~

වෝටර්ස් එජ් හෝටලයේදී ප්‍රසන්න රණතුංගට විරෝධය පෑ කතකට ඇමැති ආරක්ෂකයන් අම්බානක ගහලා..!

(ලංකා ඊ නිව්ස් -2022.අගෝ.29, ප.ව.6.45) වෝටර්ස් එජ් හෝටලයේ පසුගිය අගෝස්තු 27 දා ඇනස්ලි මාලේවන  ගායන ශිල්පියාගේ සංගීත ප්‍රසංගයක් පැවැති අතර ඒ සඳහා නිවාස හා නාගරික සංවර්ධන කැබිනට් අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහභාගී විය. ප්‍රසන්න රණතුංග මෙම සංගීත ප්‍රසංගයට පැමිණියේ නාගරික සංවර්ධන  අධිකාරියේ අලුතින් පත්කළ සභාපති නිමේශ් හේරත් ද සමග ය.

වෝටර්ස් එජ් හෝටලය නාගරික සංවර්ධන අමාත්‍යාංශයට අයත් වන අතර එදින ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා සංගීත ප්‍රසංගයට  පැමිණෙන නිසා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබිණි. මෙහිදී එක් කාන්තාවක් මෙසේ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත්තේ ඇයි දැයි ආරක්ෂක නිලධාරීන්ගෙන් විමසා සිටියා ය. ඔවුන් පවසන ලද්දේ ප්‍රසන්න රණතුංග මෙම ප්‍රසංගයට පැමිණෙන බවයි. මෙහිදී කෝපාවිෂ්ඨ වූ ඇය මෙවැනි පුද්ගලයන් පැමිණීමෙන් සාමාන්‍ය ජනතාවට දැඩි බාධාවක් බව පැවසුවා ය.

ටික වෙලාවකින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේශ් හේරත් පැමිණියහ. මෙහිදී ප්‍රසන්න රණතුංග ට දැඩි විරෝධතාවයක් දැක්වූ ඉහත කී කාන්තාව ඉංග්‍රීසි භාෂාවේ ඇති පරුෂ වචන පාවිච්චි කරමින් දැඩි ලෙස බැණ වදිමින් වහාම මෙම ස්ථානයෙන් පිටවන ලෙසට දිගින් දිගටම පවසන්නට වූවා ය. මෙහිදී  ප්‍රසන්න රණතුංග ගේ ආරක්ෂක නිලධාරීන් එම කාන්තාවට දැඩි ලෙස පහර දුන්හ. තම බිරිඳට පහර දෙනු දුටු එම කාන්තාවගේ ස්වාමිපුරුෂයා එතනට පැමිණි අතර ඔහුට ද  දැඩි ලෙස පහර දුන්හ. මෙහිදී ආරක්ෂක නිලධාරීන් විසින් මේස මත අංකනය සිදුකරන යකඩ කුට්ටියකින් පහර දීම නිසා එම කාන්තාවගේ අතට දැඩි හානි සිදුවී ඇත. 

මේ පහර දීම් වෙද්දී ප්‍රසන්න රණතුංග එය දුටුව ද කිසිවක් නොදුටුවා සේ අනෙක් අය සමග සතුටු සාමීචියේ යෙදී සිටියේ ය. 

ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් කප්පම් ලෙස ලබා ගැනීමට වරදකරු වූ ප්‍රසන්න රණතුංග අවුරුදු 2 බරපතළ වැඩ සහිත සිර දඬුවමක් අවුරුදු 5කට අත්හිටුවා ලද දඬුවමක් සහ රුපියල් මිලියනයක දඩයකට යටත්ව සිටින අපරාධකාරයෙකි. ඔහු එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නමුත් තවම එය විභාගයට ගෙන නැත. 

මීට පෙර ප්‍රසන්න රණතුංග ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවක දී වෛද්‍යවරයෙකු ඔහුට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කෙළේ ය.  

---------------------------
by     (2022-08-29 13:20:35)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links