~

සුදු ඇඳගෙන කළු ඇවිත්..! ජයන්ත ධර්මදාස කෝටි ගණනක පොලුකාරයෙක්..!

(ලංකා ඊ නිව්ස් -2022.මාර්තු. 11, ප.ව.3.00) ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ සහෝදරයන් කීවොත් එක්වරම මතක් වන්නේ රාජපක්ෂ සහෝදරයන් ය. කලක් සමගියෙන් සිටි ඔවුන් ද දැන් ඇන කොටා ගන්නට පටන් ගෙන තිබේ.

ප්‍රකට ව්‍යාපාරික සෙහොයුරන් වන තිලංග සහ ජගත් සුමතිපාල ද ව්‍යාපාරික ගැටළු මත දැන් දෙපිල බෙදී නඩු මගට ද පිවිස ඇත.

තවත් ප්‍රකට ව්‍යාපාරික සොයුරන් දෙපලක් වන ජයන්ත සහ උපාලි ධර්මදාසලා ද දැන් විරසක වී තිබේ. පියා නවලෝක මුදලාලි මිය යාමෙන් පසු ඔහුගේ දේපොල බෙදා ගැනීම සම්බන්ධව මේ දෙදෙනා අතර ගැටළු රැසක් පැන නැගී ඇත.

ජයන්ත ධර්මදාසගේ වැඩ කිඩ..

වැඩිමලා වන ජයන්ත ධර්මදාස ප්‍රධාන වශයෙන් කරන්නේ නවලෝක රෝහල හා නවලෝක කන්ස්ට්‍රක්ෂන් සමාගම් ය. ඊට අමතරව ඔහු ක්‍රිකට් පාලක මණ්ඩලයේ වත්මන් උප සභාපතිවරයා ය. චිත්‍රපට සංස්ථාවේ ද හිටපු සභාපතිවරයෙකු වන ඔහු නළු නිළියන් අල්ලාගෙන සිනෙස්ටාර් පදනමක් ද පිහිටුවාගෙන වසරකට වරක් රිදී රැයක් නම් ප්‍රසංගයක් ද කරයි.

ජයන්ත ක්‍රිකට් ක්‍රීඩා කර නොමැති වුවද ඒ කාල වල සිටි ක්‍රීඩා ඇමැතිවරුන්ගේ අනුමැතිවය ඇතිව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධූරයටත් වත්මනේ උප සභාපති ධූරයටත් පත් වූයේ ය. එහෙත් ජයන්තට කලින් ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුල් පුටුව දැරීමට උපාලිට හැකි විය. ක්‍රිකට් පරිපාලනයේ දී ජයන්තට වඩා දක්ෂයෙකු වුවද උපාලි දැන් කාලයක් මුළුල්ලේ ක්‍රිකට් ආයතනයේ පස් පාගන්නේ වත් නැත. 

තමන් උප සභාපතිව සිටිය දී තම පෞද්ගලික සමාගම් වල ගණූදෙනු ආයතනය තුල කළ නොහැකි වුව ද ජයන්ත නවලෝක රෝහලේ PCR සහ වෙද හෙදකම් කටයුතු ක්‍රිකට් ආයතනය තුළ ද සිදු කරන්නේ Conflict of Interest යන්න තඹ දොයිතුවකට මායිම් නොකරමිනි. පසුගිය කාලයේ එල්පීඑල් හා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ PCR සියල්ල නවලෝක රෝහල හරහා සිදුකරමින් ඔහු කෝටි ගණනක් ඉපැයීය. ක්‍රිකට් භාණ්ඩ විකුණන තම හොඳම ගෝලයාට ක්‍රිකට් ආයතනයේ රැකියාවක් සකස් කර දී ආයතනයේ වාහනයක් හා රියැදුරෙක් ද ලබා දුන්නේ ය.

උපාලි ධර්මදාස සහ නවලෝක පොලිසැක්ස්..

උපාලි ධර්මදාස නවලෝක පොලිසැක්ස් නමින් පොලිසැක්ස් නිපදවන කර්මාන්ත ශාලාවක් ලංකාවේ අරඹන ලද්දේ බොහෝ කලකට පෙර ය. ඔහු එහි ශාඛාවක් 1999 දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර ගුවන් තොටුපොල නිදහස් වෙළඳ කලාපයේ ද ආරම්භ කළේ ය. (SAIF Zone)

එහි කර්මාන්ත ලයිෂන් අංකය 00570-03-03 විය. ආරම්භයේ සිටම එහි අධ්‍යක්ෂ සහ එම කර්මාන්ත ශාලාවේ බලධාරියා වූයේ උපාලි ය. එහෙත් 2003 දී උපාලිට බයිපාස් සැත්කමක් කිරීම හේතුවෙන් ඔහු තාවකාලිකව එහි කටුයුතු වලින් ඈත්ව සිටි අතර එම අවධියේ එම කර්මාන්ත ශාලාව බලා ගැනීම භාරගත් ජයන්ත එහි ප්‍රධාන මව් කොම්පැණියට ද නොදන්වා ඔහුගේ නම අධ්‍යක්ෂ ලෙස යොදා ගන්නා ලදී. සුව වූ පසු උපාලි මෙම වැරැද්ද නිවැරදි කරන ලෙස කිහිප වරක්ම ජයන්තට දැන්වූව ද ඔහු එසේ නොකළ නිසා උපාලිට නඩු පවරන්නට සිදුවිය.

ජයන්ත හීන් නූලෙන් ගැහූ ගේම..

මේ අතර කාලයේ ජයන්ත හීන් නූලෙන් නවලෝක පොලිසැක්ස් සාජා ශාඛාව නවලෝක පොලිසැක්ස් මව් සමාගමෙන් ඉවත්කර නම නවලෝක කන්ස්ට්‍රක්ෂන්ස් වෙත පවරා ගත්තේ ය. 

දෙදෙනා අතර සාජා උසාවියේ දී මෙම අයිතිය පිළිබඳ නඩුවේ දී උපාලිව චුදිතයෙකු කරන්නට සමත් වූ ජයන්ත ඒ අතර උපාලි වෙනත් රටකට යාමට ඩුබායි ගුවන් තොටුපොලට ගොඩ බසිද්දීම පොලිසියට ඔත්තුව දී උපාලිව අත් අඩංගුවට ගන්නට කටයුතු කෙළේය.

කෙසේ වෙතත් 2016/12/28 දින සාජා අධිකරණයෙන් ජයන්තට පක්ෂපාතීව ලබා දුන් අධිකරණ නියෝගයට එරෙහිව අබුඩාබිහි සුප්‍රීම් අධිකරණයට අභියාචනයක් උපාලි විසින් ඉදිරිපත් කරන්නට යෙදිණ.

නඩු නඩු..

එම ඉහළ අධිකරණය මගින් 2019 දෙසැම්බර් මස නියෝගයක් නිකුත් කරමින් සාජා අධිකරණය ලබා දුන් නියෝගය බල රහිත කරමින් ජයන්ත ව්‍යාජ ලෙස පත්‍රිකා සකස් කරමින් වංචනික ලෙස කටයුතු කර ඇතැයි නියෝගයක් නිකුත් කරන ලදී.

එම තීරණය අනුව ඒ අතරතුර කාලයේ ජයන්ත විසින් කර්මාන්ත ශාලාව මගින් උපයන ලද ඩිරාම් 5,27,2625 ක මුදල හා නඩු ගාස්තුව වූ ඩිරාම් 6000, ඇපීල් ගාස්තුව ඩිරාම් 57050 ක් උපාලිට ගෙවන මෙන් ද ජයන්තට නියෝග කෙරිණ. මෙම නියෝගය නිකුත් කෙරුණේ 2020 පෙබරවාරි 16 වැනි දා ය.

ඒ අනුව ජයන්ත විසින් උපාලිට ගෙවන්නට නියම කෙරුණු මුළු මුදල ඩිරාම් 5,34,0675 කි. එය ශ්‍රී ලංකා මුදලින් මේ වන විට රුපියල් 365,757,341 කි. එනම් රුපියල් කෝටි තිස් හතකි. 

මෙය ගෙවනු වෙනුවට ජයන්ත කෙළේ ලංකාවේ දිසා අධිකරණයේ අබුඩාබි අධිකරණ නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමයි. මෙම නඩුවද කලක තිස්සේ අසා දිසා අධිකරණය ලබා දුන් තීන්දුව වූයේ අබුඩාබි සුප්‍රීම් අධිකරණ නියෝගය ක්‍රියාත්මක වීම වැළැක්වීමට තමන්ට නොහැකි බවයි. ඒ අනුව ජයන්තට මෙම කෝටි 37 උපාලිට ගෙවීම අනිවාර්ය වුවත් එම මුදල නොගෙවා පැහැර හරිමින් සිටින ජයන්ත මෙම දිසා අධිකරණ තීන්දුවට ද අභියාචනයක් ඉදිරිපත් කරමින් තව දුරටත් උසාවිය මත යැපෙන්නට උත්සාහ කරයි.

පස් පෑගුවොත් ජයන්ත හිරේ..

කෙසේ වෙතත් මෙම මුදල අබුඩාබි අධිකරණ නියෝගය මත ගෙවන තෙක් ජයන්තට එක්සත් අරාබි එමීරයේ පස් පෑගිය නොහැකිය. පසුගිය වසරේ ඩුබායි හි පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය නැරඹීම සඳහා ක්‍රිකට් ආයතනයෙන් බුරුතු පිටින් විධායක නිලධාරීන් එහි යද්දී ජයන්ත පමණක් එහි නොගියේ මේ නිසා ය. යම් හෙයකින් මෙම මුදල නොගෙවා පැහැර හැර ජයන්ත එක්සත් අරාබි එමීරයට ගියහොත් එසැණින් අත් අඩංගුවට පත් වනු ඇත.

හැම විටම සුදු වතින් සැරසී සිටින ජයන්තගේ පොලු තැබීම් ව්‍යාපාරික ක්ෂේත්‍රය තුල තවත් පවතී. කේ මතිවානන් යනු ක්‍රිකට් ආයතනයේ හිටපු උප සභාපතිවරයෙකි. තම අතින් වියදම් කර ක්‍රිකට් ක්‍රීඩාවට සහයෝගය දක්වන්නෙකු ලෙස ප්‍රකට මොහු ඊස්ට් වෙස්ට් මාර්කටින් නමින් වෙළඳ ව්‍යාපාරයක් කරගෙන ගියේ ය. මතිවානන් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් මේට්ලන්ඩ් පෙදෙසේ කාර්යාලයට වී කාලය ගත කිරීම හේතුවෙන් ඊස්ට් වෙස්ට් සමාගම බංකොලොත් විය. මතිවානන් දස අතේ ණය කරුවෙකු වීම නිසා තම වෙළඳ ව්‍යාපාරය ජයන්ත ධර්මදාසට පවරා දීමට මතිවානන් කටයුතු කෙළේ ය. මිලියන 500 ක් පමණ වටිනාකමකින් යුත් සමාගම ජයන්ත මිල දී ගත්තේ මිලියන 200 ක් වැනි සොච්චම් මුදලකට ය. 

ජයන්ත මතිවානන්ගේ වෙළෙඳ ව්‍යාපාරය පවරාගෙන වසර ගණනාවක් ගොස් ඇතත් ඔහු තවත් මිලියන 50 ක් මතිවානන්ට ගෙවිය යුතුව තිබේ. තවමත් ජයන්ත කරන්නේ මතිවානන් රස්තියාදු කරමින් රම මුදල නොගෙවා පැහැර හැරීම ය.

සුදුවතින් සැරසුනු කළු චරිත අප රටේ එම සිටිති. ඒ බොහෝ දෙනාගේ චරිත ලක්ෂණ එක සමාන ය.

(දෙන ලද නඩු තීන්දු වල පිටපත් මෙහි දැක්වේ)

-විශේෂ ලියුම්කරුවෙකු විසිනි 

---------------------------
by     (2022-03-11 09:43:54)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links