-වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත සිංහලට නැගුවේ කුඩගම්මන සීලරතන හිමි
(ලංකා ඊ නිව්ස් -2022.මාර්තු.21, පෙ.ව.4.20) ශ්‍රී ලංකා බැඳුම්කර හිමියන් ස්වෛරී-ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සඳහා නීති උපදේශකවරයා අවදි කරවයි...!
ණය බේරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික රජය සමග සාකච්ඡා කිරීම සඳහා බ්ලැක් රොක් සහ ඈෂ්මෝර් යන ස්වෛරී බැඳුම්කර හිමිකාර සමාගම් වයිට් සහ කේස් වෙතින් නීති උපදෙස් පතයි...!
ශ්‍රී ලාංකික ස්වෛරී බැඳුම්කරවල මුදල් ආයෝජනය කළ ව්‍යාපාරික කණ්ඩායමක් ණයකාර දිවයින් වැසියන් දරුණු ආර්ථික අර්බුදයකින් ගොඩ ඒමට දඟලමින්, දේශපාලනික නොසන්සුන්තාවක පැටලී සිටින අතරතුර සිය ගනුදෙනු බේරුම් කර ගැනීම පිළිබඳ White & Case LLP නීති උපදේශන සමාගමේ සහාය ලබාගෙන ඇතිබව ඒ පිළිබඳව උනන්දුවක් දක්වන්නවුන්ගෙන් අසන්නට ලැබේ.
අසන්නට ලැබෙන ආකාරයට BlackRock Inc. සහ Ashmore Group PLC වශයෙන් බැඳුම්කර හිමිකරුවන් සංවිධානය වී තිබෙන්නේ හිටි අඩියේ ය. තවමත් ඔවුන්ගේ කණ්ඩායමට මූල්‍ය උපදේශකයකු බඳවා ගෙන නොමැති බවත් කියවේ.
Covid-19 වසංගතය ආරම්භයේ සිට ම ශ්‍රී ලංකාව සිටින්නේ විදේශ විනිමය සංචිත අඩකටත් වඩා පහත වැටී, ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දෙමිනි. ශ්‍රී ලාංකික රජය සිය ජනතාවට අවශ්‍ය බොහෝ භාණ්ඩ ආනයනය කරන අතර, මුළුමනින් ම පාහේ යැපෙන්නේ විදේශ විනිමය මත ය.
රටට විනිමය උපයන ප්‍රධානතම මාර්ගයක් වන්නේ සංචාරක ව්‍යාපාරය ය. වසංගතයත් සමග එහි බරපතළ බිඳ වැටීමක් සිදු ව තිබේ. ඒ අතර, ආර්ථික විද්‍යාඥයන් පවසන්නේ, විදෙස් මුදල්වලට කලු කඩයක් නිර්මාණය වෙමින් විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන ආදායම් ද රජයට අහිමි කරවා ඇති බවකි.
රජයේ තොරතුරු අනුව, 2021 අප්‍රියෙල් වනවිට, ශ්‍රී ලාංකික රජය ගෙවීමට තිබුණ ස්වෛරී බැඳුම්කර ප්‍රමාණය ඩොලර් බිලියන 16කටත් වැඩි බව පැවසේ. එයින් බිලියන 3ක පමණ ප්‍රමාණයක් චීනයෙන් සහ ජපානයෙන් ලබා ගත් සෘජු ණය වන අතර, ඉන්දියාවට ගෙවීමට තිබෙන ප්‍රමාණය බිලියන එකකි. ඒ අතර, ශ්‍රී ලංකාව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතනවලට ගෙවීමට තිබෙන ණය ප්‍රමාණයන් ද ඉහළින් ම කැපී පෙනෙන තරම් ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පෙන්වා දීම්වලට අනුව, සමස්තයක් වශයෙන් 2021 දී ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය සහ දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතය පැවතියේ 120% ටත් වඩා අඩු මට්ටමක ය.
විදේශ විනිමය සංචිතවල පිරිහීම නොතකා, රාජ්‍ය නායකත්වය මාස ගණනාවක් තිස්සේ ප්‍රකාශ කරමින් සිටියේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඔවුනට කිසිදු සැලසුමක් නොමැති බව ය.
මධ්‍යම රජයේ 2022 අයවැයට අනුව මේ වසරේ ශ්‍රී ලංකාවට ගෙවීමට සිදුවන දේශීය සහ විදේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 7.5ක් පමණ ය. ජනවාරියේ ගෙවා දමා තිබෙන ඩොලර් මිලියන 500ක් වටිනා බැඳුම්කර සහ ජුලි මස කල් පිරෙන ඩොලර් බිලියන 1ක බැඳුම්කර ද ඇතුළත් ව දළ වශයෙන් එයින් ඩොලර් බිලියන 4ක් ගෙවීමට තිබෙන විදේශ ණය ය. කෙසේ වෙතත්, මහ බැංකුව සපයන තොරතුරුවලට අනුව පෙබරවාරි වනවිට රටෙහි විදේශ සංචිත ඇත්තේ ඩොලර් බිලියන 2.31කි. එම එකතුවෙන් සමහරක් චීනයේ මහජන බැංකුවේ හුවමාරු මාර්ග වැනි බාහිර ණය ගෙවීම් වැනි දේවලට භාවිත කළ හැකි ද යන්න විශ්ලේෂකයෝ ප්‍රශ්න කරති. සංචිත ක්‍රමයෙන් අඩුවීම නිසා මාස ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ ණය හුවමාරු වී ඇත්තේ ඉතාමත් ම කණගාටුදායක මට්ටමකිනි.
ඉදිරියේ එන ණය ගෙවීම් සඳහා ආයෝජකයන් මගින් අරමුදල් සපයා ගැනීමට ශ්‍රී ලංකාව විකල්ප ක්‍රියාමාර්ග වෙත යොමු වෙමින් සිටියි. මෑතක දී නිලධාරීන් මුදල් සම්පාදනය කර ගැනීමේ යෝජනා රැගෙන Rothschild & Co සහ Lazard බැංකුකරුවන් හමු වී තිබෙන අතර, මේ ගැන දන්නා අයෙකු පවසන්නේ, රට තුළට විදේශ විනිමය ගලා ඒමට සැළැස්වීමෙන් ණය සුරක්ෂිත කෙරෙන මූල්‍ය පැකේජයක් පිළිබඳව ද රට ගවේෂණය කරමින් සිටින බව ය.
අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඉන්ධන හිඟයට එරෙහි ව කොළඹ දී පැවති විරෝධතාවකට පසුව පසුගිය බදාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසුවේ රටේ ණය බර සැහැල්ලු කර ගැනීම සඳහා රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ අනෙකුත් මූල්‍යායතන සමග මූලික සාකච්ඡා අරඹා තිබෙන බව ය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෑතක දී පැවසුවේ රටේ රාජ්‍ය ණය ගෙවීම් නොකඩවා පවත්වා ගත නොහැකි තත්වයට පත්ව ඇති අතර, වසංගතයට පෙර සිදුකළ බදු කප්පාදු කිරීම් සහ Covid-19 වසංගතයෙහි බලපෑම රටේ මූල්‍යමය තත්ත්වය අනතුරේ හෙළා ඇති බව ය.
මේ වන විට, විදේශ විනිමය සංචිත ක්ෂය වීම මෑතක දී ශ්‍රී ලංකාව තුළ දැඩි පාරිභෝගික භාණ්ඩ හිඟයකට තුඩු දී ඇති අතර, අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට රටට ඇති හැකියාවට සීමාවන් පැනවීමෙන් මේ වන විට, උද්ධමනය තව තවත් වේගවත් කර තිබේ. යුක්රේනයේ කෙරෙන රුසියානු ආක්‍රමණයෙන් පසු, තෙල් හා ගෑස් මිල ඉහළ යාමෙන් මෑත දී ලොව පුරා නරක අතට හැරුණු නොනවතින ඉන්ධන හිඟය මැද ශ්‍රී ලංකාවේ විදුලිබල ජාලය ද පෙබරවාරි මාසයේ සිට විදුලිය විසන්ධි කිරීමකට යොමු විය.
දිනෙන් දින ඉහළ යන ජීවන වියදමට සහ රුපියල අවප්‍රමාණ වීම පාලනය කර ගන්නා අදහසින් ශ්‍රී ලංකා මහ බැංකුව මාර්තු මුල් කාලයේ පොලී අනුපාතයන් ඉහළ දමා, ඩොලරය සඳහා ගෙවන රුපියල් ප්‍රමාණය වැඩි කළේ ය. එයින් අදහස් කරන්නට ඇත්තේ කලු කඩයට යැවෙන විදේශ මුදල් ප්‍රමාණයන් අවම කිරීම විය හැකි ය.
(පසුගිය 18 සිකුරාදා දින අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඉන්ධන හිඟයත්, ඉහළ යන ජීවන වියදමත් යන ආර්ථික ගැටළුවලට විරෝධය පෑ විරෝධතාකරුවන් වැළැක්වීමට, පොලිස් නිලධාරීන් කොළඹ දී වෑයම් කළ අයුරු සේයාරුවේ දැක්වේ - සේයාරුව ප්‍රදීප් දඹරගේ/සූමා ප්‍රෙස් )
-මාර්තු 18 වෝල් ස්ට්‍රීට් ජර්නල්හි පළවූ Sri Lanka Bondholders Tap Legal Adviser for Sovereign-Debt Restructuring Talks නම් පුවත ලිව්වේ ඇලෙක්සැන්ඩර් ග්ලැඩ්ස්ටන්, ඇන්ඩෘ ස්කූරියා සහ ඇලෙක්සැන්ඩර් සෙයීඩි විසිනි. ලංකා ඊ නිව්ස් වෙනුවෙන් සිංහලට නැගුවේ,
හිමි ලියූ පරිවර්තන ලිපි එකතුව
https://www.lankaenews.com/category/80
---------------------------
by (2022-03-20 22:55:30)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි