~

සාටක සාපය නිමාවන අවුරුද්දක් වේවා..!! ගෝටාගෝ ගමේ සහ කාල්ටන් කිරි ඉතිරිල්ල..!

-විශේෂ ලියුම්කරුවෙක් ලියයි

(ලංකා ඊ නිව්ස් -2022.අප්‍රේල්.14, පෙ.ව.11.55) ගෝල්ෆේස් අරගල බිම හෙවත් ගෝටාගෝ ගමේ කිරි උතුරවන දර්ශනය හද ප්‍රීතියෙන් පිරී ගිය එකක් විය. නියම අලුත් අවුරුද්ද නම් එයයි. ජාති ආගම් කුල භේද වපුරා අසමගිය ඇතිකළ දේශපාලුවන් පිටුදැක නව සංස්කෘතික පරිවර්තනයක ආරම්භය ලැබී ඇත. 

වසර ගණනාවක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රූපවාහිනී නාලිකාවක අවුරුදු වැඩ සටහනට සම්බන්ධ වූ මාගේ මිත්‍රයෙක් කියූ කතාවක් මට මේ මොහොතේ සිහිපත් වේ. 

මම එය ඔහුගේම වචන වලින්ම ලියන්නම්.

" උඹ දන්නවද රාජපක්ෂ ගෙ කාල්ටන් ගෙදර කිරි මුට්ටිය ඉක්මනින්ම උතුරන්නෙ ඇයි කියල? ගමේ ගොඩේ වයසක අම්මල විතරක් නෙමේ උඹල පවා හිතන්නෙ ඒක රටේ සෞභාග්‍යය සශ්‍රීකත්වයේ සංකේතයක් කියලනෙ.

අපි අවුරුදු ලයිව් එක ප්ලෑන් කරන්නෙ මාස 3 කට විතර කලින්. අපේ නිවේදකයො දෙන්න ස්ටුඩියෝ එකේ ඉඳන් සම්බන්ධීකරණය කරන කොට, උතුරෙ දෙමළ ගෙදරක, අනුරාධපුර වැව් බැඳි රටේ ගෙදරක, නුවර අවට ගෙදරක, තංගල්ල කාල්ටන් එකේ, රූපවාහිනී ආලින්දයෙ සහ පිටරට සිංහල ගෙදරක [අනුග්‍රාහකත්වයක් ලැබුනොත්] අපි එක මොහෙතෙ කිරි උතුරවල අවුරුද්ද සුබවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. අර ටීවී ස්ක්‍රීන් එක අටකට බෙදල හැමතැනම ඉඳල පෙන්නන්නෙ, ආන්න ඒක ගැන මං මේ කියන්නෙ. 

හැබැයි මචං , මෙතන පොඩි ගේම් එකක් යනවා. ශිරන්තිටයි, නාකි මයිනටයි ඕනෙ කාල්ටන් එකේ කිරි මුට්ටිය අනිත් ඒවට කලින් ඉතිරෙන්න. ඒවා මයින්ඩ් එකට ගහන ගේම්. උන් දන්නවා උන්ගෙ බැතිමතුන් හිතන විදිය. 

අපේ ප්‍රොඩියුසර් කාල්ටන් එකට ගිය ගමන් කරන්නෙ නෙවිල් එක්ක කතා කරලා ශිරන්ති ට කියලා නැකතට උතුරන කිරි ටික සූදානම් කරන එක. කවුරුවත් දන්නෑ ඒක මුට්ටියට දාන්න කලින් රත්කරල සූදානම් කරල තියෙන්නෙ කියලා. 

නැකතට ගිනි දල්වලා තුන් පැත්තෙන් ගින්දර දාල විනාඩි තුන හතරක් යනකොට අර කලින් රත්කරපු කිරි ටික හොඳට උතුරල යනවා. අනිත් තැන්වල කිරි පෙන දාන්න පටන් අරන්වත් නෑ එතකොට. 

ඔන්න ඔහොම තමයි රාජපක්‍ෂලාගෙ ඇන්දිල්ල. මට තියෙන ප්‍රශ්නෙ මචං මෙච්චර වැඩ කරලත් මුං තාම යහතින් ඉන්නෙ කොහොමද කියලා.

අවුරුදු ගානක් ඔහොම කරල 2015 මෛත්‍රි ජනාධිපති උනානෙ. ඒ උත්සවේ කාල්ටන් එකෙන් පැජට් පාරට මාරු උනානෙ. පුරුදු විදියට අපේ ප්‍රොඩියුසර් ගිහින් ජයන්ති සිරිසේනගෙන් ඇහුවලු මැඩම් කිරි ටික රත්කරල එහෙම ලෑස්තියි නේද ? කියල. 

ජයන්ති සිරිසේන උඩ බිම බලල හයිලන්ඩ් කිරිබෝතලයක් දීල කිව්වලු "ආ වෙලාවට මං ඊයෙ නාරාහේන්පිට පොලට ගිය වෙලාවෙ බෝතල් තුනක්ම ගෙනාවා , මේකෙන් එකක් කඩලා මුට්ටියට දාමු " කියලා.
 
ඒ අවුරුද්‍දෙ පැජට් පාර තමා අන්තිමට කිරි ඉතිරුවෙ.
 
බයියො සෙට් එක චූන්වෙලා කිව්ව ඒ කාලෙ "හිටං හුටං හින්ද කැඳත් නෑ කියලා ."

රාජපක්ෂල කියන්නෙත්, උන්ගෙ බයියො කියන්‍නෙත්‍ එසේ මෙසේ ජාතියක් නෙමේ මචං." මගෙ යාලුව කතාව ඉවරකලා.

සාටක සාපය නිමාවන අවුරුද්දක් වේවා..! 

(සේයාරුවේ දැක්වෙන්නේ අද නැකතට ගෝටාගෝ ගමේ කිරි උතුරවන ලද දර්ශනයයි)

-විශේෂ ලියුම්කරුවෙක් විසිනි

---------------------------
by     (2022-04-14 06:34:20)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links