~

ඩොලර් නෑ කියමින් මේ අවුරුද්දේ මේ ටිකට ඉන්ධන ආනයනයෙන් ඩොලර් ලක්ෂ 60 ක් ගසා කාලා..! සෑම ලීටරයකින්ම රුපියල් 50 ක් ගහනවා..! රනිල් පුළුවන් නම් හොයපං..!

-චම්පික රනිල්ට ලියයි

(ලංකා ඊ නිව්ස් -2022.අගෝ.25, පෙ.ව.5.20) මෙරටට ඉන්ධන ගෙන්වීමේදී ප්‍රිමියම් හරහා 2022 වර්ෂයේ මේ වනතෙක් පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 6 ක ගසා කෑමක් සිදුකර ඇති බවට හෙළිදරව්වක් සිදුකරමින් තෙල් බැරලයකින් සිදුවන ඩොලර් 20 ක වංචාවට කාංචන විජේසේකර සම්බන්ධ නැත්නම් විගණකාධිපතිවරයා ලවා පාරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අවධාරණය කරයි.

චම්පික පසුගියදා 'ජනතාව අපා දුක් විඳිද්දී, දේශපාලන මිනී කාක්කන් සිදු කළ, මහා හොරකම පිළිබඳ විශේෂ හෙළිදරව්ව', මැයෙන් සිදුකරනු ලැබූ මාධ්‍ය සාකච්ජාවකදී මෙම මහා වංචාව ගැන හෙළිදරව්ව සිදුකරන ලදී. ඔහු මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා ඊයේ (24) ජනාධිපතිවරයාට ලිපියක් ද යොමු කළේ ය. (එම ලිපිය මෙහි පහත ඉමේජ වල දැක්වේ) 

චම්පික රණවක මෙම වංචාව පිළිබඳව මාධ්‍ය හමුවේ දී කළ අනාවරණයන් මෙසේය.

"පසුගිය 18 දා අපට මාධ්‍ය වලින් වාර්තා වුණා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මැතිතුමා මේ පිළිබඳව රහස් පොලීසියට පැමිණිලි කරලා තියෙනවයි කියලා මේ පිළිබඳ. ඒ වගේම මේවා ප්‍රකාශයට පත් කරපු පුද්ගලයින් පිළිබඳව සොයා බලා කටයුතු කරනවා කියලා.

රහස් පොලිසිය විශ්වාස නෑ...

ඒක විවෘත ක්‍රියාදාමයක්ද? අර නැනෝ යූරියා වංචාව අවස්ථාවේදී අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කළේ මොකක්ද? තමන්ගේ නිලධාරීන් හෝ තමන් ගැන කතා කරන්නේ නැතුව මේ සම්බන්ධයෙන් මම කරපු ප්‍රකාශයෙන් රජයට එරෙහිව මහජනයා උසිගැන්වීමේ චෝදනාව මත මට පරීක්ෂණයක් කරන්න කියලා රහස් පොලීසියෙන් ඉල්ලීමක් කරලා රහස් පොලිසිය ගිහිල්ලා උසාවි අවසරයකුත් ගත්තා. දැන් ඒ පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තාවක් නිකුත් වෙලා තියෙනවා. කවුරුත් දන්නවා මේ නැනෝ යූරියා හරහා කරපු වංචාව. ඒ නිසා මේ කාංචන විජේසේකර මැතිතුමාගේ මේ මගින් සිද්ධ කරන්න යන්නේ මේවා වාර්තා කළ පුද්ගලයින් රහස් පොලිසියට ගෙන්නලා බියවැද්දීම ද?

පළමුවෙන්ම කියන්න රහස් පොලීසිය කියන්නේ ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ යටතේ ක්‍රියාත්මක වුණේ රටේ යුක්තිය පසිඳලන ස්ථානයක් හැටියට නෙවෙයි. දැන් ඒක දිගටම මේ නව පොලිස් ඇමතිවරයාත්, මේ ආණ්ඩුවත් යටතේ ක්‍රියාත්මක වෙන බව විටින් විට එහි රැගෙන යන පුද්ගලයින්ගෙන් පේනවා. ඒ නිසා පළවෙනි කාරණය මේ මගින් යුක්තිසහගත පරීක්ෂණයක්, විමර්ශනයක් වෙයි කියලා අපිට විශ්වාස කරන්න බැහැ. දෙවෙනි කාරණය මෙවැනි තාක්ෂණික කටයුත්තක් පිළිබඳ දැනුමක් රහස් පොලිසියට ඇත්තේ නැහැ. ඒ නිසා ඒ වගේම විදුලි හා බලශක්ති ඇමතිතුමාට අපි ප්‍රකාශ කරනවා ඔබලා මේවට සම්බන්ධ නැත්නම් මේ රටේ විගණකාධිපති කෙනෙක් ඉන්නවා ඔහුට මේ පිළිබඳ විශේෂඥ දැනුම ලබා දීලා ඒ පිළිබඳව තියෙන විශේෂඥභාවය තියෙන පිරිස් ලබාදීලා අවශ්‍ය පුද්ගලයෝ කවුද කියලා විධිමත් පරීක්ෂණයක් සිද්ධ කරන්න. ඒ අනුව මේ පිළිබඳ යුක්ති සහගත විසඳුමක් ලබා ගන්න පොලිස් ඇමති මේ සඳහා විගණකාධිපතිවරයාට විශේෂඥ සහාය ලබා දීලා කටයුතු කරන හැටියට ජනාධිපතිතුමාටත්, විදුලිබල, බලශක්ති ඇමතිතුමාටත් අපි ඉල්ලා හිටිනවා.

මොකක්ද මේ 'ප්‍රිමියම් එක'...?

අපේ තර්කයට පදනම වුණේ මොකක්ද? මොකක්ද මේ 'ප්‍රිමියම් එක' කියන්නේ? ප්‍රිමියම් එක කියන්නේ ප්‍රවාහන ගාස්තු, ඒ කියන්නේ ෆ්‍රේට් චාර්ජ් එක, රක්ෂණ ගාස්තු එක. ඒ වගේම ප්‍රධාන සැපයුම්කරුගේ ලාභය ඒ වගේම දේශීය ඒජන්තයාගේ ලාභය. මේ කියන සියලු දෙනාගේම එකතුව තමයි මූලික වියදමට අමතර වශයෙන් බැරලයකට 'ප්‍රිමියම් එක' කියලා කියන්නේ.  ඒ අනුව විටාල් සිංගප්පූර් ආයතනය විසින් 2022 පෙබරවාරි මාසේ 18, 19 දිනවල ගෙන එන ලද ගැසොලින් 92, ඒ කියන්නේ පෙට්‍රල්  92, 95 සඳහා බැරලයකට ප්‍රිමියම් ඩොලර් 3.87 ක් අය කරලා තියෙනවා මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ දහ අට, දහනමය ගෙනාපු ඒවාට. ඒ මොකද මේවා අපි 2015 වගේ කාලේ මේවා ඩොලර් 1.5 ක් වගේ තිබුනේ. නමුත් අපි වර්තමාන කාලයේ අපි දන්නවා මේ විශේෂයෙන්ම රක්ෂණ ගාස්තු සහ ප්‍රවාහන ගාස්තු වැඩි වුණා. ඒ අනුව මේක යම්කිසි සාධාරණ ගාණක්. ඒ වගේම ඩීසල් ගෙන්නලා තියෙනවා 2022 පෙබරවාරි මාසේ 27, ප්‍රිමියම් එක ඩොලර් 3.4 ක් හා 4.1 ක් බැරලයකට, අඩු සල්පර් වැඩි සල්පර් ගෙනල්ලා තියෙනවා. ඒ අනුව ඔය කියන පර්යේෂණ නිලධාරීන්ට ඒවා බලන්න පුළුවන්.

කලින් ඩොලර් 3ට, 4ට තිබිච්ච ප්‍රිමියම් එක දැන් ඩොලර් 25 යි..

දැන් මෙහෙම ගිහිල්ලා, මාර්තු, අප්‍රේල්, මේ යනාදී වශයෙන් ගිහිල්ලා දැන් හත්වෙනි මාසේ එනකොට මොකක්ද එතකොට තත්වේ? මේ 'කොරල් එනර්ජි' සමාගම ගෙන්නලා තියෙනවා ගෑස් ඔයිල් ඒ කියන්නේ. ඩීසල්, 2022 ජුලි මාසේ 14, 15 තොගයක් කීයද? බැරලයට ප්‍රිමියම් එක ඩොලර් 25 යි. කලින් ඩොලර් 3ට, 4ට තිබිච්ච ඒවා ඩොලර් 25 යි. ඒ වගේම අයි ඕ සී ඉන්දියා ගෙනල්ලා තියෙනවා ගෑස් ඔයිල් එක ඩොලර් 21.66 ට. ඒ ජුලි මාසේ 16, 17. ඒ වගේම අර කලින් ගෙනාපු එක ගෙන්නලා තියෙනවා ගැසලීන් 95 ඒ කියන්නේ පෙට්‍රල් 95 ඒකේ ප්‍රිමියම් එක ඩොලර් 21.45 යි.  2022 ජුලි මාසෙ 18, 19 ගෙන්නලා තියෙනවා ගෑස් ඔයිල් එකක්, ඒ කියන්නේ ඩීසල්, ඩොලර් 29.85 කට. මේ මෑතදී ගෙනාපු, ඒ කියන්නේ ගෑස් ඔයිල් හයි සල්ෆර්. කොරල් ආයතනය, පෙට්‍රෝලියම් කෝපරේෂන් එකට කීයද දාලා තියෙන්නේ? බැරලය එක්සත් ජනපද ඩොලර් 144.892 යි. ඒ වගේම ප්‍රිමියම් එක, ඩොලර් 24 යි. එක්කහු කළහම ඩොලර් 168.892 යි.

එතකොට මේ සම්බන්ධයෙන් මම අද ගත්තා මේ සිංගප්පූර් ප්ලැට්ස් ප්‍රයිස්. සල්ෆර් ඩීසල්. හයි සල්ෆර්, ඩීසල් කීයද? ඩොලර් 129 යි. හැබැයි මෙතන කෝට් කරලා තියෙන්නේ කීයද? ඩොලර් 145 කට ආසන්න ප්‍රමාණයක්. ඒ වගේම ප්‍රිම්යම් එක, ඩොලර් 24 යි. මේකෙන් පේන්නේ මොකක්ද? මෙතන බැරල් ලක්ෂ 3 කට ආසන්න ප්‍රමාණයක් ගෙනල්ලා තියෙනවා. ප්‍රිමියම් එකෙන් පමණක් ඩොලර් 20 ක් පමණ වැඩියි. ඩොලර් මිලියන 6 ක් පමණ අතිරේක ලාභයක් ලැබිලා තියෙනවා. ඊට අමතරව මේ ඩොලර් 145 ට කරපු නිසා එතනිනුත් සෑම බැරලයකටම ඩොලර් 16 ක පමණ මුදලක් ලැබෙනවා.

බැංකු ක්ෂේත්‍රය අඩපණ වීමට හේතුව ඛනිජ තෙල් සංස්ථාව..

ඒ වගේම මේ තත්වයට මේ රට පත්වෙන්න ප්‍රධාන වෙච්ච ආයතනයක් තමයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව. මේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගිය වසරේ කෝප් සභාවට ආපු වෙලාවේ අපි ඇහුවා ඇයි ඕගොල්ලෝ මේ ඩොලර් බිල් ගෙවන්නේ නැත්තේ කියලා. ඩොලර් බිල් ගෙවන්නේ නැතුව, ඩොලර් බිලියන 4 කට අධික ප්‍රමාණයක් ලංකා බැංකුවට, මහජන බැංකුවට හිර කරලා, 5.5 ගානේ පොළී ගෙවන්නේ ඇයි කියන එක. කවුද මේකට වගකිව යුත්තේ කියන එක. අන්න ඒකත් හොයන්න කියලා ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලනවා.

2021, 2022 වසර වල බිල් ගෙවන්නේ නැතුව, ඩොලර් බිලියන 4 ක පමණ ණයක් කැටි ගහලා ඒ ණය ලංකා බැංකුවට, මහජන බැංකුවට ලබා දීලා ඒ ආකාරයෙන් රටට ඩොලර් හිඟයක් ඇති වෙන විදියට ප්‍රධාන බැංකු දෙක බංකොලොත් වෙන තත්වයට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තල්ලු කළේ කවුද කියන එක පිළිබඳව හොයන්න. මොකද රට බංකොලොත් භාවයට ඇද වැටෙන්න ප්‍රධානම හේතුවක් මේ විදිහට මේ  බැංකු ක්ෂේත්‍රය අඩපණ වීමට මේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බිල් නොගෙවා ඩොලර් අති විශාල ප්‍රමාණයක්, බිලියන 4 ක පමණ ප්‍රමාණයක් හිර කර ගැනීම.

'ග්ලෝබල් කොන්සෙප්ට්' බැලුවහම රාජගිරිය පැත්තේ පුංචි තැනක්..

ඒ වගේම අපි කියනවා තව පරීක්ෂණයක් කරන්න. 5.5% ක් පොලිය වැඩියි කියලා. 3% පොළියට ගේන්න පුළුවන් කියලා කැබිනට් පත්‍රිකාවක් දාලා ග්ලෝබල් කොන්සෙප්ට් කියලා ආයතනයකට ඩොලර් බිලියන 2.6 ක් ගේන්න යෝජනාවක් ගෙනාවා. ඒකේ තිබුණා එකක්. ඩොලර් මිලියන 175 ක එකක්. 7% ක එකක්. මේ එක කාටද ගියේ කියලත් හොයන්න. අන්න එතකොට මේවයේ අගමුල ඔක්කොම මහජනයාට දැනගන්න පුලුවන් වෙයි. ඒ නිසා මේ ගැන විධිමත් පරීක්ෂණයක් විගණකාධිපතිවරයා හරහා කරන්න. ග්ලෝබල් කොන්සෙප්ට් කියන එක බැලුවහම අන්තිමට රාජගිරිය පැත්තේ පුංචි තැනක් කියලා පාර්ලිමේන්තුවේ හෙළිදරව් වුණා. ඒ නිසා ඒ ඩීල් එක කරගන්න බැරි වුණා. හැබැයි ඒ ඩීල් එක වුණා. මේ ඇමතිවරයාගේ කාලයේ නෙවෙයි, ඊට කලින් වුණා. ඒ ගැන හොයලා බලන්න කියලත් අපි බලශක්ති ඇමතිවරයාට කියනවා.

සෑම පෙට්‍රල් ලීටරයකින්ම රුපියල් 40ක්, 50ක් ගසා කනවා.. 

අපි කාටවත් මඩ ගහන්න යන එකක් නෙවෙයි. මේ තරුණ ඇමතිවරයා අමාරුවේ දාලා රාජ පුත්තුන්ට පාර කපන්න යන ගමනක් නෙවෙයි. ඒ වගේම මේ ආණ්ඩුව අමාරුවේ දාන්න යන ගමනක් නෙවෙයි. සෑම පෙට්‍රල් ලීටරයකින්ම රුපියල් 40ක්, 50ක් මේ විදිහට ගසා කනවා නම් ඒක ඉතාම වැරදියි. ඒ නිසා මේවට හේතු මොනවද? මේවා මොන ආකාරයටද සිදු වෙන්නේ කියන එක පිළිබඳව විධිමත් ආකාරයේ පර්යේෂණයක් ඔය රහස් පොලිසිය හරහා උසාවි වලට මිනිස්සු දක්කලා, බය වද්දලා නෙවෙයි. කෙළින්ම විගණකාධිපතිවරයා හරහා කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියන එක අපි ඉල්ලා හිටිනවා. විගණකාධිපති විශේෂඥ සහය අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් මේ තෙල් ක්ෂේත්‍රය පිළිබඳ දැනුම ඇති විශේෂඥයින්ගේ සහය ලබා ගන්න. ඒ සඳහා උදව් කරන්නත් අපි ලෑස්ති බව ප්‍රකාශ කරනවා."

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ දුන් පිළිතුරු...

ප්‍රශ්නය - ඔබතුමා ඇතුළු කණ්ඩායමට දැන් බරපතළ චෝදනාවක් තියෙනවා. ඔබතුමන්ලා මේ කරන්නේ මාධ්‍ය සංදර්ශනයක්, අඩුම ගානේ පැමිණිල්ලක් දාන්නේ නෑ. මාධ්‍ය සාකච්ඡාවකට ඇවිල්ලා ඊට පස්සේ මොකක් හරි එකක් දාලා කට වහගන්නවා කියන අදහස. ඇයි එහෙම කරන්නේ? ඔබතුමන්ලා වගකීම හෙළි කරනවා වගේම ගිහිල්ලා කරන්න හැකියාවක් නැද්ද?

පිළිතුර -  "කවුරුත් මාධ්‍ය වල දැක්කා අපි පාර්ලිමේන්තුවේ කෝප් සභාවේ කොහොමද කටයුතු කරලා තියෙන්නේ කියලා. කෝප් එකට මාව පත් කළොත් මම මේවා නගනවා. ඒ වගේම මේ පැමිණිලි මේ රටේ කරලා තියෙනවා. උදාහරණයක් හැටියට මේ ගල් අඟුරු වංචාව ගැන, අල්ලස් දූෂණ එකට පැමිණිල්ලක් තිබුණා. මාවත් ගෙනාවා සාක්කියට. ගෙනල්ලා මොකද කිව්වේ? මේක නම් කෙරෙන වැඩක් නෙවෙයි කියලා එතන ඉන්න නිලධාරියා මට කිව්වා. මම කියනවා. අල්ලස් දූෂණ කොමිසමට මගේ ප්‍රකාශය 2016 සිදුවෙච්ච සිදුවීම ගැන හෙළිදරව් කරන්න කියලා. ඒ වගේම  මේ පිළිබඳව ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා මම මෛත්‍රිපාල සිරිසේන මහත්මයාට කිව්වා. එතුමා මේ ගැන පත් කළා. උපාලි අබේරත්න මහතාගේ මූලිකත්වයෙන්. මම සාක්කියක් දුන්නා. මතක තියාගන්න ඒ ගල් අඟුරු සිද්ධිය සම්බන්ධ වාර්තාව විතරක් ඔහු නිකුත් කළේ නැහැ. අනික් ඒවා සම්බන්ධයෙන් නිකුත් කළා.

මේ පුත්තු කිසිම රස්සාවක් නොකර කොහොමද ජීවත් වෙන්නෙ?

ඉතින් ඒ නිසා මෙය පිටිපස්සේ ඇත්තටම ඉන්නේ කවුද? මේ පැමිණිලි විභාග වෙන්නේ නැත්තේ කාගේ ප්‍රශ්නය මතද? පැමිණිලි කරලා තියෙනවා. කිසි තේරුමක් වෙලා නැහැ. ඒ පැමිණිලිවලට කිසිම වැඩක් වෙලා නැහැ. ඒ ආයතන සියල්ලම බලවතුන්ගේ අත යට තියෙන්නේ. ඒකයි ප්‍රශ්නේ. මම කියනවා අල්ලස් දූෂණ කොමිසමට ඒ 2012 හේ සිදුවෙච්ච වංචාව පිළිබඳව පැහැදිලි වාර්තාවක් විගණකාධිපතිවරයා නිකුත් කරලා තියෙනවා ලංකා ෆෝල් සමාගම එක්ක. මහින්ද රාජපක්ෂට බය නැතුව ඒ බිල් ගෙවන්න බැහැයි කියලා තමයි අපි එළියට බැස්සේ. අපට එරෙහිව ඒ කාලේ ඒගොල්ලන්ගේ පුත්තු පවත්වාගෙන ගිය පත්තර වලින්,  එහෙම ගැහුවා. නොයෙක් දේවල් සිද්ධ වුණා. ඒ එකකින්වත් අපි සැලුනේ නැහැ. අපි ඒ පිළිබඳ මහජනයාට ඇත්ත කතා කරලා ගියා. ඒවාට යුක්තිය ඉෂ්ඨ කරගන්න ගියා. නමුත් යුක්තිය ඉෂ්ට වුණේ නැහැ. නමුත් කවුරුත් මේ රටේ අය දන්නවා. මේ රටේ රාජ්‍ය දේපළ කොහොමද අපහරණය කළේ? කොහොමද මේ අය ජීවත් වෙන්නේ කියන එක කිසිම ආදායමක් නැතුව, කිසිම ආකාරයක රැකියාවක් නොකර, කොහොමද මේගොල්ලෝ ජීවත් කියන එක මේ මුළු රටම දන්නවා. හැබැයි මම කියනවා මේ 2012 හේ සිද්ධියට සම්බන්ධ සමාගම වන 'ටෝරියන්' ආයතනයේම හිටපු පුද්ගලයෝම තමයි වෙනත් නමකින් 'සුප්‍රිම් සැට්' නමින් දැන් ඇවිත් තියෙන්නේ. අර චන්ද්‍රිකාව ගුවනට යවන පට්ටපල් වංචාව. ඒක නිසා ඒ පිළිබඳව තියෙන විගණකාධිපතිගේ වාර්තාවට පිළිතුරු දීම ගල් අඟුරු සමාගමත්, බලශක්ති අමාත්‍යංශයේත් වගකීමක්."

---------------------------
by     (2022-08-24 23:54:30)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links