~

අපේ පුවත්පත් මහ රැජිණගේ අභාවය වාර්තා කළ අන්දම ඉතා ශෝචනීයයි..!

-ශාන්ති සේනාධීර ලියයි

(ලංකා ඊ නිව්ස් -2022.සැප්.10, ප.ව.11.45) අපේ ප්‍රධාන පුවත්පත් බ්‍රිතාන්‍ය මහ රැජිණගේ අභාවය වාර්තා කළ අන්දම ඉතා ශෝචනීය කිව යුතුය. ඇතැම් ප්‍රධාන පුවත්පත් වලට එම පුවත ප්‍රධාන පුවතක් නොවූවා පමණක් නොව මුල් පිටුවේ පුවතක් හෝ නොවීය. ඉතා සුළු පුවත් පත් කිහිපයක් පමණක් මේ පුවත සඳහා මුල් තැනක් දී තිබුණි. පුවත්පත්වල වාර්තාවන් පළකිරීම තීරණය කිරීම මුළුමනින්ම කතුවරයා සතු කාර්ය භාරයකි. ඒ පිලිබඳ අපේ විවාදයක් නොමැත. නමුත් අද අපේ රට පවතින තත්වය ගැන මොවුන් ඉතා දැඩි ලෙස සැලකිල්ලට ගත යුතුය. මේ කාලය යනු අප රටට ජාත්‍යන්තර සහාය දැඩිව ඇවැසි කාලයකි. බ්‍රිතාන්‍යයේ සහාය අපට අනවශ්‍යද? මේ පුවත සුළු පටු පුවතක් නොවේ. 

ලංකාවේ ප්‍රධාන පුවත්පත් එය නොසලකා හැරි බව ලොව අනෙක් රටවල පුවත්පත් හා සසඳන විට ජනමාධ්‍ය ගැන සුළු දැනුමක් ඇති හෝ නැති අයෙකුට වුව වැටහෙනු නොඅනුමාන ය. ලොව ප්‍රධාන පුවතක් වාර්තා කිරීමට තරම් දැනුමක් නැති මාධ්‍යවේදීන් අප රටේ බිහිව තිබීම ඉතා ශෝචනීය කරුණකි. මෙවන් මාධ්‍යකරණයක් ඇති අපේ රටේ අනාගතයට කුමන අන්දමේ බලපෑම් එල්ලවේවිදැයි සිතා ගැනීම මෙය කියවන ඔබට බාරය. 

ජාත්‍යන්තර මාධ්‍ය කරණය පිලිබඳ ඇති අවබෝධය කොතෙක් වැදගත්ද යන්න මොවුනට වටහා දිය යුතු නොවේද..?

(සැප් 9 දා ප්‍රධාන පුවත් පත් කිහිපයක මුල් පිටු මෙහි දැක්වේ)

-ශාන්ති සේනාධීර

---------------------------
by     (2022-09-10 22:48:41)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links