~

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ සිසුන් කබලෙන් ලිපට

(ලංකා ඊ නිව්ස් -2015.පෙබ.10, ප.ව.11.30) නීති අධ්‍යාපන කවුන්සිලය මගින් මෑතකදී තීරණය කරන ලද පරිදි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ සිසුන් වසර හතරක තම නීති උපාධි අධ්‍යාපනයෙන් අනතුරු ව නීතිඥවරයෙකු වීම සදහා තවත් වසර තුනක් නීති විද්‍යාලයේ අධ්‍යාපනය සියලු විභාග සමගින් සම්පූර්ණ කළ යුතු ය. සාමාන්‍යයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ හෝ විවෘත විශ්ව විද්‍යාලයේ වසර හතරක උපාධි අධ්‍යාපනයෙන් අනතුරු ව ඊළග ට ළඟම යෙදෙන නීති විද්‍යාලයේ අවසාන විභාගය සමත් වීම ප්‍රමාණවත් වේ. නමුත් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ සිසුන් ට නීතිඥවරයෙකු වීම සඳහා වසර 07 ක් ගතවේ.

නීති අධ්‍යාපන කවුන්සිලයේ තීරණය සිසුන්ගෙන් වසන් කර තබා ගැනීමට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ බලධාරීන් උත්සාහ කරමින් සිටී. රුපියල් ලක්ෂ නවයකට ආසන්න මුදලක් පාඨමාලා ගාස්තු ලෙස ලබා ගන්නා අවස්ථාවේ දී පාලන අධිකාරිය සිසුන්ට ද ඔවුන්ගේ දෙමව්පියන්ට ද සහතික කර සිටියේ අනෙකුත් විශ්ව විද්‍යාලවල මෙන් වසර හතරක් අවසානයේ නීති විද්‍යාලයේ  අවසාන වසර විභාගය සමත් වීමෙන් පමණක් නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දිය හැකි බව යි.

නමුත් දැන් මේ පිලිබඳ විමසු විට නීති පීඨයේ බලධාරින් පවසන්නේ සිසුන් තම දෙමව්පියන්ගේ සම්බන්ධතා උපයෝගි කර ගනිමින් නීති විද්‍යාලයේ වසර තුනක කාලය අඩු කර ගැනීමට උත්සාහ ගන්නා ලෙසයි. 

නීති පීඨ සිසුන් අද වැටී ඇති තත්ත්වයට සම්පුර්ණයෙන් ම වගකිව යුත්තේ නීති පීඨයේ බලධාරිත්වයයි. නීති පීඨයේ පීඨාධිපති සහ අංශාධිපති පසුගිය කාලය මුළුල්ලේ ම තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවයන් පීඨය හරහා ඉටු කර ගත්තා මිස සිසුන්ගේ අවශ්‍යතාවය ඉටු කර දීමට කිසිදු පියවරක් නොගත්හ.

පීඨාධිපති වන ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා දේශපාලනික වැඩ කටයුතු වලින් ඉතා කාර්යය බහුල චරිතයක් වු අතර කිසිදු දිනක දේශණ කටයුතු සඳහා සහභාගි නොවී ය. එහෙත් පීඨය මගින් සිසුන්ගෙන් අයකර ගන්නා මුදලින් ඉතා ඉහල වැටුපක් සහ දීමනා රාශියක් මොහු වෙත ලබා දෙන ලදී. අංශාධිපති වන ඩබ්ලිව් එස් විජේසිංහ මහතා ද කිසිදු විෂයයක් හෝ උගන්වන්නේ ද නැත.(ඒ සඳහා සුදුසුකම් ද නැත) සම්පුර්ණයෙන් ම දේශපාලන පත්වීමක් වන මොහු කතිකාචාර්යවරයෙකු වීමට තරම්වත් සුදුසුකම් නැති බව මුලු නීති ක්ෂේත්‍රයම දනී. උපකුලපතිවරයාගේ නීති විරෝධී මුදල් ගසා කෑම් සඳහා උපදේශකයා ලෙස කටයුතු කිරීම හේතුවෙන් කිසිදු අගැයීම් මණ්ඩලයට යොමු නොකොට ම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ධූරයට උසස් කරන ලදී. මොහු විශ්ව විද්‍යාලයේ නීති උපදේශක ලෙස ද කටයුතු කරන අතර  සිසුන්ගෙන් අයකර ගන්නා මුදලින් ඉතා ඉහල වැටුපක් සහ දීමනා රාශියක් ලබමින් සිටී. 

මේ දෙපල ම උද්ගත වී ඇති තත්ත්වය වසන් කරමින් සහ සිසුන් මගහරිමින්  සුපුරුදු අන්දමින් තම වගකීම අන් අය වෙත පවරමින් සිටිති.
 
මේ අන්දමින් නීති පීඨයේ බලධාරීන් සිසුන්ගේ නීති අධ්‍යාපනයේ ඉහල ම ඉලක්කය නොසලකා හරිමින් තම සුඛ විහරණය ගැන පමණක් සලකමින් කටයුතු කිරීම නිසා අද අසරණ තත්ත්වයට පත් ව සිටින්නේ විශාල මුදලක් වැය කරමින් තම නීති අධ්‍යාපනය කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ් හැදෑරීමට තීරණය කල සිසුන් සහ දෙමාපියන් ය.

මීට

අසරණ වූ නීති සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන්.

---------------------------
by     (2015-02-11 00:41:39)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links