(ලංකා ඊ නිව්ස් -2022.මැයි.18, පෙ.ව.1.45) පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ ඊයේ දින (මැයි 17) වාර්තාකරණයේ නිරතව සිටි සිරස පාර්ලිමේන්තු මාධ්‍යවේදී කසුන් සමරවීර සහ ස්වරණවාහිනියේ පාර්ලිමේන්තු මාධ්‍යවේදී ප්‍රගීත් පෙරේරාගේ ජංගම දුරකථන, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විසින් බලහත්කාරයෙන් පැහැරගෙන තිබේ.
බලහත්කාරයට ලක් වූ මාධ්‍යවේදී ප්‍රගීත් පෙරේරා පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපතිවරයාද වේ.
පාර්ලිමේන්තුව වාර්තා කරන මාධ්‍යවේදීන් ජංගම දුරකථන භාවිත කරමින් වාර්තාකරණයේ නිරත වීම සාමාන්‍ය සිදුවීමක් වන අතර ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අවසන් වී මන්ත්‍රීවරුන් පිටතට පැමිණෙන අවස්ථාව රූගත කරමින් සිටියදී මාධ්‍යවේදීන්ට තර්ජනය කොට ජංගම දුරකථන පැහැරගෙන තිබේ.
මේ සාපරාධී ක්‍රියාව සිදු කර ඇත්තේ ඉන්දික අනුරුද්ධ සහ ඩබ්. ඩී. වීරසිංහ යන පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් දෙදෙනාය.. අදාළ මාධ්‍යවේදීන් මේ පිළිබඳව කතානායකවරයාට මෙන්ම වැලිකඩ පොලිසියටද පැමිණිලි කර ඇත.
ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ අදූරදර්ශී, අත්තනෝමතික හා දූෂිත ක්‍රියා පිළිවෙත නිසා මුළු රටම බිහිසුණු ඉරණමකට ඇද වැටී ඇති හා සමස්ත පාර්ලිමේන්තු ක්‍රමය කෙරෙහිම ජනතාවගේ විශ්වාසය බිඳවැටී ඇති මොහොතකදී පවා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මෙලෙස මැරයින් ලෙස කටයුතු කිරීම ඉතා බරපතලය. පසුගියදා මෙවැනි මන්ත්‍රී මැරයන් ගේ නිවාස වලට සිදුවූ සන්තෑසියෙන් පසුව ද මොවුන් පාඩමක් ඉගෙන ගෙන නැත.
සාමකාමී ජන අරගලයට එරෙහිව මැර බලය මුදාහරිමින් හිටපු අගමැතිවරයා පෙන්වූ වැරදි ආදර්ශයත්, මේ වන තුරු එම සාපරාධී ක්‍රියාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීමත් මෙවැනි ක්‍රියාවලට තවදුරටත් අනුබලය සපයයි.
(නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිකුත් කළ නිවේදනයක් ඇසුරිනි)
---------------------------
by (2022-05-17 20:21:18)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි