(ලංකා ඊ නිව්ස් -2022.අප්‍රේල්.03, ප.ව. 3.30) වැඩ බැරි ගෝඨාභය ජනාධිපතිට හා ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ජපානයේ ශ්‍රී ලාංකිකයන් විසින් තෝකියෝ නුවර ශිබුයා නගරයේ දී දැවැන්ත විරෝධතාවයක් පවත්වන ලදී.
ලාංකික සිසුන්, ව්‍යාපාරිකයන් හා ශ්‍රමිකයන් ඇතුලු විශාල පිරිසක් දේශපාලන භේදයකින් තොරව මීට සම්බන්ධ විය.
මේ වන විට ජපානයට පත්කර ඇති තානාපති සංජිව් ගුනසේකර හෙවත් ශෝභන ගුණසේකර ද ගෝඨාගේ ඇමරිකානු හිතවතෙක් වන අතර මොහුද ගෝඨා මෙන් ඇමරිකාවේ සිට ජපානයට පැමිණි රට අපකීර්තියට පත්කර මින් සිටී. විරෝධතාවයට පැමිනි අයකු ප්‍රකාශ කළේ ගෝඨාගේ තානාපති ඡායාරූප ගැනීම හැර කිසිවක් කරන බවක් නොපෙනෙන බවයි.
මේ අතර රට කඩා වැටී තිබියදී ගෝඨා හා ශෝභන ගුණසේකර එක් වී ජපාන සංචාරයකට සූදානම් වෙයි. ජපානයේ කුමාමොටෝ නගරයේ පැවැත්වෙන ලෝක ජල සමුළුවට යැයි පවසා අප්‍රේල් 23 සිට 30 දක්වා මෙම සංචාරය සූදානම් කර ඇත. රාජ්‍ය නායකයෙකුට පැමිණිම අනිවාර්ය නැති මෙම සමුළුවට සහභාගී වීමට යන වියදම රු මි. 60 ක් බව දැනට ගණන් බලා තිබෙන බව තානාපති කාර්යාලයේ නිළධාරියෙක් පැවසුවේ ය.
මේ අතර ගෝඨා ඉවත්වන තෙක් තවදුරටත් විරෝධතා පවත්වන බව ජපානයේ ශ්‍රී ලාංකිකයෝ අද ශපථ කළහ
---------------------------
by (2022-04-03 10:42:43)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි