~

රනිල් රාජපක්ෂගේ මර්දනය මාරාවේශ වීමට නියමිතයි..! සැලසුම සහ ඉලක්ක මෙන්න..!

-රසල් හේවාවසම් හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2022.අගෝ.29, ප.ව.10.55) රටපුරා දියත්කෙරෙමින් තිබෙන මර්දනයත් සමග පාලක රනිල් රාජපක්ෂ රෙජිමයේ පසුබැස ගිය දූෂිතයන් සහ තක්කඩින් යලි ශක්තිමත් වෙමින් කරලියට එමින් සිටිති.  රාජපක්ෂලාගේ අනුහසින් රටේ ජනාධිපති වූ රනිල් මේ වනවිට රට මුහුණ දී සිටින බරපතල ආර්ථික ව්‍යසනයට විසඳුම් සෙවීම පැත්තකට දමා, අර්බුදයේ වාසිය උපයෝගීකර ගනිමින් 2023 වසර අග හෝ 2024 වසර මුල පැවත්වීමට නියමිත ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ අරමුණින් ඒ වෙනුවෙන් වූ  බල ව්‍යාපෘතියක් දියත්කරමින් සිටියි. රටේ පවතින බරපතල ආර්ථික ව්‍යසනයෙන් සාගිණි මැද බැටකන, අපා දුක් විඳින ජනතාව අමතක කර ඇති ඔහු ගෝඨාභය සේම භාන්ඩ හා සේවාමිලට අමතරව විදුලි, ජල සහ මළාපවහන බිල් ද අහස උසට ඔසවා තිබේ. ඒ පිලිබඳව වගේ වගක් නොමැති රනිල් කරන්නේ මාධ්‍ය ඉදිරියේ කිඹුල් කඳුළු සැලීම පමනකි. 

ජනතා ඝාතන දක්වා..

අර්බුදයට විසඳුම් සෙවීම වෙනුවට තමාට ලැබුණු පින් ජනාධිපතිකම අවභාවිත කරමින් ඔහු ක්‍රියා දෙකක් කරමින් සිටියි. පළමුවැන්න සාහසික සිත් පිත් නැති මර්දනයයි. මේ මර්දන සැලැස්ම ඉලක්ක ගත ජනතා ඝාතන දක්වා ගෙනයාමට තීරණය වී තිබේ. මේ ගැන මේ ලිපියේ මීළඟට අපි දීර්ඝ ලෙස  තොරතුරු හෙලිරදව් කරමු. 

දෙවැන්න ඔහු රටේ බංකොලොත් වීම තඹ දොයිතුවකට මායිම්  නොකර ජනාධිපති ලේකම් කාර්යාලයේ  සහ වෙනත් රාජ්‍ය ආයතන රාශියක තිබූ සහ නොතිබූ තනතුරු හැටහුටහාමාරක් සඳහා පත්වීම්  ජනාධිපති ලේකම්  සමන් ඒකනායකගේ අත්සනින් නිකුත්කර  තිබීමයි.

අමන තක්කඩියන්... 

එහි හාස්‍යජනක සිදුවීම නම් ජනාධිපති රනිල්ගේ නියමය පරිදි තම අතීත දේශපාලන මිතුරන්ට සහ එහෙයියන්ට අමතරව තමන් නිර්දය ලෙස  විවේචනය කළ, යහපාලනයට පවා වෙට්ටු දැමූ  දේශපාලන පසමිතුරන් ඇතුළුව පුස්සන්ට ද රට හිඟමනට වැටී තිබියදී පවා විධායක මට්ටමේ තනතුරු ලබා දීමයි. සාපරාධී ලෙස රජයේ  වාහන, ඉන්ධන, වැටුප් සහ වෙනත් වරප්‍රසාද සහිතව මහජන මුදලින් මේ තනතුරු ලබා දී තිබේ. 

රනිල් රාජපක්ෂගෙන් එකී තනතුරු ලබාගැනීමට පෙර  එම වරදාන  ලබාගත් ඇතැම් සට්ටැඹියෝ මානවහිමිකම්, නීතියේ ආධිපත්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදය, දූෂිත පවුල් පාලනයට එරෙහිව ජනතා නැගීටීම්  ගැන, රටේ මුල්‍ය විනය සහ  එහි වටිනාකම් වැනි කරුණු ගැන මහත් ඉහලින් කතා කළ  තක්කඩින්ය.  තනතුරු මස්  කටු ලැබ එවා රසවිඳිමින් සිටින එම  අමනයන්, දැන් පසුවන්නේ 'කසාය බීගත් ගොළුවන් සේය' . ඇතැමෙක් රනිල් රාජපක්ෂගේ නින්දිත මර්දනයට එරෙහිව තම පුද්ගලික Facebook ගිණුමක හෝ  හඬක්වත් නොනගා රනිල් රාජපක්ෂගේ ආණ්ඩුවට දාසකම් කරමින් සිටිති. තවද ඔවුන් ඔහුගේ නිර්ලජ්ජිත මර්දනයන් පලිගැනීම් හමුවේ එයට එකඟව  කුක්කන් සේ නගුට වනමින් කටු ලෙවකමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ  පුටු රත් කරමින් සිටිති. 

මර්දනයේ සැලසුම මෙන්න..

ජනාධිපති රනිල් රාජපක්ෂ ගේ  නිර්දේශය පිට  පාදඩ රාජපක්ෂ  පවුල් දේශපාලනයට  එරෙහිව හඬ නගන පුද්ගලයන් රැසක් ඉලක්ක කරමින් අපහාස චෝදනා ඇතුලත් මඩ අවලාද, පුද්ගලික පහරදීම් සැලසුම් කර තිබේ. එය මෙම  මර්oන සැලැස්මේ පළමු පියවරයි. එහෙත් ඇතැම්විට එය නාඳුනන  තුවක්කුකරුවන් යොදවා ඝාතනය කරවීම, හෝ  උත්සව ප්‍රිය සම්භාෂන වලදී  විෂ ශරීරගත කර සිදුකරවන සැකටයුතු හදිසි මරණ දක්වා වර්ධනය කිරීම ඔවුන් ගේ ඉලක්කයයි. (එහි පෙරහුරුවක් මේ දිනවල සිදු වෙමින් තිබේ. දූෂිත සිරි ලංකා පොලීසියේ ඉහලම තක්කඩින් නිරායුධ අරගල කරුවන් හඹා යමින් සිටියදී ගෙවුනු මාස 3 තුල රටපුරා මහ නගර මැද මහ දවල් නිරායුධ පුරවැසියන් 27 දෙනෙකු, නාඳුනන තුවක්කුකරුවන්ට බිලිවීම එම පෙරහුරුවයි. පුදුමයකට මෙන් කවුරුත් මේ ඝාතන ගැන නිශ්ශබ්ද ය.)

පහත නම් සඳහන් කිහිපදෙනාට පැහැදිලි චරිතඝාතන සහ  අවලාදවලට අමතරව ජීවිත තර්ජන ඉදිරි කාලය තුල එල්ලවීමට නියමිත ය. මේ පළමු කණ්ඩායම  රනිල් රාජපක්ෂ රෙජිමයට වහකදුරු වීමට බලපෑ ඇති හේතු කිහිපයක් ද මේ නාම ලේඛනය සමග ඉදිරිපත් කරමි. (තවද මේ එම අභියෝගයට ලක්ව ඇති පළමු කණ්ඩායම පමණක් බව ද යලි යලිත් අවධාරණය කරමි) 

01. අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමි..

එතුමන් ඉලක්ක වීමට ආසන්නතම හේතුව මෙයයි: 2019.04.21. පාස්කු ප්‍රහාරයත් සමග එවකට අගමැති රනිල්, තමන් භාවිත කළ රජයට අයත් වෙඩි නොවදින මෝටර් රථය හදිසියේම කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට මතු ආරක්ෂාව සඳහා යැයි පවසා එවා තිබිනි.  කාදිනල් හිමියන් එය හැරෙන තැපෑලෙන්ම ප්‍රතික්ෂේප කළේය. එය එදා රනිල්ට බලවත් සිත්රිදුමක් සහ ලැජ්ජාවක් ඇති කළේය. තවද එකී සමුල ඝාතනය වැලක්වීමට ෙඑවකට අගමැති ලෙස රනිල්ද අසමත් වූවත් ඒ ගැන ඔහුගේ නිදහසට ඔහු කළ කරුණු ඉදිරිපත් කිරීම කාදිනල් හිමියන් විසින්  දිගින් දිගටම ප්‍රතික්ෂේප කෙරුනු අතර එතුමා ඒ ගැන නොකඩවා විවේචනය කිරීම ද රනිල් ගේ කෝපයට හේතු වී තිබිණි. තවත් වැදගත් කරුණක් තිබේ. එනම් කාදිනල් හිමි මේ දක්වා ජනමර්දක රනිල්ට ජනාධිපති ලෙස තමන් වහන්සේ මුණගැසීමට අවස්ථාවක් ලබා දී නොමැත. නින්දෙන් ඇහැරී වැඩකරන අයෙකු පරිදි පසුගියදා රනිල් හදිසියේම  පාස්කු ප්‍රහාරය සම්බන්ධව ජාත්‍යන්තර පරීක්ෂන සිදුකරන බවත් තමන් එකී විමර්ෂන කඩිනමින් අවසන් කරන බවත්  පැවසීම හාස්‍යයෙන් බැහැර කිරීම ද ⁣තවත් හේතුවකි. (කාදිනල් හිමියෝ ද එදා රාජපක්ෂ හිතෛෂී පුද්ගලයෙකු ලෙස ගෝඨාභය ඇතුළු රාජපක්ෂලා එකී පාස්කු ප්‍රහාර ඝාතනයේ පසුපස සිටි බව වටහා ගැනීමට කල් ගත් නමුදු රනිල්ගේ ආණ්ඩුව  එම ප්‍රහාරය සිදුවීමට නිහඬ  සහායක් ලබාදී තිබෙන බව ඉතා ඉක්මනින් අවබෝධ කර ගත්තේය)

2. සිරිල් ගාමිණී පියතුමා..

කතෝලික බෞද්ධ  සහ අනෙකුත් සියලු කන්ඩායම් සමග මනා සම්බන්ධයකින් සහ සහයෝගයකින් යුතුව, බුද්ධිමත් ජන කොටස්වලට සන්නිවේදනය වන පරිදී  පාස්කු  අපරාධයට එරෙහිව  යුක්තිය සඳහා නොකඩවා විරෝධතා සහ අදහස් දැක්වීමයි.

3. ජීවන්ත පීරිස් පියතුමා...

අරගල කරුවන් සමග ඒකාබද්ධව යුක්තිය සඳහා අඛන්ඩව විරෝධතා දැක්වීම. විවිධ මතිමතාන්තර සහිත තරුණ කන්ඩායම් සමග සම්බන්ධතා පවත්වාගෙන යමින් ඔවුනට ශක්තියක් වීම රෙජීමයට අභියෝගයක් වී තිබේ.

4. පුජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමි...

රනිල් රාජපක්ෂ විරෝධී මත ඉදිරිපත් කිරීමත් දූෂණයට සහ අයුක්තියට එරෙහිව අනෙකුත් ආගමික නායකයන් සමග මනා අවබෝධයකින් සහ සහයෝගිතාවකින් ක්‍රියා කරමින් ඉහල සම්බන්ධීකරනයක් පවත්වාගෙන යාම. තමන් වහන්සේගේ මතය එඩිතරව ඉදිරිපත් කිරීම.

5. පුජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි..

උගත් සමාජයේ පිලිගැනීමක් ලබා සිටින පරිසරකාමී තරුණ භික්ෂුවක් ලෙස රනිල් රාජපක්ෂ රෙජිමය දියත්කර තිබෙන මර්දනයට එරෙහිව කටයුතු කිරීම.

6. ජෝසෆ් ස්ටාලින්..

මහජන සටන් සහ ඒකාබද්ධ වෘත්තීය අරගල මෙහෙයවීම  නායක්තවය දීම.

7. ජනාධිපති නීතිඥ සාලිය පීරිස්..

වත්මන් ආණ්ඩුවේ බරපතලම විරෝධයට ලක්ව සිටින මෙතුමා කෙරෙහි ජනාධිපති රනිල් රාජපක්ෂ පෞද්ගලික වෛරයක් පවත්වාගෙන යමින් තිබේ.  නීතිඥ සංගමය දෙකඩ කරවීම රනිල්ගේ පළමු සැලසුමයි. ඉන්පසුව  ජනාධිපති නීතිඥ සාලිය පීරිස්   හුදකලා කරවීම, ජීවිත තර්ජන එල්ල කරවීම මගින් ඔහු නිහඬ  කරවීම ඉලක්කයයි. පලවා හරින ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද  රටේ සියලු හමුදා අතර ජනප්‍රියත්වයෙන් පිරිහී සිටින දුෂිතයකු සහ ස්ත්‍රී සොඬකු වන  කමල් ගුණරත්න සහ ඔහුගේ අනුදැනුම යටතේ සිටින රාජපක්ෂ ගැති බුද්ධි අංශ කන්ඩායමද පසුගියදා ආරක්ෂක අමාත්‍යාශයේදී පැවත්වු විශේෂ සාකච්ඡාවක දී  ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ද වත්මන්  ආණ්ඩුව පවත්වාගෙන යාමට බරපතල තර්ජනයක් සහිත පුද්ගලයෙකු ලෙස හඳුන්වා දී තිබේ. සාලිය පීරිස් ඇතුළු එම නීතිඥ කන්ඩායම යුක්ති සහගත ජනඅරගලය වෙනුවෙන් සැමගේ නොමද ගෞරවය හිමිවන මෙහෙයක් සිදුකළේය. දූෂිත රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ සැලැස්ම මේ "හිසේ කැක්කුම" ඉවත් කර දැමීමයි. 

8. නීතිඥ උපුල් ජයසූරිය..

රනිල් රාජපක්ෂ ඇතුළු දූෂිත කන්ඩායම්වලට එරෙහිවත් රාජපක්ෂ රෙජිමය කොල්ලකන ලද මහජන දේපොල පිළිබඳව සාක්ෂි සහිතව, විවේචනාත්මක අදහස් සිදුකිරීම. අධිකරන කටයුතුවලදී දූෂිතයන්ට එරෙහි කඳවුරු වලට සහායදීම. ඔහු රනිල්ට පක්ෂපාතීව සිට පසුව සජිත්ට පක්ෂපාතී වීම. රනිල්ගේ දූෂිත ක්‍රියා පිළිබඳ මනා දැනුමක් තිබීම.  

9. නීතිඥ නුවන් බෝපගේ..

අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලයේ වසන්ත මුදලිගේ ඇතුළු කන්ඩායම්වලට විරුද්ධව ආණ්ඩුව දියත්කර තිබෙන මර්දනයට එරෙහිව නීතිඥයෙකු ලෙස දිගින් දිගටම මැදිහත්වීම, ඔවුන්ට සහාය ලබාදීම.

මීට අමතරව  ගැනීමට තීරණය කර ඇති මර්දන පියවර මෙසේය: 

රනිල් රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව විරෝධය ඉස්මතු කරවන ලිපි සහ සංවාද ඇතුලත් වෙබි අ⁣ඩවි සහ YouTube  නාලිකා අක්‍රීය කරවීම.  

විදෙස්ගතව සිටිමින් රනිල් රාජපක්ෂ මර්දනකාරී ආණ්ඩුව නිර්⁣දය ලෙස විවේචනය කරන, ඒසඳහා රැලි, වැඩමුළු zoom සම්මන්ත්‍රණ  පවත්වන, ඒවා සංවිධාන කරන පුද්ගලයන්ගේ තොරතුරු මේ වනවිට බුද්ධි අංශ යොදවා විශ්ලේෂනය කරමින් තිබේ.  ඒවා අඩපන කරවීමට ඔවුන්ගේ පුද්ගලික ගිණුම් අවහිර කරවීම, ඒ ඒ රටවල පදිංචි රාජපක්ෂ ගැති පුද්ගලයන් කල්ලි  කණ්ඩායම් යොදවා 'පොදු උත්සව' 'සැනකෙලි'  අවස්ථාවලදී  ඔවුන් සමග ගැටුම් ඇතිකරවීමටත්  පහරදීම් සිදුකිරීමටත්  අදාල උපදෙස් විදේශයන්හි පිහිටි ලංකාවට අයත් තානාපති කාර්යාලවල  සේවයේ නිරත ආරක්ෂක  සම්බන්ධීකාරකයන්ට  (Defense  Attache) උපදෙස්  ලබාදෙමින් තිබේ. තවද ලංකාවේ සිටින විදෙස්ගත සමාජ  ක්‍රියාකාරීන්ගේ සමීපතයින් ඉලක්කකර තර්ජන කරවීම බියවැද්දවීම CID කැඳවීම,  ඔවුන් ගුවන්තොටුපලෙන් රටට ඇතුළුවීමේ දී සහ රටෙන් පිටවීමේ දී බාධා කරවීමටත් සැලසුම්කර තිබේ.

රසල් හේවාවසම්

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/74

---------------------------
by     (2022-08-29 17:29:57)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links