~

කුඩු දුමියා රට පැනලා නෑ..! දැන් ඉන්න තැන මෙන්න..!

(ලංකා ඊ නිව්ස් -2022.ජුනි.01, ප.ව.3.00) ගෝටාබය ජනාධිපතිකාරයා විසින් අරුමාදුර ලෝරන්ස් රොමෙලෝ දුමින්ද සිල්වා හෙවත් 'කුඩු දුමින්ද' ට දුන් මරණ දණ්ඩන සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ අවලංගු කරමින් ඔහු අත් අඩංගුවට ගන්නා ලෙසත් රටින් පිටවීම වළක්වන ලෙසත් සීඅයිඩියට දුන් නියෝගය මෙතෙක් ක්‍රියාත්මක වී නැති අතර දැනටමත් ඔහු රටින් පිට වී ඇතැයි යන රාවය අසත්‍යයක් බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

දුමින්ද සිල්වා මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ  18 වැනි වාට්ටුවේ පළමු කාමරයේ නේවාසික රෝගියෙකු ලෙස සිටින බව එම රෝහලේ අධ්‍යක්ෂක වරයා ලංකා ඊ නිව්ස් වෙත සනාථ කර සිටියේ ය.

අද සවස 2.25 ට පමණ ඔහු රෝහලට ඇතුළු කර ඇත්තේ ඔහුගේ පියා විසිනි. දුමින්දට 'ෆිට් එකක් හැදිලා වැටුනා' කියා පියා රෝහලට දැනුම් දී ඇත. රෝහල් පොලිස් පෝස්ට් එක විසින් ද  කුඩු දුමින්ද එම වාට්ටුවේ සිටින බව සනාථ කරයි. පොලිස් පෝස්ට් එක විසින් මිරිහාන පොලිස් ස්ථානාධිපතිවරයාට මේ ගැන දැනුම් දී ඇති  නමුත් මේ දක්වා මිරිහානේ පොලිසියේ උසස් නිලධාරියෙකු එහි පැමිණ නැත.

දුමින්ද සිල්වා අත් අඩංගුවට ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය අනුව ඔහු රෝහල්ගතව සිටිය ද ඔහු සිටිය යුත්තේ පොලිස් ආරක්ෂාව සහිත අත් අඩංගුවේ ය. 

---------------------------
by     (2022-06-01 09:54:31)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links