-ඩේලි මිරර් ලිපියක් සිංහලට නැගුවේ ආනන්ද
(ලංකා ඊ නිව්ස් -2022.අගෝ.29, ප.ව.8.10) ගෝටාබය පලා යන විට ඔහු සතුව මුදල් මිලියන 17.5 ක් තිබූ බවත්, බැසිල් එක්සත් ජනපදයේ ගෙදරට යාම සඳහා පළමු පන්තියේ ගුවන් ටිකට් පතකට රුපියල් මිලියන 5 ක මුදලක් ගෙවා තිබූ බවත් වාර්තා වී තිබේ.
2019 වසරෙන් පටන් ගෙන ඔවුන්ගේ ජනාධිපතිකාරයා රටින් පලා යාමෙන් කෙළවර වූ කාලය පුරාම මේ රටට හරි අපූරු සේවය කිරීමෙන් පසු, රාජ්‍ය සේවයේ ඔවුන්ගේ කූටාලියන් හත් දෙනෙකු සඳහා රනිල් නම් බළල් අත ලවා කොස් ඇට ටිකක් නොව මිලියන 117 ක්ම බාවා ගැනීමට පොහොට්ටුකාරයන් ගන්නා උත්සාහයක් ගැන 14 වැනිදා ‘The Sunday Times’ පුවත් පතෙන් කියැවූ මට මහත් පිළිකුලක් ඇති විය. ඒ, එකී චූදිතයන් යහපාලන ආණ්ඩුවේ වින්දිතයන් වූ බවට කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවක වාර්තාවක් මත පදනම්වය.
පොහොට්ටුවන්ගේ මේ ඉල්ලීම දුප්පතුන්ගේ කර මතින් එන්නේ, දේශපාලකයන් කෝටි ගණන් මුදල් උපයා සුවසේ ජීවත් වන වකවානුවක බව මතක තබා ගත යුතුය. කෙසේ වෙතත්, ඔවුන්ගේ රාජ්‍ය පරිපාලනය කෙතරම් නරක ද යත්, අප බංකොලොත් වී ඇති අතර, මිලියන ගණනක් ජනතාව ආහාර, රෝහල්, ඖෂධ, අත්‍යවශ්‍ය සේවා, හා අමු ද්‍රව්‍ය නොමැතිව සිටිති.
ගෝටාබය පලා යන විට ඔහු සතුව මුදල් මිලියන 17.5 ක් තිබූ බවත්, බැසිල් එක්සත් ජනපදයේ ගෙදරට යාම සඳහා පළමු පන්තියේ ගුවන් ටිකට් පතකට රුපියල් මිලියන 5 ක මුදලක් ගෙවා තිබූ බවත් වාර්තා වී තිබේ. නීති පද්ධතියක් ක්‍රියාත්මක වන වෙනත් ඕනෑම රටක නම් ස්වාධීන රාජ්‍ය යාන්ත්‍රණය වහාම ක්‍රියාත්මක වී, උඹලාට මෙච්චර සල්ලි කොයින් දැයි ප්‍රශ්න කරනු ඇත.
ඒ වන විට අරගලයේ අරමුණු ගැන කල්පනාවෙන් සිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බැසිල්ට තව දුරටත් ප්රභූවරයෙකු ලෙස සැලකීම ප්‍රතික්ෂේප කළ අතර ඔහු ද අන් අය මෙන්ම පොදු මාර්ගයෙන් පැමිණිය යුතු යයි පැවසීම නිසා බැසිල්ගේ ගමන් සැලසුම් අවලංගු විය.
වන්දි ලබා දීමට නිර්දේශිත කූටාලියන් වන්නේ (1) පියදාස කුඩාබාලගේ, (2) ගාමිණී සෙනරත්, (3) ලලිත් වීරතුංග, (4) අනූෂ පැල්පිට (5) තිළිණ ගමගේ, (6) නීල් බණ්ඩාර හපුහින්න (7) කිත්සිරි රණවක සහ (8) වසන්ත කරන්නාගොඩ යන අයයි. වන්දි සඳහා බදු ගෙවන ජනතාව විසින් දැරිය යුතු මුළු මුදල රුපියල් මිලියන 117 කි.
2015 මැතිවරණයට පෙර කුප්‍රකට සිල් රෙදි කතාවේ සිටි නම් දෙකක් මම මෙම ලැයිස්තුවෙන් අර ගනිමි. එහි දී විදුලි සංදේශ නියාමන කොමිෂමේ (TRC) අරමුදල්වලින් මිලියන 600 ක් නාස්ති කර තිබිණ. ඔවුන්ට අධිචෝදනා ගොනු කළ අතර අධිකරණය නීතියට අනුකූලව තීන්දුවක් ලබා දුන්නේය. කෙසේ වෙතත් මුදල් නාස්ති කළ පුද්ගලයාගෙන් එම අලාභය නැවත ආණ්ඩුවට නොලැබුණු නමුත් ඒවා ඇණවුම් කළ පුද්ගලයා දුප්පතුන් වෙනුවෙන් අඬා වැළපෙන්නෙකු බැවින් එසේ නොවීමට ද තරමක් හැකියාවක් ඇත.
පෙර කී කොමිෂම ඔවුන් දෙදෙනාට මිලියන 29 ක් ගෙවීමට නිර්දේශ කර තිබුණි. ඒ, දුරාචාර නීති විරෝධී නියෝගයක් ක්‍රියාත්මක කිරීමෙන් ඔවුන් මුහුණ දුන් වේදනාවට වන්දි ගෙවීමට විය හැකිය.
මැදගොඩ අබයතිස්සගේ නායකත්වයෙන් යුත් “කහ රෙදි” බලකායට අයත් සාමාජිකයින් විසින් චූදිතයන්ට නියම කරන ලද දඩ මුදල ගෙවීමට මුදල් එකතු කිරීම සඳහා එදා කුඩා භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතයේ යැවූ සැටි අමතක නොකළ යුතුය.
රටේ ප්‍රතිරූපයට විශාල හානියක් වන අයුරින් ඉතිහාසය නිර්මාණය කළ ඊනියා ‘දිවිනැගුම’ ගැන රටම හොඳින් දනී. රටේ අගවිනිසුරුවරිය නෙරපා හැරීමට කැන්ගරු අධිකරණයක් ක්‍රියාත්මක විය. මහරජාණන් සහ ඔහුගේ [නීච] වංශය කෙතරම් බලයෙන් මත් වී සිටියේ ද යත්, රටට විඳින්නට සිදුවන හානිය ගැන ඔවුහු කිසිදු තැකීමක් නොකළහ.
මා ඊළඟට එන්නේ එවකට සිටි ජනාධිපතිකාරයාගේ දෙවැනි පුතාට නාවික හමුදාවට ඇතුළු වීමට තිබූ කඩඉම පවා පහතට දැමූ හිතවත් දූෂිත නාවික හමුදා නිලධාරියා ළඟටය. ඔහු ඒ පුතා නාවික හමුදාවට බඳවා ගත්තා පමණක් නොව, දින 20 කට පසු කීර්තිමත් ඩාර්ට්මවුත් පශ්චාත් උපාධි නාවික ආයතනයට ද යැව්වේය. එහි දී පුතා අසාර්ථක වූ නිසා ඔහු යුක්රේනයට ගෙන ගියේය.
නිල ඇඳුමක් ඇඳීමට ඉළන්දාරියෙකුට තිබූ ආශාවක් තෘප්තිමත් කිරීම සඳහා මහජන මුදල් මිලියන කීයක් වියදම් කළා ද යන්න සඳහන් කිරීම දැන් වැඩකට නැති දෙයකි. රටට සේවය කිරීම මගින් ජනතාව ඔහුට වියදම් කළ මුදල් ආපසු ගෙවිය යුතුව තිබුණ නමුත් ඒ පුතා එසේ නොකළේය.
ඔහුගේ බාල මලයා යැව්වේ යයි කියන රොකට්ටුවක වේගයෙන්ම, වසර ගණනාවක සේවා පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ රාජ්‍ය සේවකයෙකුට පමණක් වාඩි විය හැකි පුටුවක ද කෝවිඩ් ව්‍යාප්තියත් සමගම ඒ පුතා වාඩි කෙරෙව්වේය.
රට අද මෙතරම් දුක්ඛිත තත්ත්වයට ගෙන එමින් එදා ඩොලර් මිලියන ගණනින් මහජන මුදල් කාබාසිනියා කළ ආකාරයයි, ඒ.
තමන් බලයෙන් එලවා දැමීමට තරම් “මේ බයාදු ජාතිය” නැගී සිටිතියි කියා ඔවුන් කවදාවත් හිතුවේ නැත. අද කවුරුත් දන්නා පරිදි පොහොට්ටුවේ අවතාරය ඔවුන් විසින්ම අගාධයට ඇද දැමුව රට ගොඩ ගැනීමටය කියා ඔවුන් විසින්ම තෝරා ගත් මිනිසෙකු ඝාතනය කිරීම සඳහා ඉලක්ක කණු රැසකට වෙඩි පුහුණුව ලබමින් සිටී.
මිලියන ගණනක් ජනතාව දැඩි දුක්ඛ වේදනාවලට ලක්ව සිටින මේ අවස්ථාවේ දී මේ මිනිසාගේ කර්තව්‍යය දැවැන්ත වූවකි; තීරණාත්මක අවශ්‍යතාවය වන්නේ ජම්බෝ කැබිනෙට්ටුවක් නොව කැප කිරීම්ය.
මහජනයා දන්නා පරිදි, මෙම ඉහළ නිලයේ හිටපු නාවික නිලධාරියාට දැන් බරපතල චෝදනා එල්ල වී ඇති අතර, රට දැන් බලාපොරොත්තු වන්නේ වින්දිතයන්ගේ පවුල්වලට සාධාරණය ඉටු කිරීමයි.
මේවා දැන් පොදු ජනතාව අතර වාර්තා ගත වී ඇති අවිවාදිත කරුණු කාරණාය; මේවාට බදු ගෙවන්නාගේ සල්ලි කඳු ගණන් වැය වී ඇත. රටම බංකොලොත් වී ඇති මොහොතක දූෂිතයන්ට වන්දි පවා ගෙවා බදු ගෙවන්නන්ටම තව තවත් දඬුවම් දීමට පොහොට්ටුවේ ඔළුවක් ඇතත් ‘මොළයක්’ නැති අමනයන් ක්‍රියා කරන්නේ නම් එය යම් දිනක සමාව දිය නොහැකි වරදක් බවට පත්වනු ඇත.
පොහොට්ටුවට දක්වන ගැතිකම නිසාම මෙසේ චූදිතයන්ට වන්දි ගෙවීමට කටයුතු කරන්නේ නම්, ජීවත් වීමට අරගල කරන මිලියන ගණනකගෙන් ඔවුන් ලබා ගත් මුදල් පරිත්‍යාග ආපසු ගෙවිය යුතුය.
ගෙවිය යුතු වන්දිය සියලු පාලකයන් විසින් නොසලකා හැර ඇති බැවින් මෙම යෝජනාව සදාචාර විරෝධීය. අමු අමුවේ ඝාතනය කළ පොලිස් නිලධාරීන් 600 ක් ගැනත්, පොහොට්ටුවේ නායකයන් ඊට වගකිව යුතු මිනීමරුවාට ඇමැති ධූරයක් ද පිරිනැමූ බවත් මතක් කර දිය යුතුය.
‘අරගලය’ ආරම්භ වූයේ මෙසේ අශික්ෂිත ලෙස බලය භාවිතා කිරීම සහ වංක හා කැත වැඩ කරණ කොට ගෙන බව කවුරුත් දන්නා කරුණකි. ඒ නිසා කිසිම සිහිබුද්ධිය ඇති අයෙකු බලය අයුතු ලෙස භාවිත කරමින් එවැනි ගෙවීම් කිරීම අනුමත කරන්නේ නැත.
ඡන්දදායකයන් නොමග යැවූ, මේ දැවැන්ත ව්‍යසනයට වගකිව යුතු වූ මේ දූෂිත පොහොට්ටුවේ බලපෑම්වලට වත්මන් ජනාධිපතිකාරයා යට නොවන බවට මට විශ්වාසයක් නැත. කෙසේ වෙතත්, පොහොට්ටුවන්ගේ වාරාවසානය වන තුරු බලය අල්ලා ගෙන සිටීම ඔහුට අවශ්‍ය වනු ඇත.
මැතිවරණයක් පැවැත් වුව සැණින් පොහොට්ටුවෙන් ගැලවී යන බහුතරය විසින් දැන් වැටී ඇති අගාධයෙන් රට මුදා ගැනීමෙහි ලා ක්‍රියා කරන බව ඔහු හොඳින් දනී!
- 2022 අගෝස්තු 27 වන දින Daily Mirror වෙබ් අඩවියේ පළ වූ, Maxi Uduwela ලියූ, ‘How Pohottuwa activities were boosted using public funds’ නම් විශේෂාංග ලිපිය සිංහලට පරිවර්තනය කළේ,
ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68
---------------------------
by (2022-08-29 14:43:49)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි