(ලංකා ඊ නිව්ස් -2022.මාර්තු. 15, ප.ව.11.45) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ නියෝගයකින් කිරිහල් ටෙන්ඩරයක් නීති විරෝධීව හිතවතෙකුට ලබා දී තිබේ.
මිල්කෝ ආයතනයට අනුබද්ධිතව නුගේගොඩ දුම්රිය ස්ථානයේ පවත්වාගෙන යන සුළු අලෙවිහල සඳහා ටෙන්ඩර් කැඳවා තිබූ අතර, ඒ සඳහා මාසිකව රු. 184896/= බැගින් මාස හයක මුදල වන 1294272/= ක මුදලක් ගෙවන ලෙස, ප්‍රසම්පාදන මණ්ඩලයේ අනුමැතිය අනුව මිලදීමනා ඉදිරිපත් කළ ගැණුම්කරුට දන්වා ඇත.
එම මුදල ගෙවීමට නොහැකි වීමෙන් 134000/= ක මුදලකට ඉල්ලා ඇති දෙවන ඉල්ලූම්කරුට ටෙන්ඩරය දීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින අතර දී, ජනාධිපති වරයාගේ නියෝගයෙන් එම ටෙන්ඩරය අවලංගුකර, තමන්ට හිතවත් යැයි කියන ලක්‍ෂපති ව්‍යාපාරිකයෙකුට ලබා දීමට කටයුතු කර ඇත.
වංචා දූෂණ අක්‍රමිකතා සිදවන්නේ නම් එවා නතර කිරීම රටේ මුල් පුරවැසියාගේ වගකීම වන අතර, පුද්ගලයින්ට ආර්ථික වාසි ලැබෙන පරිදි රාජ්‍ය ආයතනයකට ලැබෙන ආදායම් අහිමි කිරීමට කටයුතු කිරීමේ සදාචාරය කවරෙක්ද යන්න පැහැදිලි නැත. මෙම ක්‍රියාව පාඩු ලබන රාජ්‍ය ආයතනයකට ආදායම් අහිමිකර ඇති අතර, තවත් පුද්ගලයෙකුට අසාධාරණයක් වන පරිදි ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කර ඇත.
වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරුව කියන්නාක් මෙන් රටේ හොරකම වංචාව නතර කරන බවට ජනතාවට ප්‍රකාශ කළ නායකයින් ම එවා සිදුකරන්නේ නම් රට කවර දිසාවකට යොමු වන්නේ දැයි සිතීමට අමුතු අටුවා ටිකා අවශ්‍ය නැත.
ජනාධිපති වරයා විසින් මෙම චෝදනාව ප්‍රතික්‍ෂේප කරන්නේ නම් එම සිද්ධිය සාවද්‍ය බවත්, මෙම ටෙන්ඩරයට අදාල නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත්ව ක්‍රියාත්මක කරන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය සාමාන්‍යාධිකාරී වරයාට ලිඛිතව දන්වා එවිය යුතු බවත් අවධාරණය කර සිටිමු.
ප්‍රධාන ලේකම් -සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය.
---------------------------
by (2022-03-15 23:23:55)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි