~

හමුදා අවතාර කල්ලි හෙළිදරව් වෙලා - හමුදාපතියාට මල පැනලා..!

-දි අයිලන්ඩ් ලිපිය සිංහලට නැගුවේ ආනන්ද

(ලංකා ඊ නිව්ස් -2022.අප්‍රේල්.10, ප.ව. 4.40) පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසන්නේ අඟහරුවාදා (05) සවස පාර්ලිමේන්තුව දෙසට යන ප්‍රධාන මාර්ගයේ පොලිස් මාර්ග බාධකයක් අසල දී පොලිසිය සහ සෙබළුන් පිරිසක් සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා (CDS) ද වන යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති බව නීතීඥ තල්දූව පැවසීය. 

ඝෝෂාකාරී විරෝධතාවක් මධ්‍යයේ මාර්ග බාධකයක දී පොලිසිය සිව්-පුද්ගල  යුධ හමුදා යතුරු පැදි කණ්ඩායමකට මුහුණ දෙන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචලිත වී ඇති අතර, පෞද්ගලික රූපවාහිනී ආයතන ද පෙර නොවූ විරූ සිදුවීම විකාශය කර ඇත.

යුධ හමුදා යතුරු පැදිවල අංක තහඩු භාවිතා නොකරන බවක් මීට පෙර වාර්තා වුවත්, රජයේ මිතුරෙකු නොවන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඊයේ පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ හමුදා යතුරු පැදිවලට අංක තහඩු තිබෙන බවත් සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසත්ය.

“දිය යටින් ගින්දර ගෙන යෑමක්” වැළැක්වීමට..

සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනකුගේ ‘ආචාර ධර්ම විරෝධී සහ නොහොබිනා හැසිරීම’ ලෙස ජෙනරාල් සිල්වා විසින් හඳුන්වන ලද මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ඔහු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නගෙන් ඉල්ලා සිටියේය. ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිමින් යුධ හමුදා ප්‍රධානියා කියා සිටියේ යුධ හමුදා මූලස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත  යුධ හමුදා යතුරු පැදිකරුවන් එම ස්ථානයට පැමිණි බවයි.

ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න ද මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා මෙන්ම නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස් ද දැනුවත් කර ඇත. පොලිස් නිලධාරීන්ගේ හැසිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බව ජෙනරාල් ගුණරත්න ප්‍රකාශ කර ඇත. 

සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනා මැදිහත් වූ මෙම සිද්ධියේ එක් අවස්ථාවක දී තවත් පොලිස් නිලධාරියෙකු එක් යතුරු පැදියක ඇන්ජිම නිවා දමා ඇත. 

ප්‍රචණ්ඩත්වයකට හේතු විය හැකි “දිය යටින් ගින්දර ගෙන යෑමක්” වැළැක්වීමට තමන් මැදිහත් වූ බව මුර පොලේ යොදවා සිටි පොලිස් බලඇණිය තම ප්‍රධානීන්ට පවසා ඇත.

පසු ගිය බ්‍රහස්පතින්දා (මාර්තු 31) ගෝටාබය රාජපක්ෂ ජනාධිපතිකාරයාගේ නිවාසය පිහිටි මිරිහාන, පැඟිරිවත්ත පාරේ මහජන උද්ඝෝෂණ ඇවිළීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා (CDS) ද වන  යුධ හමුදාපතිවරයා විසින් 53 වන සේනාංකයේ ගුවන් ජංගම බලකාය කොළඹට ගෙන එන ලදී. 

යුධ හමුදාවට අමතරව, නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගේ සහාය සඳහා පිරිස් යෙදවීමට ගුවන් හමුදාවට ද උපදෙස් දී ඇත. 

ආණ්ඩු පක්‍ෂයේ දේශපාලකයන්ට විරෝධතාකරුවන්ගේ බලපෑම් වැඩි වීම නිසා තෝරා ගත් ප්‍රදේශවලට විශේෂ කාර්ය බළකාය (STF) ද යොදවා ඇත. 

හමුදාව හා පොලීසිය සුමටව සම්බන්ධීකරණය කිරීමට..

දැනට සේවයේ නියුතු මෙන්ම විශ්‍රාමික හමුදා නිලධාරීන් ද The Island සමග පැවසුවේ, අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ නිවෙස්වලට එල්ල වන විරෝධතා හා චණ්ඩත්වයට එරෙහිව හමුදාව හා පොලීසිය සුමටව සම්බන්ධීකරණය කිරීමට CDS කාර්යාලය සමත් විය යුතු බවය. 

දිගින් දිගටම ප්‍රකෝප කළ ද ඉවසීමෙන් ප්‍රතිචාර දැක්වූ බව පොලිසිය පවසයි. කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යකාරයාගේ මහනුවර නිවස ඉදිරි පිට ඇති වූ ප්‍රචණ්ඩකාරී විරෝධතා හේතුවෙන් පොලිස් නිලධාරීන් පස් දෙනෙකු තුවාල ලබා තිබේ. 

කලින් ඉලක්ක කර ගත් වාසස්ථාන වෙත [හමුදා] මැර කණ්ඩායම් පැමිණීමේ හැකියාව බැහැර කළ නොහැකි බැවින් ආරක්ෂාව සැපයීම අවශ්‍ය බව ඔවුහු පැවසූහ.

රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යකාරයා අඟහරුවාදා (05) පාර්ලිමේන්තුවේ දී චෝදනා කළේ, තමාගේ පොළොන්නරුවේ නිවසට එල්ල විය හැකි තර්ජනයක් ගැන පොලිස්පතිවරයා දැනුවත් කළත් ප්‍රහාරය මැඩ පැවැත්වීමට පොලිසිය අසමත් වූ බවයි. මැර කල්ලිය විසින් අලාභ හානි සිදු කළ බව පැවසූ ඔහු ජාතික ජන බලවේගය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් එම ප්‍රහාර සිදු කරන ලද බවට චෝදනා කළේය.

එම අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටි ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන ප්‍රතිවාදියාගේ චෝදනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කළේය. 

රියර් අද්මිරාල් සරත් වීරසේකර හිටපු මහජන ආරක්ෂක අමාත්‍යකාරයා කියා සිටියේ, පොලිසිය හා හමුදා නිලධාරීන් සම්බන්ධ සිද්ධිය හෝ වත්මන් තත්ත්වය පිළිබඳව නිල වශයෙන් යමක් ප්‍රකාශ කළ නොහැකි බවයි. මෙවැනි සිදු වීම් ප්‍රචණ්ඩත්වය මැඩලීමේ වත්මන් ප්‍රයත්නවලට බෙහෙවින් අහිතකර විය හැකි බව ඔහු පැවසීය.

වැඩිම බලපෑම අනුරාධපුරයේ ඥානක්කාට..

මේ සතිය මුල දී පොහොට්ටුවේ, ශ්‍රීලනිපයේ සහ ජාතික නිදහස් පෙරමුණේ (JNP) නිවාස මෙන්ම කාර්යාල පවා ඉලක්ක කරගත් කලහකාරී පිරිස්වලින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයට බව පොලිසිය සහ දේශපාලන ආරංචි මාර්ග පවසයි. 

විරෝධතාකරුවන් [ජනාධිපතිකාරයාගේ] සාස්තරකාර ඥානක්කාගේ සුඛෝපභෝගී නිවාසය ඉලක්ක කර ගත් අතර, එහි යොදවා තිබූ පොලීසියට අමතරව හමුදාව ද කැඳවා තිබුණි. 

පැය අටකට ආසන්න කාලයක් තිස්සේ විරෝධතාකරුවන් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරයෙකුගේ නිවාස සහ කාර්යාල පහක් ඉලක්ක කර ගනිමින් විරෝධතාවයේ නිරත වූ බව ආරංචි මාර්ග සඳහන් කළේය. 

ඉලක්ක කර ගත් දේශපාලනඥයන් අතර චන්න ජයසුමන, හා ෂෙහාන් සේමසිංහ මෙන්ම දුමින්ද දිසානායක රාජ්‍ය අමාත්‍යකාරයන් ද, එස්.එම්. චන්ද්‍රසේන හා උද්දික ප්‍රේමරත්න කැබිනට් අමාත්‍යකාරයන් ද විය. 

මන්ත්‍රීවරුන්ට වඩා හොඳ ආරක්ෂාවක් ඥානක්කාගේ නිවසට ලැබුණු බව ආරංචි මාර්ග සඳහන් කරයි.

- 2022 අප්‍රේල් 7 වෙනි දින The Island වෙබ් අඩවියේ පළ වූ, Shamindra Ferdinando ලියූ, ‘Incident involving Police and Army goes viral: Gen Silva questions conduct of police, demands inquiry’ නම් ප්‍රවෘත්තිය සිංහලට පරිවර්තනය කළේ,

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

 

---------------------------
by     (2022-04-10 11:18:56)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links