කතාව කීවේ හිරුණිකා ය. කරපු පව් වලට උදය ගම්මන්පිලගේ රෙද්ද පල්ලෙ තියෙන පරම්පරා පාත්තරේ හිරගෙදර බිම වදින නිසා පොඩි කොට්ටයක් ඉල්ලන්නට වුනා යයි හෙළිකළේ හිරුණිකා ය. සුගීෂ්වර නම් ගම්මන්පිලගේ ගොට්ටා ද ඒ ආකාරයේම කට්ට කෛරාටිකයෙකු වුව ද දාර ගොනෙකි. ඉන්ධන වලින් හොඳටම හොරා කෑ ගම්මන්පිල සේම සුගීෂ්වර බණඩාර ද ඉන්ධන වලින් ගසා කෑ තක්කඩියෙකි. අරගල සමයේ ඉන්ධන සීමා කර තිබූ වේලාවක ජනතාව වෙත සැපයීමට තිබූ තෙල් බවුසර 12 ක් හෝටල් වලට හරවා යැවුයේ සුගීෂ්වර ය. ඒ සියළු විස්තර මුද්‍රිත මාධ්‍ය මගින් එකල හෙලිදරව් කර තිබිණ.
ඔහුගේ අළුත්ම නාටකය වී ඇත්තේ ගෝටා නැවත අගමැති බවට පත් කිරීමය. ගෝටා අහිකුණ්ඨියකු ලෙස ලෝකයේ එහෙට මෙහෙට පැන පැන යමින් සිට යලි මෙරට පැමිණීමත් සමගම වඩාත්ම සක්‍රිය වූයේ සුගීෂ්වර බණ්ඩාර යි. ගෝටා ලංකාවට පය ගැසූ සැනින් ම මොහු කළේ ඇමතිවරු මන්ත්‍රීවරු ගුවන් තොටුපොළ වෙත ගෙන්වීම ය. ගෝටා ගෙදර ආ ගමන්ම සුගීෂ්වර කළේ නැවතත් මන්ත්‍රීවරු හා ඇමතිවරුන් ගෝටා බැලීමට බලහත්කාරයෙන් ගෙන්වා ගැනීම ය. ගෝටා නැවත අගමැති කරවන ලෙස ඔවුන්ගෙන් ඉල්ලීම් කර ඇත්තේ ද මේ සුගීෂ්වර බණ්ඩාර ය.
ජනාධිපති මන්දිරයේ කාර්යාලයක හිඳිමින් වජිර අබේවර්ධන සමග ඉතා කිට්ටු බව පෙන්වමින් සුගීෂ්වර ඉතා සූක්ෂම ලෙස ගෝටා නැවත ගෙන ඒමේ සැලසුම ක්‍රියාත්මක කරමින් සිටී. රනිල් යන තැන් වලට පොහොට්ටුවේ ගෝටා ලැදි කණ්ඩායම් කැඳවන්නේ මොහු ය. ඔහු මේ වන විට ජනාධිපති කාර්යාලයේ වාහන 30 ක් ලබාගෙන ඇත. ඉන් 16 ක් මන්ත්‍රීවරුන් සම්බන්ධීකරණය සඳහා භාවිතා කරන බවට දන්වා ඇතත් ඒවා කුමක් සඳහා යොදවා ඇතිදැයි කිසිවෙක් නොදනී. ඉතිරි වාහන 14 ක් පොහොට්ටුවේ හා උත්තර (නැති) සභාගයේ මන්ත්‍රීවරුන්ගේ පාවිච්චිය සඳහා ලබා දී ඇත. මෙසේ එළවා දැමූ ගෝටා ගේ ලේකම්ට එළවා දැමූ එකා ප්‍රවර්ධන කිරීමට මෙතරම් බලයක් ලබා දීම පිලිබඳව එක්සත් ජාතික පාක්ෂිකයින් දැඩි කලකිරීමකට පත්ව ඇත.
ගෝටා එලවා දැමුවාට පසුව ද ඔහුගේ අවතාර තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී. සුගීෂ්වර පමණක් නොව කමල්ගුනේ ද වැනි සෙස්සෝ අටෝරාසියකි. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඇප කැපවී වැඩ කළ කිසිවෙකුටත් මෙතෙක් මොන ලබ්බක්වත් ලැබී නැත. තවමත් ගෝටාගේ සට්ටැඹිකම් කරන සුගීෂ්වර බණ්ඩාර වැනි අපතයින් ලඟ තබා ගැනීම පිලිබඳව එක්සත් ජාතික පාක්ෂිකයින් ඉතිරිව සිටී නම් යම් පියවරක් ගත යුතුය.
---------------------------
by (2022-10-23 16:27:00)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි