~

සතොස හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මහදවල් ගසා කෑ සුදුලූණු හොරා නැවතත් කරළියට..!

(ලංකා ඊ නිව්ස් -2022.ජුනි.24, ප.ව.11.45) මැයි 9 දා ඇතිවූ කලබලත් සමඟ වහ වහා කලබල වුණු ගෝටාණ්ඩුවේ එළිපිට කොමිස් ගනිමින් පගා කෙළමින් සිටි හැට පිරී හොට බිම ඇනී සිටි බොහෝ දූෂිත නිලධාරීන් සියල්ල පැදුරටත් නොකියා රට පැන්නේ සිය දිවි බේරාගැනීමේ අරමුණෙනි. 

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වෙත එසේ පැන ගොස් සිටි සතොස සුදුලූණු, එනසාල්, සීනි හා කප්පරක් දූෂණ චෝදනා සහිතව මේ වනවිටත් අල්ලස් හා දූෂණ කොමිසමේ පරීක්ෂණ 14 ක් ක්‍රියාත්මක වන විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් නැවතත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත්කිරීමට යන බව විශ්වාසනීය ආරංචි මාර්ග තහවුරු කරමින් සිටියි. විරුවා මේ හරහා බලාපොරොත්තු වන්නේ කෘෂිකර්මාන්තය නංවා සිටීම බව කියනු ලබයි. මේ වනවිටත් කප්පරක් හොරා කා ඕස්ට්‍රේලියාවේ සැඟවී සිටින දූෂිත විශ්‍රාමික පීරිස් යළිත් ලංකාවට පැමිණෙන විට ගුවන් තොටුපළේ පිළිගැනීමක් පවා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කටුනායක කලාපය හරහා සූදානම් කර ඇති බව වාර්තා වේ. දූෂිත විශ්‍රාමික පීරිස්ගේ  කෘෂිකාර්මික ඉතිහාසයෙන් බිඳක් පහතින් දක්වා ඔහු ගැන මතකය අලුත් කළ යුතුය.

බඩ ඉරිඟු සහ වී වලින් ‍ගැහූ ‍‍ගැහිල්ල.. 

සතොසට අමතරව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට ද 2020 වසරේ දෙවන වරටත් පත්වූ දූෂිත ආනන්ද පීරිස්, සිවිල් ආරක්ෂක කලාප 21ක බඩ ඉරිඟු අස්වැන්නෙන් කිලෝග්‍රෑම් ලක්ෂ 18ක්, එක කිලෝග්‍රෑමයකින් රුපියල් 5 ක කොමිස් මුදලක් තබාගෙන පිටකොටුවේ ව්‍යාපාරිකයෙකුට විකුණා ඇත. එලෙසම බළකා 21න් ලබාගත් කිලෝග්‍රෑම් ලක්ෂ 21ක් වූ වී අස්වැන්නද දූෂිත අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් එක කිලෝග්‍රෑමයකින් රුපියල් 4 ක කොමිස් මුදලක් තබාගෙන විකුණා ඇත. අවශ්‍ය නම් මෙම තොරතුරු බුද්ධි අංශ යොදවා සොයා බලන ලෙස අප අදාළ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිය ද මේ දක්වා කිසිදු පියවරක් නොගෙන පරීක්ෂණ මට්ටමේ පමණක් පවතී. 

සාමාන්‍යයෙන් සිවිල් ආරක්ෂක ප්‍රධාන මූලස්ථානයෙන් බළකාවල වී සහ බඩඉරිඟු විකුණන්නේ නම්, මිල ගණන් ප්‍රාදේශීයව බළකා මට්ටමින් ඉදිරිපත් කරන ලෙසටත් ඒ අනුව තරඟකාරී මිලගණන් ලබාගෙන ප්‍රසිද්ධියේ අලෙවි කිරීම සාමාන්‍ය ක්‍රියාපිළිවෙතයි. නමුත් දූෂිත අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස්ගේ අභිමතය පරිදි පමණක් තීරණය කර ඔහුගේ හිතවත් ව්‍යාපාරිකයන්ට විකිණීමෙන් රජයට හිමිවීමට තිබූ රුපියල් ලක්ෂ 174ක මුදලක් තම හිතූමනාපය පරිදි කිසිදු විළි ලැජ්ජාවක් රහිතව මහ දවල්කොල්ල කා ඇත.

කජු වලින් ‍ගැහූ ‍ගැහිල්ල..

2019 වසරේ සිවිල් ආරක්ෂක බළකා කොණ්ඩච්චි කජු ව්‍යාපෘතියෙන් අස්වැන්න ලෙස කජු කිලෝග්‍රෑම් 72,000 ක් ලැබුණි. එම කජු සියල්ලම දූෂිත අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් කජු සංස්ථාවට දෙන මුවාවෙන් කජු සංස්ථාවේ ඉහළනිලධාරින් පිරිසක් ගෙන්වා කොණ්ඩච්චි බළකා භූමියේදීම එම කජු කිලෝග්‍රෑම් 72,000 ම “රෝයල් කැෂිව්” පෞද්ගලික සමාගමට අත්පිට මුදලට විකුණා රුපියල් ලක්ෂ 30 කට අධික මුදලක් කොමිස් ලෙස ගසා කා ඇත. මූලස්ථානයේ ලෙජර් පොත්වලින් ගැනුම්කරු ලෙස කජු සංස්ථාව දක්වා ඇති නමුත් කජු තොග භාරගැනීමට පැමිණ ඇත්තේ “රෝයල් කැෂිව්” පෞද්ගලික සමාගමයි. 

සුදුලූණු වංචාව පමණක් කෝටි 500 ඉක්මවයි...

මීට අමතරව සතොස සුදුලූණු වංචාව පමණක් කෝටි 500 ඉක්මවයි. මේ සියලුම වංචා හා දූෂණ දැනටමත් බොල් ප්‍රකාශ නිකුත් කරමින් මුළුමහත් ලංකාවටම විහිලුවක් වී සිටින ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නගේ අනුදැනුමින් හා ආශිර්වාදයෙන් සිදුවූ අක්‍රමිකතා බව වගකීමෙන් ප්‍රකාශ කර සිටිමු. 

මේ සා විශාල දූෂණ චෝදනා රැසක් තවමත් විභාග වන මොහොතක නැවතත් රට රකින අපේ විරුවා නම් පිස්සා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හරහා කෘෂිකර්මාන්තය ගොඩනැංවීමට යැයි හුවා දක්වමින් නැවතත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට දූෂිත ආනන්ද පීරිස් පත්කිරීමට යන්නේ ගෝටාගෝහෝම් ඉක්මන් කරගැනීමට බව අරගලයේ නියුතු බුද්ධිමත් පුරවැසියන් තහවුරු කරමින් සිටිති.

විශේෂ ලියුම්කරුවෙකු විසිනි

---------------------------
by     (2022-06-24 19:18:31)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links