~

ශානි යළි සටන අරඹයි..! රෙනෝගේ කුඩු නාලිකාවට සහ චමුදිතට එරෙහිව රු. මිලියන 500 ක් වන්දි ඉල්ලා නඩු පවරයි..!

(ලංකා ඊ නිව්ස් -2022.සැප්.29, ප.ව.8.45 -දෙවන සංස්කරණය ප.ව.11.00) "ලංකාවේ ෂර්ලොක්හෝම්ස්" ලෙස පරසිදු ශ්‍රී ලංකාව මෙතෙක් බිහිකළ අති දක්ෂතම රහස් පරීක්ෂකයා වූ ශානි අබේසේකර විසින් රුපියල් මිලියන 500 ක් වන්දි ඉල්ලා රෙනෝ ද සිල්වාගේ කුඩු නාලිකාවට සහ එහි උදේට පත්තර කියවන, යූ ටියුබ් කාරයෙකු වන චමුදිත සමරවික්‍රමට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ පසුගියදා නඩුවක් පවරා තිබේ. 

2021 ඔක්තෝම්බර් 19 දා උදෑසන විකාශය කළ 'පත්තරේ විස්තරේ' වැඩ සටහන ඉදිරිපත් කරමින් චමුදිත සමරවික්‍රම කරන ලද සම්පූර්ණයෙන් අසත්‍ය, හිතා මතා කළ ද්වේශ සහගත අපහාසාත්මක ප්‍රකාශයක් නිසා තමන්ට සිදුවූ අගතිය වෙනුවෙන් ශානි අබේසේකර මෙම රුපියල් මිලියන 500 වන්දිය ඉල්ලා ඇත්තේ චමුදිත සමරවික්‍රමගෙන් සහ කුඩු නාලිකාව අයත් රෙනෝ ද සිල්වා සභාපති වරයා වන ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් (පුද්ගලික) සමාගමෙනි. 

ශානි අබේසේකර වෙනුවෙන් පෙනී සිටින්නේ ලංකාවේ අවංක, නහයට කෙළින් වැඩ කරන ලද රාජ්‍ය නිලධාරිනියක වූ අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් වරිය ලෙස රාජකාරි කළ ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ යි.

මේ සිද්ධියේ තවත් නීච කාරණයක් තිබේ. එනම් ලංකාවේ ප්‍රධාන ධාරාවේ ජඩමාධ්‍ය මේ නඩුව පිළිබඳ පුවත වාරණය කිරීමයි. ඊට හේතුව ලෙස ජනමාධ්‍යයකට හෝ ජනමාධ්‍යවේදියෙකුට එරෙහිව වන්දි ඉල්ලා පවරන නඩු පිළිබඳ පුවත් වාර්තා කිරීම ප්‍රතිපත්තියක් ලෙස නොකරන බව එම ජඩමාධ්‍ය ප්‍රධානීන් පවසා තිබේ. ජඩමාධ්‍ය කාරයන්ගේ "අම්මගේ ප්‍රතිපත්ති" කියන්නේ මේවාට ය. 

ශානි අබේසේකර විසින් පවරන ලද නඩුවේ සම්පූර්ණ සිංහල පිටපත පහත දිගුවෙන් බා ගත හැකිය. 

https://www.lankaenews.com/home/downloads/92/Shani_v_Hiru_plaint_Final.pdf

පසුගිය 27 දා කොළඹ අංක එක දිසා අධිකරණයේ  දිසා විනිසුරුවරිය පූර්ණිමා පරණගමගේ ඉදිරියේ නඩු අංක 02609/22 ලෙස විභාග වූ ශානිගේ නඩුව පිළිබඳ වාර්තාව පහත ඉමේජ වල දැක්වේ

---------------------------
by     (2022-09-29 17:46:22)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links