~

කමල් ගුණේ ගෝටා පාවා දෙයි..! පොහොට්ටු මන්ත්‍රීලා රනිල්ගෙන් අත් බෝම්බ ඉල්ලති..!

-LeN අභ්‍යන්තර තොරතුරු සේවය විසිනි-

(ලංකා ඊ නිව්ස් -2022.ජුලි.30, ප.ව.8.45) රනිල් ගේ හදිසි නීතිය පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට පෙර රනිල් විසින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් කැඳවන ලදී. මෙම රැස්වීමට සාමාන්‍යයෙන් සහභාගී නොවන අමුත්තෝ දෙදෙනෙක් එක් කර ගැනීමට රනිල් කටයුතු කළේය. ඒ නම් ගෝටාගේ සේම වත්මන් රනිල්ගේ ද ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ ය.

මෙහිදී නැගුණු එක් ප්‍රශ්නයක් වූයේ පසුගිය මැයි 9 දා රාත්‍රී මැති ඇමැත්තන්ගේ නිවෙස් ගිනි තැබීම පිළිබඳවයි. එහිදී සලේ කියා සිටියේ ඒ පිළිබඳ බුද්ධි තොරතුරු කලින් ලැබී තිබුණු බවත් තමන් ආරක්ෂක ලේකම්වරයා වූ කමල් ගුණරත්නට සේම එවක ජනාධිපති ගෝටාභය රාජපක්ෂට ද එම තොරතුරු ලබා දුන් බවයි. කමල් ගුණරත්න තම පැරණි ස්වාමියා වූ ගෝටාබය පාවා දෙමින් කියා සිටියේ තමන් ද එම බුද්ධි තොරතුරු ගෝටාබයට ලබා දුන් නමුත් එය වළක්වා ගැනීමට අවශ්‍ය නියෝග ගෝටාබය ජනාධිපතිවරයාගෙන් තමන්ට නොලැබුණු බවයි.

එම නිවෙස් ගිනි තැබීම් සාමාන්‍ය ජනතාව නොව වෙනත් සංවිධානාත්මක "අදෘශ්‍යමාන" කණ්ඩායමක් විසින් සිදුකරන ලද බවද ගුණේ සහ සලේ මන්ත්‍රීකණ්ඩායමට කියා සිටියහ. "අදෘශ්‍යමාන කණ්ඩායමක්" යනු මහ පොළොවේ නැති භූත බලවේගයක් ද? හෝ "අදෘශ්‍යමාන" උන්ට ආරක්ෂක අංශ භාවිතා කරන වහා ගිනි ගන්නා රසායනික ද්‍රව්‍ය ලැබුනේ කෙසේද කියා හෝ එතැන සිටි කිසිවෙකුත් ඔවුන්ගෙන් පෙරළා ප්‍රශ්න නොකිරීම ඔවුන්ගේ වාසනාවක් විය.

කෙසේ වෙතත් ගුණේ සහ සලේ කියා සිටියේ නැවත වුව ද එවැනි ප්‍රහාර ඇති විය හැකි නමුත් දැන් නව ජනාධිපති රනිල් විසින් ඒවා මැඩ පැවැත්වීමට අවශ්‍ය නියෝග සහ පහසුකම් ලබා දී ඇති බවයි. දැනටමත් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට පොලිසියේ නොවන තමාගේම හිතවත් උන් යොදා ගනිමින් ආරක්ෂක කණ්ඩායමක් හදා ගැනීමටත් උන්ට අවි සහ පුහුණුව ලබා දීමටත් කටයුතු කර තිබේ. එනම් පොහොට්ටු මන්ත්‍රීවරුන්ට මහජන මුදලින් 'පුද්ගලික තග් සංස්ථාවක්' හදා ගැනීමට ඉඩ හසර ලබා දී ඇත.

ඒ අනුව යළි එවැනි ප්‍රහාරයක් එල්ල වුවහොත් පෙරලා පහර දීමට, කොහොමටත් මැරයන් වන පොහොට්ටු මන්ත්‍රීලා සූදානම්ය. ඔවුන් මෙතෙක් සැඟව සිටි ස්ථාන වලින් එළියට පැමිණ කටමැත දොඩවන්නේ ද එනිසා ය.

මෙම රැස්වීමේ දී සනත් නිශාන්ත නම් මැර ඇමැතියා රනිල් ප්‍රමුඛ කමල් ගුණේගෙන් සහ සලේ ගෙන් අපුරු ඉල්ලීමක් කෙළේ ය. එනම් දැනට ලබා දී ඇති ගිනි අවි වලට අමතරව තමන්ට අත් බෝම්බ ප්‍රමාණයක් ද ලබා දෙන ලෙසයි. එම ඉල්ලීම ඉටුවන වගත් පෙනී ගියේ ය. වැඩේ නැගලා ගියහොත් මානසික රෝගී  රනිල් මොවුන්ට කාල තුවක්කු සහ යුද ටැංකි ද නොදෙනු ඇතැයි සිතිය නොහැකිය.

රැස්වීමෙන් පසු හදිසි නීතිය වැඩි ඡන්දයෙන් ජය ගත්තේ ය. 

රනිල් රාජපක්ෂ සහ පොහොට්ටුවෝ මේ රට ලේ විලක් කිරීමට සැරසෙන්නේ එලෙස ය.

-LeN අභ්‍යන්තර තොරතුරු සේවය විසිනි-

---------------------------
by     (2022-07-30 15:40:43)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links