~

තමාට මුඛයෙන් මෙන්ම අධෝමුඛයෙන් ද කථා කළ හැකි බව ජනාධිපතිකාරයා ප්‍රායෝගිකවම පෙන්වයි..!

(ලංකා ඊ නිව්ස් -2022.ජුනි.01, පෙ.ව.6.20) ආහාර සුරක්ෂිතතාව පිළිබඳ පුළුල් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව වැඩසටහනක් වහාම දියත් කරන ලෙස ගෝටාබය රාජපක්ෂ ජනාධිපතිකාරයා අදාල නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

පොහොර අවශ්‍යතාවය සපුරා ලීම සඳහා රටවල් කිහිපයක් සමග පැවැති සාකච්ඡා සාර්ථක වූ බව ඔහු පැවසීය. එබැවින්, පොහොර නැතිකම හෝ වෙනත් හේතුවක් නිසා යල කන්නයේ වගාව අත් නොහරින ලෙස ජනාධිපතිකාරයා සියලු ගොවීන්ගෙන් ඉල්ලා සිටියේය.

යල කන්නයේ වගා කටයුතු සහ අනාගතයේ දී සිදු විය හැකි ආහාර හිඟය අඩු කිරීම පිළිබඳව කොළඹ ජනාධිපති මන්දිරයේ දී සඳුදා (30) පැවති සාකච්ඡාවක දී ජනාධිපතිකාරයා මේ බව ප්‍රකාශ කළේය.

ආනයනය, බෙදා හැරීම, නිසි කළමනාකරණය, දැනුවත්භාවය, සහ ගොවියන් හා නිලධාරීන් අතර සම්බන්ධීකරණය සඳහා ජාතික පොහොර ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කළ යුතු බව ජනාධිපතිකාරයා පෙන්වා දුන්නේය.

ගොවීන්ගේ අභිමතය පරිදි රසායනික හෝ කාබනික පොහොර භාවිතයෙන් වගා කටයුතු සිදු කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පූර්ණ මැදිහත් වීම ලබා දිය යුතු බව ද ජනාධිපතිකාරයා පැවසීය.

යල කන්නයේ වගා කිරීම සඳහා භාවිතා නොකරන කුඹුරු හඳුනා ගැනීම සහ මුං ඇට, කව්පී, හා සෝයා බෝංචි ඇතුළු අත්‍යවශ්‍ය බෝග වගා කිරීම දිරි ගැන්වීමෙන් ගොවීන්ට ඉහළ ආදායමක් උපයා ගැනීමට අවස්ථාව ලබා දිය හැකිය.

බඩ ඉරිඟු, සෝයා බෝංචි හා වෙනත් භෝග වගාව සඳහා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් කන්දකාඩු ගොවි පොළ නිදහස් කිරීම කඩිනම් කරන ලෙස ජනාධිපතිකාරයා උපදෙස් දුන්නේය.

වගා නොකළ ඉඩම්වලින් විශාල ප්‍රතිශතයක් අයිතිව ඇත්තේ රජයටය. මෙම ඉඩම් හඳුනා ගෙන තරුණ ගොවීන්ට භාර දීමට තීරණය කරන ලද බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කළේය.

ගෙවතු සහ රජයේ කාර්යාල පිහිටි ඉඩම්වල බෝග වගා කිරීම දිරිමත් කළ යුතුය. ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අනෙකුත් දේශපාලන නායකයින්ගේ පටන් සියලුම මහජන සේවකයින් මේ සඳහා දායක වී පූර්වාදර්ශයක් තැබිය යුතු බව මහින්ද අමරවීර ඇමතිකාරයා පැවසීය.

වගා කිරීම සඳහා සුදුසු බෝග හඳුනා ගනිමින් සියලුම පළාත් ඒකාබද්ධව වගා ප්‍රවර්ධන සතියක් ආරම්භ කිරීමට සහ පළාත් සභාවලට වෙන් කර ඇති අරමුදල් සීමා රහිතව කෘෂිකර්මාන්තය, පශු සම්පත් හා මිරිදිය ධීවර කර්මාන්තය සඳහා ලබා දීමට ද තීරණය විය.

එළඹෙන මහ කන්නයට අවශ්‍ය පොස්පරස් අඩංගු පොහොර නිෂ්පාදනය කිරීම සඳහා එප්පාවල පොස්පේට් නිධිය උපරිම ලෙස භාවිතා කරන ලෙස ජනාධිපතිකාරයා රජයට උපදෙස් දුන්නේය.

කිරි, බිත්තර, හා කුකුල් මස්වල මිල පාලනය කිරීම සඳහා සත්ව ආහාර සැපයීම පිණිස ගත හැකි පියවර පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

පශ්චාත් අස්වනු නාස්තිය අඩු කිරීම, ආහාර සුරැකීම, ආහාර ගබඩා කිරීම, කෘෂි නිෂ්පාදනවල වටිනාකම රැක ගැනීම හා වැඩි කිරීම, සහ  විකල්ප ආහාර හඳුන්වා දීම හා ජනප්‍රිය කර වීම සඳහා සැලසුම් සකස් කර ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ, කෘෂිකාර්මික නිෂ්පාදන හා සම්බන්ධ ස්වයං රැකියා ප්‍රවර්ධනය කිරීම සහ පළිබෝධනාශකවලින් සිදු වූ හානි වැළැක්වීම සඳහා ක්‍රම හඳුන්වා දීම ඇතුළු වැඩසටහන් ගණනාවක්ම ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගෙන ඇති බවයි.

ජනාධිපති මාණ්ඩලික ප්‍රධානියා සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ රේඛීය ආයතන ප්‍රධානීන් ද රැස්වීමට සහභාගී වූහ.

- 2022 මැයි 31 වෙනි දින Adaderana වෙබ් අඩවියේ පළ වූ, ‘President instructs officials to take speedy actions to ensure food security’ නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට පරිවර්තනය කළේ,

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

ලංකා ඊ නිව්ස් පසු සටහන

කුරුණෑගල දිස්ත්‍රික්කයේ යල කන්නය බොහෝවිට වසරේ 12 වන සතිය තුල ආරම්භ වන අතර නැගෙනහිර හා පහතරට අතරමැදි කලාපීය ප්‍රදේශ සඳහා යල කන්නයේ වැසි ලැබීම වසරේ 14 වන සතියේ පමණ ආරම්භ වේ. අනෙකුත් අතරමැදි කලාපීය සියලු ප්‍රදේශ සඳහා 13 වන සතියේදී පමණ වර්ෂාව ලැබීම ආරම්භ වේ. සාමාන්‍යයෙන් යල කන්නය පවතින්නේ සති 1ත් 22ත් අතර කාලයකි. ඒ අනුව මෝඩ ජනාධිපතිකාරයා යල කන්නයේ සැලසුම් ගැන කතා කරද්දී යල කන්නය ආරම්භ වී සති 8 කට වඩා නැතිනම් තුනෙන් එකකට වඩා කාලයක් ගත වී ඇත.

---------------------------
by     (2022-06-01 01:11:18)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links