~

ලංකාවේ පාපන්දුවෙන් ගසා කන දූෂිතයා ජැස්වර්..!

-LeN ස්පෝට්ස්මන් හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2022.සැප්.04, ප.ව.7.20) අපේ රටේ ක්‍රීඩාවේ පරිපාලකයෝත් රටේ පරිපාලකයෝත් අතර වැඩි වෙනසක් නැත. 

බලයට පත්වූ පසු එළවීම පහසු නොවේ. ඉන්නා තෙක් කරන්නේ තියෙන මුදල් ගසා කෑමය. නැතහොත් කාබාසිනියා කර දැමීමය. 

පාපන්දු සම්මේලනයත් එසේමය. 

පාපන්දු නිලවරණය පැවැත්වීමට නියමිත කාලය දැන් ඉකුත් වී ඇතත් එහි සභාපති ජැස්වර් උමාර් ඒකාධිපතියකු ලෙස කටයුතු කරමින් අමාත්‍යාංශ නියෝග ද තුට්ටුවකට මායිම් නොකරමින් බලයේ රැඳී සිටියි. 

ජැස්වර් පසුගිය නිලවරණයේදී බලයට පැමිණියේ මුස්ලිම් ලීග වල හා හිටපු ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂගේ සහයෝගයෙනි. 

නාමල්ගේ ද නම පුම්බවමින් ජැස්වර් කළේ ඔහු බලයට පත් වන විට ෆීෆා ආධාර මගින් පාපන්දු සම්මේලන අරමුදලේ තිබූ රුපියල් ලක්ෂ 4000 ට විදීමය. 

කොවිඩ් නිසා වියදම් කිරීමට ෆීෆා මගින් ලබා දුන් අවසරය උපයෝගි කරගනිමින් ජැස්වර් කළේ තරගාවලි පවත්වා එම මුදල් අත්තනෝමතික ලෙස වියදම් කිරීමය.

ජැස්වර්ගේම උප සභාපති වන රංජිත් රුද්‍රිගු පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් ජැස්වර්ගේ රෙදි ගැලෙව්වේය.

එහිදී කියවුණු කරුණු අතර ජැස්වර් පාපන්දු පරිපාලනයේ කටයුතු කරන්නේ ඒකාධිපතියකු ලෙසය. 

මුදල් පරිහරණය කරන්නේ ඔහුට අවශ්‍ය පරිදිය. මූල්‍ය කමිටු සභාපතිවරයාද ඔහුය. මුදල් වියදම් අනුමත කරන්නේද ජැස්වර්ම වන අතර චෙක් අත්සන් කරන්නේද ඔහුමය.

රටවල් හතරක් සහභාගි වූ තරගාවලියක් සංවිධානය කළ මොහු ඒ සඳහා රුපියල් ලක්ෂ 1400 ක් වියදම් කළේය. එහිදී ලක්ෂ 100 ක් තරගාවලි ගීතයක් වෙනුවෙන් වියදම් කර ඇතත් තරගාවලියේදී එවැනි ගීතයක් ප්‍රචාරය කර නැත.

ඉසව් කළමනාකරණ සමාගමකට ලක්ෂ 800 ක් ලබා දී ඇති අතර මාධ්‍ය කටයුතු වෙනුවෙන් තවත් ලක්ෂ 90 ක් වියදම් කොට ඇත. 

මේවා සඳහා විධායක කමිටු අනුමැතියක් හෝ ලබාගෙන නොමැත.

මේ අතර පසුගිය සමයේ දුසිම් ගණනින් පාපන්දු සම්මේලනයේ වැඩ කටයුතු සඳහා කියමින් සේවකයන් බඳවාගෙන ඇතත් ඒ පිළිබඳ තොරතුරු කිසිවක් නොමැත.

ජැස්වර් පසුගිය සමයේ ෆීෆා නිලධාරින් කිහිප දෙනෙකු සමග සමීප සබඳතා පැවැත්වූ හෙයින් තමන්ට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ දිගින් දිගටම රැඳී සිටීමට හැකි බවට මතයක් ඔහු ගෙන ගියත් ක්‍රීඩා අමාත්‍යාංශය මේ පිළිබඳ ක්‍රියා මාර්ගයක් නොගැනීම මත උසාවියේ පිහිට පැතීමට අනුබද්ධ ක්‍රීඩා සංගම් රැසක් මේ දිනවල කටයුතු කරන බව දැනගන්නට ඇත.

අරගල ක්‍රියාකාරියකු වූ ධානිෂ් අලි නමැත්තාද ජැස්වර්ගේ ප්‍රධානම මාධ්‍ය සහායකයකු ව්ය. 

-LeN ස්පෝට්ස්මන්

---------------------------
by     (2022-09-04 13:56:19)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links