~

අහසින් යන්න හදන පච ඉබි තඩියෙක්..!

-ඩේලි මිරර් වාර්තාව සිංහලට නැගුවේ ආනන්ද

(ලංකා ඊ නිව්ස් -2022.මැයි.25, ප.ව.6.25) තමන් ගුවන් නියමුවෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කර ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු කළ [පච] ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ප්‍රතික්ෂේප කර එහි උණුසුම මැකී යාමටත් පෙර, ‘ශ්‍රී ලංකාවේ ගුවන් සේවා නියමුවන්ගේ සංසදය’ (ALPGSL) විසින් ද එය ප්‍රතික්ෂේප කර ඇත.

ALPGSL ට්විටර් සටහනක් තබමින් කියා සිටියේ, "ALPGSL යනු ජාතික ගුවන් සේවයේ ගුවන් නියමුවන්ගේ එකම නියෝජිතයායි. ඒ අනුව, අපගේ සහෝදර ගුවන් නියමුවෙකුව සිටි බවට අරුන්දික ප්‍රනාන්දු කරන ප්‍රකාශය අපි තරයේ ප්‍රතික්ෂේප කරමු. ඔහු ජාතික ගුවන් සේවයේ නියමුවෙකුව සිටි බවට කිසිදු වාර්තාවක් අප සතුව නොමැත," යනුවෙනි.

මන්ත්‍රීවරයා පසු ගිය සතියේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ පසු ගිය දා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවල දී මැර පිරිසක් තම නිවසට ගිනි තැබීම හේතුවෙන් තම නිවස සහ ගුවන් හමුදාවේ පියාසර වාර්තා ඇතුළු වැදගත් ලියකියවිලි කිහිපයක් විනාශ වූ බවයි.

“මං ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටියා කියලා පෙන්වන්න අද මට කිසිම දෙයක් ඉතිරිව නැහැ.”

“ඒ කාලයේ ගුවන් යානයක් ගුවන් ගත වුණාම ඒවා ලොග්වල සටහන් කළේ, ඒ කාලේ පරිගණක ගත කරන්න පහසුකම් තිබුණේ නැති නිසයි. මගේ නිවසේ ඇති වූ ගින්නෙන් එම ලොග් වාර්තා සියල්ල විනාශ වී තිබෙනවා.” යයි මන්ත්‍රීවරයා පැවසීය.

කෙසේ වෙතත්, ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ පසු ගිය සිකුරාදා (20) ප්‍රකාශ කර තිබුණේ, මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කළ බවට මෙතෙක් කිසිදු වාර්තාවක් නොමැති බවයි.

ඔහු වැඩි දුරටත් පැවසුවේ, මන්ත්‍රීවරයා වරක් පියාසර යෝග්‍යතා පරීක්ෂණකට පෙනී සිට ඇතත් ඔහු එයින් ද අසමත්ව ඇති බවයි.

දැන් ගුවන් නියමුවන්ගේ සංසදය විසින් ද ප්‍රනාන්දුගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇත.

- 2022 අප්‍රේල් 23 වන දින Daily Mirror වෙබ් අඩවියේ පළ වූ, ‘Airline Pilots’ Guild too shoots down Arundika’s pilot claim’ නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට පරිවර්තනය කළේ,

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

ලංකා ඊ නිව්ස් පසු සටහන;

අරුන්දික ප්‍රනාන්දු යන කිසිදු විළි ලැජ්ජාවක් නැතිව බොරු කියන තක්කඩියෙක් බව ලංකා ඊ නිව්ස් ඉඳුරාම දනී. ඊට ප්‍රධාන හේතුවක් වන්නේ වරෙක ඔහු ප්‍රංශයේ සංචාරයක් කර ආපසු පැමිණ ලංකාවේ රූපවාහිනී නාලිකාවක දී කියා සිටියේ, ‘අතුරුදහන් වී යැයි කියන ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ තමන්ට ප්‍රංශයේ දී හමු වූ බවයි. එම අවස්ථාවේ එතැන සිටි ප්‍රංශයේ වෙසෙන ප්‍රකට කවියෙක් වූ මංජුල වෙඩිවර්ධන ද සාක්කි’ ‍‍‍‍‍‍‍යැයි අරුන්දික කීවේ ය. හැරෙන තැපෑලෙන්ම මංජුල වෙඩිවර්ධන එය ප්‍රතික්ෂේප කළ අතර ප්‍රගීත්ට සිදු කළ අපරාධය දැන් අධිකරණය හමුවේ දිග හැරී තිබේ. අරුන්දික ප්‍රනාන්දු යනු චේතිය රජා ද ලැජ්ජාවෙන් ඇඹරෙන, කොර වූ බොරු තෙල් ගා ඇවිද්දවිය හැකි වර්ගයේ කෙප්ප රජෙකි.

---------------------------
by     (2022-05-25 12:59:56)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links