(ලංකා ඊ නිව්ස් -2022.අප්‍රේල්.07, පෙ.ව.1.35) සංවේදී සටහන් අඩංගුය. වාඩිවී ලේන්සුවක් අතැතිව කියවන්න.
සුනාමි සල්ලි - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
ඩේසි ආච්චිගෙ මැණික් මල්ල - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
CSN චැනල් එක ගත්ත සල්ලි - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
පුතාගෙ නීති උපාධිය - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
මල්ලිගෙ නේවි එකට සුදුසුකම් - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
දිවි නැගුම සල්ලි - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
මල්වාන - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
මිග් යානා - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
ලසන්ත - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
තජුඩීන් - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
ඇස්කොට් හෝල්ඩින්ග් - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
ගවර් කෝපරේෂන් - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
සිරිලිය - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
තාරුණ්‍යයට හෙටක් - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
පොඩි බබාගෙ රොකට් යැවීම - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
කොටස් වෙළදපොලේ විශාල ආයෝජන - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
දෙමව්පියන්ගේ සොහොන් - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
මුරිසි දිවයිනේ මුදල්- අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
නුවරඑළියේ ගෙවල් - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
ඩුබායිවල හෝටල් - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
කොළඹ ගෙවල් - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
රට වටේ මොන්ටිසෝරි - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
පෞද්ගලික ජෙට් - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
උගන්ඩාවේ බිස්නස් - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
අගමැති පඩිය නොගෙන ටොප් එකට ජීවත්වීමේ රහස - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
මිස්ට ටෙන් ප’සෙන්ට් ජරාව කෑම- අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
බල්ලො ගේන්න ජෙට් යැවීම - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
නෝනගෙ මල්ලි එයා ලංකා සභාපති - සුදුසුකම් තියෙන්න ඇති
ඇමරිකාවේ තානාපති මල්ලි හොරකම් කරල - පව්. පඩියක් නැති නිසා වෙන්න ඇති.
වානේ සංස්ථාව ගන්න සල්ලි- අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
ටයර් කොම්පැණිය හදන්න සල්ලි- අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
සිමෙන්ති කොම්පැණිය හදන්න සල්ලි- අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
දෙගොල්ලගෙම හයිවේ ගැහිලි - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
වැක්සින් ගැහිල්ල - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
ඈන්ටිජන් කිට් ගැහිල්ල- අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
සීනි ගැහිල්ල - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
පොල්තෙල් ගැහිල්ල- අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
පෝර ගැහිල්ල- අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
ගෑස් කෙලිය - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
ගෑස් ලොක්කගෙ පඩිය - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
පොලිස් කොමිසම - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
නඩුකාරයින් පත්කිරීමේ බලය - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
කොවිඩ් පැණි මුට්ටි - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
සල්ලි අච්චු ගැහිල්ල - කොච්චර හොඳද? රටේ සල්ලි වැඩිවෙනවනෙ.
ධම්මිකගෙ බිස්නස් හිටිගමං වැඩිවීම- කවුද ඔය. අපි දන්නෙ නෑනෙ.
නිමල්ගෙ කොටස් වෙළඳපොලේ ගනුදෙනු - කවුද ඔය. අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
ඇමරිකානු පුරවැසියෙක් මුදල් ඇමති කිරීම - කොච්චර ආඩම්බරද අපිට
ඇමරිකානු පුරවැසියෙකුට රටම භාරදීම- එලම එල වැඩක්
තුනෙන් දෙකක් දීම - තුනම දුන්නත් කමක් නෑ
මහ දවල් මහ බැංකුව කැඩිල්ල - පොඩි වැඩක්නෙ
ඇලෝසියස් - අපි අඳුනන්නෙ නෑ
පගාවට ගෙයක් - පොඩි වැඩක්නෙ
මධ්‍යම සංස්කෘතික අරමුදලෙ සල්ලි - බෙදුවම මොකෝ. අපේයැ.
අල්ලස් කොමිසමට එන්න විදිහක් නෑ. නයෙක් ගහල. - එන්න බෑ නේන්නම්.
චීනෙටයි ඉන්දියාවටයි රටෙන් කෑලි - අපේ ගෙවල් පැත්තෙන් නෙමෙයිනෙ. කමක් නෑ.
තෙල් ටැංකි - සුද්දො හදපුවනෙ. දුන්නම මොකෝ.
ඩෝල් කොම්පැණියට කෙහෙල් වවන්න
සෝමාවතියෙ රක්ෂිතයෙන් අක්කර 11600ක් - කොහෙද අනේ ඔය. අපේ ගෙවල් පැත්තෙන් නෙමෙයිනෙ. කමක් නෑ.
ලුනුගම්වෙහෙර පාක් එකෙන් අක්කර 4600ක් - සත්තුනෙ ඉන්නෙ. කමක් නෑ.
තණමල්විලෙන් අක්කර 1400ක් - අපේ ගෙවල් පැත්තෙන් නෙමෙයිනෙ. කමක් නෑ.
බුත්තලින් අක්කර 1200ක් - අපේ ගෙවල් පැත්තෙන් නෙමෙයිනෙ. කමක් නෑ.
වැල්ලවායෙන් අක්කර 1800ක් - අපේ ගෙවල් පැත්තෙන් නෙමෙයිනෙ. කමක් නෑ.
දෙමෝදරින් අක්කර 1600ක් - ලංකාවෙද? අපේ ගෙවල් පැත්තෙන් නෙමෙයිනෙ. කමක් නෑ.
මුතුරාජවෙල අභයභූමිය ගොඩ කරන එක - වෙලක් වෙන්නැතිනෙ. අයියෝ කමක් නෑ.
අනුරාධපුරයේ ඉඩම්වලින් අක්කර 104066ක් කෝමාරිකා වවන්න - අපේ ගෙවල් පැත්තෙන් නෙමෙයිනෙ. කමක් නෑ.
රඹකැන් ඔය අක්කර 2750ක් - අපේ ගෙවල් පැත්තෙන් නෙමෙයිනෙ. කමක් නෑ
අලි එනවට කාණු කපන එක - ටොප් වැඩක්නෙ. කොච්චර පස් හම්බවෙනවද.
ඥාණක්කා සහ ඥාණසාර - හොඳම උපදේශකවරු
1993දි නාවලපිටියෙ ඉන්ෂුවරන්ස් ඒජන්ට් කෙනෙක් ඇමතියෙක් වුනාම කොහොමද බිලියන් ගණන් හම්බකලේ - ඇත්තද? අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
ඔක්සිජන් - අපිට එපා. වනජීවීනුයි කැලෑවයි මොන කෙහෙල්මලකටද?
ජාතිවාදය - අපිට ඕනැ. නැතුව චන්ද දිනන්නෙ කොහොමද?
ඔන්ලයින් අධ්‍යාපනය - අපේ එවුන් ෂේප්. කොම්පියුටර් තියනවනෙ.
ඇස් දෙක පියාගත්තම - ගෙදර මිනිහ පේන්නෙ නෑ. රාජපක්ෂ පේනවා.
හිට්ලර්- අන්න හාමුදුරුවනේ මෑන්
බඩගින්න - ආං ඒකනං හොඳටම දැනෙනවා
පැට්‍රොල් නෑ - ආං ඒකත් හොඳටම දැනෙනවා
ගෑස් නෑ - ඒකත් හොඳටම දැනෙනවා
පෝර නෑ - ඒකත් හොඳටම දැනෙනවා
ලයිට් නෑ - ඒකත් හොඳටම දැනෙනවා
"යකෝ අපිට මෙහෙම වෙලා මදි. මෙච්චර කල් රටට කෙලවුනා. කොච්චර කිව්වත් වගේ වගක් නැතුව ඉඳල, පිස්සු කෙලින්න චන්දෙ දීල, දැන් තමන්ගෙ බඩට වදිනකොට විතරක් පාරෙ. පක්ෂ පාට කණ්නාඩි දාගත්ත ගොං හැතිකරේ. ආපහු සංවේදී වෙලා දෙමු ආපහු."
දැන්වත් හිතමු..!
(උපුටා ගැනීමකි)
---------------------------
by (2022-04-06 20:11:06)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි