~

ණය වෙලා ගිතෙල් කෑවේ රාජපක්ෂ හොර මුල; අපිට කන්න වුණේ ගොම විතරයි..!

-බංග්ලාදේශ අගමැතිනියගේ කතාවට ශ්‍රී ලාංකේය පුරවැසියකුගෙන් ඌණ පූර්ණයක්

(ලංකා ඊ නිව්ස් -2022.අගෝ.31, පෙ.ව.11.45) බංගලා දේශයේ ආර්ථිකයට ශ්‍රී ලංකාව මෙන් ඇද වැටීමට කිසිදිනක ඉඩ නොදෙන්නේ යැයි එරට අගමැතිනි ෂික් හසීනා සඳහන් කළා ය. ඉදිරියේ එල්ල වන සියලු අභියෝග ජය ගනිමින් බංග්ලාදේශය සංවර්ධන රටක් කරා යන ගමන අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ද ඇය පවසා සිටියේ ඩකා නුවර දී පැවති උත්සවයකදී ය.

"බංග්ලා දේශය කවදාවත් ශ්‍රී ලංකාව වගේ වෙන්නේ නැහැ, ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියක් කිරීමට පෙර අපි ඒ ගැන ප්‍රායෝගික වශයෙන් හිතනවා. අපේ රට සියලු ගෝලීය අභියෝග ජය ගනිමින් ඉදිරියට ගෙන යනවා. 'අපි මුදල් ණයට ගෙන ගිතෙල් කන්නේ නැහැ', එමඟින් රට ඕනෑම ණය උගුලකට ඇද වැටෙන්න පුළුවන්. බංග්ලාදේශය සියලුම විදේශ ණය නියමිත වේලාවට ආපසු ගෙවනවා" යි බංග්ලාදේශ් අගමැතිනිය කීවා ය. 

ඇය තම කතාවට අප එළඟිතෙල් නමින් හඳුන්වන ගිතෙල් සම්බන්ධ කර ගැනීම ගැන බොහෝ දෙනෙකු තුළ කුකුසක් මතු විය හැක. එය පුරාණ ඉන්දියාවේ ජනප්‍රිය විශ්වාස පද්ධතියක් වූ 'චාර්වාක දර්ශනයට' අයත් කියුමකි. එය චාර්වාක නම් දාර්ශනිකයකු විසින් ලෝකයා හමුවේ අනාවරණය කළ බව පැවසෙන මතවාදයක් සේ සැලකෙයි. චාර්වාක දර්ශනය දෙවියන් සහ ආත්මය වැනි අද්භූත සංකල්ප සේම  පුනරුත්පත්තිය සහ මෝක්ෂ වැනි පාරභෞතික සංකල්ප ද තරයේයේම ප්‍රතික්ෂේප කරයි. මධ්‍යතන යුගයේ අවසානය වන විට චාර්වාක ධර්මය අතුරුදහන් වී තිබුණ ද, මෙම දර්ශනය පිළිබඳ දැනුම බෞද්ධ හා හින්දු දාර්ශනික ග්‍රන්ථ මඟින් දැකිය හැකිය. එම ආගමික සාහිත්‍යයන් මඟින් චාර්වාක දර්ශනය දැඩි සේ ප්‍රතික්ෂේප වී ඇත්තේ එවක සමාජයේ ආගමික මතවාද වලට එරෙහි එම මතය අතිශය ජනප්‍රිය ව තිබූ නිසාම විය හැක. මෙම චාර්වාක, ලෝකායත නමින් ද හැඳින්වෙයි. එහි අරුත වන්නේ ද හුදු ලෞකික (Secular) යන්න ය. යමකුගේ පරම සුඛය ස්ථාපිතව ඇත්තේ ලෞකිකත්වය මත පමණක් ය යන ඔහුගේ මතය පරමසුඛවාදය (Hedonism) නම් වන න්‍යාය මත පදනම් වූවක් බව පෙනේ. 

අතීත භාරතයේ පස්ගෝරසයට ඉහළ තැනක් හිමි ව තිබූ අතර ඒ අතරින් එම පස්ගෝරසයේ ක්ෂාර ගුණය ගිතෙල් වල අඩංගු බවට විශ්වාසයක් ද විය. මිනිසාගේ පංච කාම සම්පත් සඳහා ඇවැසි ශුක්‍ර, ඕජස්, බල, වර්ණ, දෘෂ්ඨි ශක්ති වර්ධක ගුණ ගිතෙල තුළ නොමඳව ඇති බවට විශ්වාසයක් එකල තිබූ බවට පැරැණි ආයුර්වේද ග්‍රන්ථ මඟින් ද සාක්ෂි ලැබේ. "ඍණං කෘත්වා ඝෘතඃ පිබේ" (ණය වී හෝ ගිතෙල් කන්න) යනුවෙන්  චාර්වාක ද පවසා ඇත්තේ ගිතෙල් තුළ එපමණකටම ගුණයන් ඇති හෙයිනි. 

එහෙත්, බංග්ලාදේශ් අගමැතිනිය කී අන්දමට  ශ්‍රී ලංකාව මුදල් ණයට ගෙන ගිතෙල් කා ඇතත් මේ වන විට ඒ ගිතෙල් මුළුමනින්ම පරිභෝජනය කර ඇත්තේ මැදමුලනේ රාජපක්ෂලා ඇතුළු නිදහසින් පසු මෙරට පාලනය කළ චෞර පාලකයන් බව පෙනේ. පසුගිය කාලයේ සිංහරාජ වනය මායිමේ පිහිටි කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කරන ලද රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක් වටිනා සංචාරක හෝටලය පවා මැදමුලන රාජපක්ෂ පවුලේ රැකියා විරහිත දරුවකු වන රෝහිත රාජපක්ෂට හිමි බව ඔහු විසින්ම පිළිගැනීමෙන් රාජපක්ෂ චෞර නඩයේ මෙම 'ණය වී හෝ ගිතෙල් කෑම' කෙතරම් බරපතල එකක් දැයි සිතා ගන්නට අපට පුළුවන. 

ඒ අනුව බංග්ලාදේශ අගමැතිනිය ගේ මේ මුදල් ණයට ගෙන ගිතෙල් කෑමේ කතාවට ශ්‍රී ලාංකේය පුරවැසියකු ලෙස මෙම ඌණ පූරණය එක් කළ යුතුයැයි මට සිතෙයි. එනම් "රටකට කිසිසේත් ඔරොත්තු නොදෙන විදේශ ණය කන්දරාවක් ලබා ගනිමින් මෙතෙක් කන තරමක් ගිතෙල් කා ඇත්තේ මෙරට පාලකයන් බවත් ඔවුන් එසේ කොට ඇත්තේ අප රටේ සාමාන්‍ය ජනතාවට ගොම පමණක් කන්නට සැලැස්වීමෙන් බවත්" ය.

සුනිමල් මුතුමාල

---------------------------
by     (2022-08-31 06:41:14)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links