-දි අයිලන්ඩ් ලිපිය සිංහලට නැගුවේ ආනන්ද
(ලංකා ඊ නිව්ස් -2022.අප්‍රේල්.26, ප.ව.1.40) ගෝටාබය රාජපක්ෂ ජනාධිපතිකාරයා විසින් කොළඹ විශ්ව විද්‍යාලයේ නව උප කුලපතිවරයා පත් කරන ලද ජරා ක්‍රමයට විරෝධය පළ කරමින් එම විශ්ව විද්‍යාල කවුන්සිලයේ සභිකයින් දෙදෙනෙකු වන අජිත් ගුණවර්ධන හා තිලක් කරුණාරත්න, වහාම ක්‍රියාත්මක වන පරිදි එම සභාවෙන් ඉල්ලා අස්වී තිබේ.
විශ්වාසදායක ලෙස දැන ගන්නට ඇති පරිදි, සාමාජිකයින් 27 දෙනෙකුගෙන් යුත් කවුන්සිලයේ තුන් වන ඉල්ලා අස්වීම මෙය වන අතර, තවත් ඉල්ලා අස්වීම් දෙකක් ඉදිරියේ දී සිදු වනු ඇත.
.
උප කුලපති පදවිය සඳහා ජනාධිපතිකාරයා වෙත ඉදිරිපත් කරන ලද නම් තුනෙන්, සිය පළමු ධුර කාලය අවසන් කරමින් සිටි, එමෙන්ම නැවත පත්වීම් සඳහා බොහෝ සෙයින්ම නිර්දේශ වී සිටි මහාචාර්ය චන්ද්‍රිකා එන්. විජයරත්න තේරීම් ක්‍රියාවලියේ දී ඉහළම ලකුණු (89.6) ලබා ගෙන සිටියාය.
අනෙක් අපේක්ෂකයන් දෙදෙනා වූයේ ලකුණු 66 ක් ලබා ගත් නමුත් තනතුරට තේරී පත් වූ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න, සහ ලකුණු 64 ක් ලබා ගත් මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවාය.
“විය(ප)ත් මග” ක්‍රියාකාරිකයෙකු වන නව පත්වීම්ලාභියාට එම සංවිධානයේ සහාය හිමි විය.
කෙන් බාලේන්ද්‍රට පසුව JKH ප්‍රමුඛ ව්‍යාපාරිකයෙකු වන අජිත් ගුණවර්ධන විසින් UGC සභාපතිවරයාට යවන ලද සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් පවසා ඇත්තේ, “මා දැඩි ලෙස විශ්වාස කරන, යහපාලන මූලධර්ම අනුගමනය නොකරමින් උපකුලපතිවරයා පත් කිරීම සම්බන්ධ ප්‍රතිපත්තිමය කරුණක් මත තමා ඉල්ලා අස්වන බවයි."
ඔහු හිටපු උපකුලපතිවරයා වූ මහාචාර්ය චන්ද්‍රිකා විජයරත්න විස්තර කර ඇත්තේ, “ඉතා ඵලදායී නායකත්වයක් වන එය තවත් වාරයක් විශ්ව විද්‍යාලයට ලැබුණේ නම්, බෙහෙවින්ම ප්‍රයෝජනවත් වනු ඇත” යනුවෙනි.
විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු, කර්මාන්තකරුවෙකු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු ප්‍රධානී තිලක් කරුණාරත්න වසර 15 කට ආසන්න කාලයක් අඛණ්ඩව කවුන්සිලයේ සේවය කර ඇත.
2007 දී ප්‍රථම වරට පත් වූ දා සිට තමන් උපකුලපතිවරුන් පස් දෙනෙකු සහ නිසි බලධාරියෙකු සමග කටයුතු කළ බව තිලක් කරුණාරත්න පවසා ඇත. ඉන් දෙදෙනෙකු "රාජපක්ෂලාගේ පක්කලියන් විය.”
අවසාන උප කුලපතිවරුන් දෙදෙනා වන මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක සහ මහාචාර්ය චන්ද්‍රිකා විජයරත්න "සම්පූර්ණයෙන්ම නිර්පාක්ෂික" වූ අතර, කරුණාරත්නගේ සලකා බැලීමට අනුව, මහාචාර්ය විජයරත්න ඒ "දෙදෙනාගෙන් ද වඩාම හොඳ උප කුලපති" විය.
- 2022 අප්‍රේල් 24 වන දින The Island වෙබ් අඩවියේ පළ වූ, ‘Two members of Colombo University Council resign, more in the pipeline’ නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට පරිවර්තනය කළේ,
ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68
---------------------------
by (2022-04-26 08:55:14)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි