~

මහජනයා ජහමනයා වෙද්දී කුඩු දුමින්ද දප්පුල ලිවේරාගේ 'භාණ්ඩය' කසාද බඳින්න යයි..!

(ලංකා ඊ නිව්ස් - 02.මැයි.2022, පෙ.ව.5.00) හිටපු ජනාධිපති උපදේශක, පා.ම. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුගේ මහ දවල් මහ පාරේ සිදුකළ ඝාතනයට වරදකරු වී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පවා මරණීය දණ්ඩනය අනුමතව සිටි, ගෝඨාභය රාජපක්ෂ නම් පාස්කු සමූහ ඝාතනයේ මහ මොළකරු ලෙස චුදිත ජනපතිකාරයාගේ විධායක බලයෙන් නිදොස් කොට නිදහස් කරන ලද අරුමාදුර ලෝරන්ස් රොමෙලෝ දුමින්ද සිල්වා හෙවත් 'කුඩු දුමින්ද' හෙට අනිද්දා විවාහ වන්නට යන බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

ඔහුගේ අත ගන්නට යන්නේ ජයරත්න මල් ශාලාවේ අධිපති ගාමිණී ජයරත්නගේ දියණිය වන නිෂාරා ජයරත්නයි.

නිෂාරා ජයරත්න යනු අවනීතික ආකාරයෙන් නීතිඥ වරියක ලෙස දිවුරුම් දුන් දා සිට නීතිපති දෙපාර්තමේන්‍තුවේ සේවය කරන අති දූෂිත චරිතයකි.

පසුගිය කාලයේ ඇය වඩාත් ප්‍රසිද්ධ වූයේ හිටපු නීතිපති දප්පුල ලිවේරා ගේ අවලම් ප්‍රේමවන්තිය වීම හේතුවෙන් දප්පුල විසින් ඇයට ලබා දුන් විශේෂ වරප්‍රසාද නිසාය.

ඒ කාලයේ ඇයට එතෙක් නීතිපති දෙපාර්තමේන්තුවේ  නොතිබූ තනතුරක් වන මාධ්‍ය ප්‍රකාශක පට්ටමක්ද ඇමති ආරක්ෂක අංශයේ ආරක්ෂාවක්ද ලබා දීමට දප්පුල ලිවේරා කටයුතු කෙළේ ය.

කෙසේ වෙතත් මෙම විවාහයත් සමග ලංකාවේ නීතිය සහ රාජ්‍යය යනු කෙතරම් බරපතල නීච සුදු කරපටි මාෆියාවක්ද යන්න ගොබ්බ ජහමනයාට තේරුම් ගත හැකි වනු ඇත. අද පෝලිම් වල රස්තියාදු වෙන සහ 'ගෝටා ගෝ හෝම්' කියමින් හෝ 'කපුටු කාක්' කියමින් රඟදෙන ජහමනයා ද මේ මාතෘ භූමිය බංකොලොත් කිරීමට රාජපක්ෂලා සේම වග කිව යුතු අතර හෙට අනිද්දා සිදුවන දුමින්ද සහ නිෂාරා කසාදයෙන්ද තහවුරු කරන්නේ ලංකාවේ ජහමනයා තවම මහජනයා බවට පත් වී නැති බවයි.

ජහමනයෙක් නොවන මහජනයෙක් රටේ සිටියේ නම් තක්කඩි පාලකයන්ගේ සේම ඩීල් වම්මුන්ගේ පොන්න ඩාන්ස් දශක ගණනක් තිස්සේ නරඹමින් අත්පුඩි ගසමින් සිටින්නේ නැත. 

අපි තව චූට්ටක් බලමු..! 

---------------------------
by     (2022-05-01 23:44:50)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links