~

මෙන්න බොලේ වෙනස් වෙමින් ඉදිරියට එන ඔමික්‍රොන් නව ප්‍රභේදයක්..! “එය සැබවින් ම, අවි තරගයක්,” විශේෂඥයකුගේ කටින් කියැවුණා.

-ඒ.බී.සී. පුවත් සේවයේ වාර්තාවක් සිංහලට නැගුවේ කුඩගම්මන සීලරතන හිමි

(ලංකා ඊ නිව්ස් -2022.ජුනි.29, පෙ.ව.3.00) නව අධ්‍යයනයක් හෙළිදරව් කරන්නේ, කොරෝනා වෛරසය දිගින් දිගට ම පරිණාමයට පත්වෙමින් තිබෙන බව ය. සෑම ඔමික්‍රෝන් උප ප්‍රභේදයක් ම නැවත ආසාදනය වීමට හෝ වඩ වඩාත් වේගයෙන් ආසාදනය වීමට තිබෙන ඉඩ කඩ වැඩි ය. කෙසේ වෙතත්, පර්යේෂකයන් පෙන්වා දෙන්නේ, දැනට තිබෙන එන්නත් තවදුරටත් කාර්ය ශූර ලෙස දැඩි රෝගාතුර භාවයන්ට පත්වීමෙන් ජනතාව ආරක්ෂා කරවන බව ය. 

මේ අතරතුර, එන්නත් නිෂ්පාදකයන් වඩ වඩාත් ගුණාත්මක භාවයෙන් වැඩි දියුණු කරනලද බූස්ටර් එන්නතක් නිපදවීමෙහි ලා යුහුසුළු ව සිටිනු පෙනෙන අතර, එය ඔමික්‍රොන් සහ එහි උප ප්‍රභේදවලට එරෙහි ව වඩා හොඳ තරගයක් දෙනු ඇති බැවින්, ආහාර සහ ඖෂධ පිළිබඳ උපදේශක කමිටුව නව බූස්ටර් එන්නත් වාරයක් පිළිබඳ ව සාකච්ඡා කිරීමට ජුනි මස 28 වන දින රැස්වීමට නියමිත ය.

New England Journal of Medicineහි ප්‍රකාශයට පත් කරන ලද නව අධ්‍යයනය, පූර්ව අධ්‍යයනයන්ගෙන් නැංවූ හඬ ප්‍රතිරාව නංවන අතර, ඔවුන්ගේ සොයා ගැනීම් සැබෑ ලෝකයේ අපට පෙනෙන දෙයට අනුකූල ය. පර්යේෂණාගාරයක වැඩ කරමින්, පර්යේෂකයන් මුල් වුහාන් ප්‍රභේදයට සාපේක්ෂ ව නව ඔමික්‍රොන් ප්‍රභේදය සහ එහි බොහෝ උප ප්‍රභේද ප්‍රතිදේහ කෙරෙහි දක්වන උදාසීන ප්‍රතිචාරය මැන බලයි. 

ප්‍රතිදේහයන්ගේ ශක්තිමත් බව ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයන්ගේ ශක්තිය මැන ගැන්මට යොදා ගැනෙන එක් මිනුමකි. එයින් බොහෝ විට, කිසියම් වෛරස ප්‍රභේදයක් කෙතරම් ශක්තිමත් ද යන්න අඟවන බව කියවෙන අතර ම, වෛරසය නැවත නැවතත් ආසාදනය වීමට හෝ වේගවත් ව පැතිර යාමට හේතු වන්නේ ද යන්න පෙන්වා දෙයි. ඇටමිදුළුවල තිබෙන  ප්‍රාථමික සෛලවලින් වර්ධනය වන ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කොටසක් වන ටී සෛල වැනි කෙනෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අනෙකුත් කොටස් මැනීම දුෂ්කර නමුත්, ඒවා කෙනෙකු විවිධ වෛරසයන්ට එරෙහි ව කෙතෙක් දුරට ශක්තිමත් ද යන්න වඩාත් මැනවින් පෙන්නුම් කෙරෙන දර්ශකයන් ය.

පර්යේෂකයන් පෙන්වා දෙන අයුරු, ප්‍රතිදේහ මට්ටම උදාසීන කරවීම අතින් මුල් ම ඔමික්‍රොන් ප්‍රභේදයට වඩා නව ප්‍රභේදයන්ගේ මට්ටම හය ගුණයකින් පහත වැටී තිබෙන අතර, එය BA.2.12.1 උප ප්‍රභේදයට වඩා 14 ගුණයකත්, BA.4/BA.5. උප ප්‍රභේදයන්ගේ ශක්තියට වඩා විසි ගුණයක පහත් වැටීමකුත් බව කියැවේ. 

BA.2.12.1 උප ප්‍රභේදය දැනට එක්සත් ජනපදයේ ප්‍රමුඛ ම උප ප්‍රභේදය වන නමුත්, B A. 4/BA.5 උප ප්‍රභේද සමානුපාතිකව වර්ධනය වෙමින් පවතින අතර, දැනට ඇස්තමේන්තු ගත සිද්ධීන්ගෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයකට දායක වී තිබෙන බව හෙළි වේ.

“සැබවින් ම එය අවි තරගයක්” යැයි, බොස්ටන්හි Center for Virology and Vaccine Research at Beth Israel Deaconess වෛද්‍ය මධ්‍යස්ථානයේ මෑත අධ්‍යයනයන්හි කතුවරයා සහ වෛරස් හා එන්නත් පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ද වන වෛද්‍ය ඩෑන් බරුච් පැවසී ය. “ජනගහණයෙන් බහුතරය ප්‍රතිශක්තිය අතින් ශක්තිමත් වන විට, වෛරසය වඩ වඩාත් ප්‍රතිශක්තිය මග හැර යයි. Barouch පවසන ආකාරයට දැනට පවත්නා එන්නත් තවදුරටත් දරුණු ලෙස රෝගී වීමේ අවදානම නාටකාකාර ලෙස අඩු කිරීමට කටයුතු කරමින් සිටින අතර, එන්නත් ලබා දීමේ වැදගත් ම ඉලක්කය වන්නේ එයයි.

- 2022 ජුනි 22 දා ඒ.බී.සී. පුවත් සේවය පළ කළ Evolution is on omicron subvariants’ side ලිපිය සිංහලට නැගුවේ,

-කුඩගම්මන සීලරත්න හිමි 

හිමියන්ගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/80

---------------------------
by     (2022-06-28 21:40:01)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links