(ලංකා ඊ නිව්ස් -2022.ජුලි.06, ප.ව.12.30) ජනාධිපති ගෝඨාභයට විරෝධය පළකරමින් කොටුවේ ජනාධිපති මන්දිරය ඉදිරිපිට අද උදෑසන සාමකාමී විරෝධතාවයක නිරත වූ 'අරගලයේ තරුව' සමගි ජන බලවේගයේ කාන්තා සංවිධානයේ නායිකා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඇය සමග සජබ කාන්තා සංවිධානයේ උප සභාපතිනිය ඇතුළු පිරිසක් ද එම විරෝධය විඩියෝ ගත කරමින් සජීවී ව සමාජ ජාලාවලට මුදා හරිමින් සිටි සජබ තරුණ සංවිධානයේ උප සභාපති රෙහාන් ජයවික්‍රම ද අත් අඩංගුවට ගෙන තිබේ.
හිරුණිකා ඇතුළු කාන්තාවන් අත් අඩංගුවට ගන්නා ලද්දේ ඔවුන් ජනාධිපති මන්දිරය ඉදිරිපිට පේව්මන්ට් එකේ වාඩි ලා ගෙන සිටිය දී විශාල පොලිස් බල ඇණියක් පැමිණ ය.
අත් අඩංගුවට ගත් පිරිස පොලිස් බස් රථයක දමාගෙන රැගෙන ගිය අතර ගිය එම ස්ථානය නොදනී.
රාජපක්ෂ තක්කඩියන්ට ජුදාස් වික්‍රමසිංහ එකතු වීමෙන් පසුව මර්දනය දැඩි කොට තිබේ.
අදාල වීඩියෝව පහත දිගුවේ දැක්වේ https://fb.watch/e4VmWZCFy3/
---------------------------
by (2022-07-06 07:21:35)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි