(ලංකා ඊ නිව්ස් -2022.අප්‍රේල්.07, ප.ව.10.00) පසුගියදා පාර්ලිමේන්තුව අසල පැවැති විරෝධාවයේ දී උද්ඝෝෂනයේ යෙදී සිටි සිවිල් ජනතාව අතරට අංක තහඩු නැති බයිසිකල් වල නැගී සම්පූර්ණයෙන්ම මුහුණ වසා ගත් කළු හැඳ ගත් 'අවතාර' හමුදා කල්ලියක් පැමිණි අතර පොලිසිය ඔවුන්ට ඉඩ නොදීමත් මුහුණු ආවරණ ගලවා දැමීමත් හේතුවෙන් දැන් හමුදාව සහ පොලිසිය අතර ගැටුමක් ඇති වී තිබේ. මේ පසුබිමේ දී ප්‍රකට සිවිල් සංවිධාන ක්‍රියාධරයන් වන අසේල සම්පත් සහ චිරන්ත අමරසිංහ ආරක්ෂක අමාත්‍යාංශයට ගොස් විරෝධය පෑහ. "උඹලගේ අම්මත් කළුවරේ, ගෑනි කිරිපිටි පෝලිමේ, නංගි ගෑස් පෝලිමේ ඉඳිද්දි ජනතා විරෝධතා අතරට ඇවිත් කැටයම් දාන්න එන්න එපා" යයි අවතාර හමුදාවට අසේල සම්පත් කීය. අදාල වීඩියෝවක් පහතින්
---------------------------
by (2022-04-07 17:05:31)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි