~

අංක එකේ කුඩු ජාවාරම්කරුවා 'හරක් කටා' නිදහස් වීමේ දී බිලියන ගණන් මුදල් රනිල් ටිරාන් කමල් අත්වල ගෑවුනේම නැතිද?

-LeN අභ්‍යන්තර තොරතුරු සේවයේ වාර්තාකරුවෙකු ලියයි

(ලංකා ඊ නිව්ස් -2022.ඔක්.06, ප.ව.10.55) වර්තමානයේ ලංකාවට හෙරොයින් ගෙන්වන ප්‍රධානතම ජාවාරම්කරුවා ලෙස හඳුනාගෙන සිටින 'හරක් කටා' ලෙසින් ප්‍රකට 'නඳුන් චින්තන වික්‍රමරත්න' යන සැබෑ නම හිමි නමුත් 'හේරත් දිසානායකගේ රොෂාන් ඉසංක' ලෙසින්ද පෙනී සිටින පාතාල නායකයා ඩුබායි හි දී අත් අඩංගුවට පත්වුවද ඔහුට බේරී යෑමට ඉඩ සලසා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ඇමැතිධූරයද දරණ ජනාධිපති රනිල් රාජපක්ෂ, මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සහ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නගේ අනු දැනුම සහිතව බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. 

ඉහත වගකිව යුතු තිදෙනා මේ පජාත වැඩේ කිරීම සඳහා බිලියන ගණනක මුදලක් අත යට ලබා ගෙන ඇති බවට විශාල සැකයක් ඇතැයි ආරක්ෂක අංශ වල අයම පවසති. 

සිද්ධිය මෙසේය.

හරක් කටා යනු එසේ මෙසේ කුඩු ජාවාරම් කරුවෙක් නොවේ. මේ වසර තුල පමණක් ඔහුට අයත් යැයි සැලකෙන කුඩු ටොන් එකකට වඩා මුහුදු මාර්ග වලින් ගෙන එද්දී ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන ඇත. ඒ හා සමාන තොගයක් හසු නොවී රට තුලට පැමිණ ඇතැයි ඔව්හු සැක කරති. එසේ ගණන් බැලුවහොත් හරක් කටාට අයත්, රට තුලට පැමිණ ඇති කුඩු වල වටිනාකම පමණක් රුපියල් බිලියන 20 ක් පමණ වේ. සුළු පටු නැත. මෑත කාලයේ ලංකාවේ සියළුම භාණ්ඩ වල මිල තුන් ගුණයකින් පමණ ඉහල ගිය ද කුඩු පැකැට්ටුවක මිල සහ ගණිකාවකගේ මිල ඒ ආකාරයට ඉහල ගොස් නැත. ඒ අනුව ඉල්ලුමට වඩා කුඩු ද, ගණිකාවන් ද රට තුල ඇත.  

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙවත් සීඅයිඩිය කියන්නේ කුඩු ජාවාරමට අමතරව හරක් කටා මෙරට සිදු කරන ලද ඝාතන 22 ක මහ මොළකරුවා බවයි. පසුගිය මාස කිහිපය තුල  දිගින් දිගටම මෝටර් සයිකල් වලින් පැමිණ වෙඩි තබා සිදුකළ ඝාතන සියල්ල ඔහුගේ මෙහෙයැවීම මත ඔහුගේ ගෝලයන් විසින් සිදුකරන ලද කුඩු හා බැඳුනු අපරාධ ලෙස සැලකේ. ඒ අනුව සීඅයිඩිය විශේෂ බරක් යොදා හරක් කටා අල්ලා ගැනීමට වෙහෙස විය. 

එහිදී හේරත් දිසානායකගේ රොෂාන් ඉසංක යන ව්‍යාජ නමින් අංක 6692136 අංකය දරන ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් හරක් කටා භාවිතා කරන බව සීඅයිඩිය දැන ගත්තේ ය. ඒ තොරතුරු ජාත්‍යන්තර පොලිසියට ලබා දී තිබූ අතර පසුගිය අගෝස්තු 11 දා ඩුබායි සිට මලයාසියාව බලා යෑමට ඩුබායි ගුවන් තොටුපොල වෙත ගිය හරක් කටා ඩුබායි පොලිසිය විසින් අත් අඩංගුවට ගත්තේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පොලිසියට ලබා දී තිබූ තොරතුරු අනුව ය. 

ඉන්පසුව වැඩි දුර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඩුබායි ආණ්ඩුව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයෙන් උපදෙස් පැතුවේ ය. ශ්‍රී ලංකාව කළ යුතුව තිබුනේ ඔහුගේ අපරාධ පිලිබඳ වාර්තාවක් විදේශ අමාත්‍යාංශය හරහා ඩුබායි වෙත යවා හරක් කටා ශ්‍රී ලංකාවට පිටුවහල් කරවා ගැනීම ය. ඩුබායි හි දී අත් අඩංගුවට පත් මධූෂ් ඇතුළු පාතාල නායකයන් ද ලංකාවට පිටුවහල් කරවා ගත්තේ ඒ පරිදිම ය.

නමුත් සිදු වූයේ වෙන එකකි. හරක් කටා ගැන ලංකාවෙන් කිසිදු වාර්තාවක් නොලැබීම නිසා පසුගිය ඔක්තෝම්බර් 03 වැනිදා ඩුබායි පොලිසිය සහ අධිකරණය විසින් හරක් කටා නිදහස් කර අත හරිනු ලබන්නේ ය. 

සීඅයිඩිය බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ හරක් කටා පිලිබඳ වාර්තාව සකසා Top Secret සහ Urgent යනුවෙන් ද සඳහන් කොට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න වෙත තම නිලධාරියෙකු අතේම යවා බාර දෙන්නේ සැප්තැම්බර් 12 වැනි දා ය. එතැන් සිට හරක් කටා නිදහස් වන තුරුම ඒ වාර්තාව ඩුබායි වෙත නොයා කමල් ගුණරත්නගේ ලාච්චුවේ පුස් කන්නේ ය.

එසේ වූයේ කෙසේද? 

පහත ප්‍රශ්න වලට වගකිව යුත්තෝ පිළිතුරු දිය යුතුය..

හරක් කටා වැනි රටට අත්‍යාවශ්‍ය අපරාධකරුවෙකු අත් අඩංගුවට පත් අගෝස්තු 11 දා සිට ඔහු නිදහස් වන ඔක්තෝම්බර් 03 දා දක්වාම ලංකාවේ ආරක්ෂක මණ්ඩලය රැස්වූයේ නැතිද? රැස්වී නමුත් මේ ගැන කෙළ බිඳක් හෙළුනේ නැතිද? එසේ විය හැකිද?

ඩුබායි පොලිසිය හරක් කටා අත් අඩංගුවට ගන්නේ ජාත්‍යන්තර පොලිසිය දී තිබූ තොරතුරු අනුව ය. ජාත්‍යන්තර පොලිසිය ගණුදෙනු කරන්නේ ලංකාවේ සීඅයිඩිය සමග ය. සීඅයිඩිය අයත් වන්නේ ටිරාන් අලස්ට අයත් මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට ය. මහජන ආරක්ෂක අමාත්‍යාංශය ද රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සේම සමාන බලතල සහිත අමාත්‍යාංශයක් ය. විදේශ අමාත්‍යාංශය ද එසේම ය. එසේ වී නම් හරක් කටා පිළිබඳ වාර්තාව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කමල් ගුණරත්නගේ ලාච්චුවේ පුස් කෑවේ ඇයි? මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් විදේශ අමාත්‍යාංශය හරහා ගත යුතු ක්‍රියාමාර්ග නොගත්තේ ඇයි? 

දැන් ටිරාන් අලස් මෙය වෙන වෙන අයගේ කරේ එල්ලන්නට හදද්දී රටේ ආරක්ෂක ඇමැතිධූරය දරණ ජනාධිපති රනිල් රාජපක්ෂ තමන් යටතේ තිබූ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය ද ඇතුළුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව ද විශේෂ ගැසට් නිවේදනයකින් ටිරාන් අලස් ගේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයටම පවරන්නේ ය. ඒ ඇයි..? ඉහත ආයතන තුනම හරක් කටා සිද්ධියේ දී වැදගත් ආයතනයන් ය. 

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කමල් ගුණරත්නට සිය ඇමැති ජනාධිපති රනිල් රාජපක්ෂගේ උපදෙස් වලින් පිට ක්‍රියා කළ නොහැකි ය. රනිල් රාජපක්ෂ යනු ඇඹිටිල්ලන් ඇමැතිවරයෙකු කාලයේ දීම, දැරියක් දූෂණය කිරීමේ අපරාධයට වසර 12 ක් සිරගෙට නියමව සිටි ගෝනවල සුනිල්, සිය මාමා ජේආර් ලවා ජනාධිපති සමාව අරන් දී නිදහස් කරවා ගෙන, සාම විනිසුරු පදවියක් ද ලබා දී, තම අපරාධ කරවා ගත් පුද්ගලයෙකි. දැන් ඔහු ජනාධිපති ය. අපරාධකරුවන් ලවා තමාට අවශ්‍ය අපරාධ කරවා ගන්නා ආකාරය ගැන හසල අත්දැකීම් ඇත්තෙකි.

ටිරාන් අලස් ද ඊට නොදෙවැනිය. ඔහු එල්ටීටීඊය ද අන්දවා අපරාධකරවා ගැනීමට පවා අති දක්ෂ විය. 

හරක් කටා සතුව බිලියන නොව ට්‍රිලියන ගණනින් මුදල් තිබේ. හරක් කටා නිදහස් වීමේ දී ඒ මුදල් රනිල්, ටිරාන්, කමල් අත්වල ගෑවුනේම නැති ද? ඔවුන්ගේ මල්ලේ සියඹලා තිබුනේ ම නැති ද?

ඝාතන 22 කට වගකිව යුතු හරක් කටා ගේ අපරාධ කල්ලිය ඊලඟ ඝාතන සිදුකරන්නේ කාගේ අවශ්‍යතාවයට විය හැකි ද? තමන් නිදහස් කර දීම වෙනුවෙන් හරක් කටා කිසිදු වන්දියක් ගෙවන්නේ නැතිද?

-LeN අභ්‍යන්තර තොරතුරු සේවයේ වාර්තාකරුවෙකු විසිනි  

---------------------------
by     (2022-10-06 17:47:50)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links