(ලංකා ඊ නිව්ස් -2022.මාර්තු.25, ප.ව.8.35) උතුර නැගෙනහිර සංවර්ධනයට දෙමළ ඩයස්පෝරාවේ මුදලින් ඩොලර් බිලියන ගණනක අරමුදලක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකඟ වී ඇත. එම අරමුදල ලංකාවේ ණය ගෙවීමට නොව උතුර නැගෙනහිර සංවර්ධන කටයුතු සඳහා පමණි.
ඒ සමගම ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ නඩු නැතිව රඳවාගෙන සිටින සියළු දෙනා නිදහස් කිරීමට ද, යුද්දය කාලයේ රජයට පවරා ගත් ඉඩම් යළි වගා කටයුතු සඳහා මුල් අයිතිකරුවන් වෙත නිදහස් කිරීමට ද, දැනට සිය රට පැමිණීමට නොහැකිව පිටරටවල වෙසෙන දෙමළ ජාතිකයන්ගේ ප්‍රශ්න විසඳා ඒ අයට යළි ලංකාවට පැමිණීමට හැකියාව ලබා දීමට ද, අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ විමර්ශනයක් සිදු කිරීමට ද, 13+ ලබා දීම නව ව්‍යවස්ථාව යටතේ සිදුකිරීමට ද ජනාධිපතිවරයා එකඟ වී ඇත.
මෙම එකඟතා වලට ආණ්ඩුව පැමිණ ඇත්තේ අද උදෑසන දෙමළ ජාතික සන්ධානය සමග පැවැති සාකච්ඡාවක දී ය.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ගේ ප්‍රධානත්වයෙන් නියෝජිත කණ්ඩායමක් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රජයේ නියෝජිත කණ්ඩායමක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ. එහිදී "ශ්‍රී ලංකාව පෙරදිග ස්විස්ටර්ලන්තය බවට පත් වනු දැකීමට තමන් කැමැත්තෙන් පසුවන බව" ආර්. සම්බන්ධන් පැවසුවේ යයි ද "රට ගොඩනැගීම සඳහා එක්ව කටයුතු කරමු" යැයි ජනාධිපති ගෝඨාභය පැවසුවේ යයිද ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ , අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, චමල් රාජපක්ෂ, අලී සබ්‍රි, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් ආර්. සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිදාර්ථන්, එම්.ඒ. සුමන්දිරන්, චාල්ස් නිර්මලනාදන්, ශානක්‍යයන් රාජපුත්‍තිරන්, තවරාජා කලෙයි අර්සන් සහ මාවයි සේනාධිරාජා යන අය මේ අවස්ථාවට එක් ව සිටියහ.
---------------------------
by (2022-03-25 15:08:53)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි