(ලංකා ඊ නිව්ස් -2022.මැයි.31, ප.ව.5.25) කොම්පඤ්ඤ වීදිය පොලිසියට අනුබද්ධ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ(30) අත්අඩංගුවට ගත්, අරගලයේ ආරම්භයේ සිට සිටි ප්‍රකට යූ ටියුබර් 'රැට්ටා' නමින් ප්‍රසිද්ධ රතිඳු සුරම්‍ය සේනාරත්න කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ නිල නිවසේ දී මහේස්ත්‍රාත්වරයා හමුවට ඊයේ රාත්‍රී ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරියේ ය.
පොලිසිට රැට්ටාට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා වන මංමාවත් අවහිර කිරීම, රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා 11 ම පොලිස් ඇප දිය හැකි වැරදි බවත්, එසේ තිබියදී මෙවැනි වේලාවක අධිකරණයට රැගෙනවිත් ඇති බවත් අත්අඩංගුවට ගැනීමට හේතු වූ සාක්ෂි සම්පිණ්ඩනයක් අධිකරණයට ඉදිරිපත් කර නැති බවත් එබැවින් ඔහු ඇප මත මුදා හරින්නැයි රැට්ටා වෙනුවෙන් ඉදිරිපත් වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාස් නූර්දීන් කියා සිටියේ ය. නීතිඥ නූර්දීන් සමග නුවන් බෝපගේ, කෞෂල්‍ය නවරත්න නීතිඥවරුන්ද රැට්ටා වෙනුවෙන් පෙනී සිටියහ.
පොලිසිය ඉදිරිපිට සෙනඟ පිරීම නිසා රැට්ටාගේ ආරක්ෂාවට ඔහු මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළා යැයි පොලිසිය මහේස්ත්‍රාත්වරයාට කියා සිටියේ ය.
වරදක් කර ඇත්නම්, අධිකරණයට වාර්තා කර අවශ්‍ය කටයුතු සිදු කළ හැකි බව පොලිසියට අවවාද කළ මහේස්ත්‍රාත්වරයා උද්ඝෝෂණ කරන්නේ නම් අධිකරණයට පැමිණීම අවහිර නොවන ලෙස උද්ඝෝෂණ කරන ලෙස රතිඳුට ද අවවාද කරමින් ජූනි 13 වන දා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා රැට්ටා පොලිසියේ අත්සන් කර මුදා හැරීමට නියෝග කෙළේය.
නිදහස ලැබූ රැට්ටා යළි අරගල භූමියට පැමිණියේ ය.
තමන් එදා උද්ඝෝෂනය කළේ අරගලයේ තරුණයන් අත් අඩංගුවට ගන්නා වේගයෙන් අරගලයට පහරදුන් අයත් අත් අඩංගුවට ගන්නා ලෙස බල කිරීමට බවත්, එදා එහි සිටි අයගේ මුහුණු බලා එක් එක් අය අත් අඩංගුවට ගන්නා බවත් අද තමන් අත් අඩංගුවට ගත් ආකාරයෙන් තවත් 11 දෙනෙකුගේ ලැයිස්තුවක් තිබෙන බවත් අරගල භූමියට පැමිණි රැට්ටා ප්‍රකාශ කෙළේ ය.
ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට,
1. තැන්නේ ඥානානන්ද හිමි
2. ටැම්පිටියේ සුගතානන්ද හිමි
3. ජෝසෆ් ස්ටාලින්
4. ධම්මික මුණසිංහ
5. ජගත් මනුවර්ණ
6. දමිතා අබේරත්න
7. සත්‍යවේල් පියතුමා යන පිරිස ද අත් අඩංගුවට ගැනීමට නියමිත පිරිස අතර වෙති.
---------------------------
by (2022-05-31 13:19:42)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි